යෙදුමෙන් කියවන්න

රාජසුත‍්තං

5. 4. 3. 8.

5. 4. 3. 8.

[රාජසුත‍්තං]

[රාජ සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

28. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ? අපි නු තුම‍්හෙහි, දිට‍්ඨං වා සුතං වා: “අයං පුරිසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොතීති, තමෙනං රාජානො ගහෙත්‍වා පාණාතිපාතා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී?”ති නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ, මයාපි ඛො එතං භික‍්ඛවෙ, නෙව දිට‍්ඨං න සුතං: ‘අයං පුරිසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොතී’ති. තමෙනං රාජානො ගහෙත්‍වා පාණාතිපාතා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී”ති.

28. මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරිස් පණිවා හැරපියා පණිවායෙන් දුරු වූයේ වේ යයි රජහු තෙල පුඟුල් ගෙණ පණිවා විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ තොප රටින් නෙරති හෝ යම් මැ රිසි දැයක් කෙරෙති හෝ යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ” යි. වහන්ස, තෙල කරුණ නැත් මැ ය. මහණෙනි, මැනැවි, මා විසිනුදු මහණෙනි, “මේ පුරිස්පණිවා හැරපියා පණිවායෙන් වැළැකියේ වේ ය”යි රජහු තෙල පුඟුල් ගෙණ පණිවායෙන් වැළැකීම් හේතුයෙන් නසති හෝ (දඟගෙහිලා) බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් කෙරෙති හෝ” යි තෙල කරුණ නොම දක්නා ලද, නො මැ අසන ලද.

අපි ච ඛ‍්වාස‍්ස තථෙව පාපකං කම‍්මං පවෙදයන‍්ති: “අයං පුරිසො ඉත්‍ථිං වා පුරිසං වා ජීවිතා වොරොපෙසි”ති. තමෙනං රාජානො ගහෙත්‍වා පාණාතිපාතහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්ති. අපි නු තුම‍්හෙහි එවරූපං දිට‍්ඨං වා සුතං වාති? දිට‍්ඨං ච නො භන‍්තෙ සුතඤ‍්ච සූයිස‍්සති චාති.

තවද ඔහු විසින් කළ ඒ පාපකර්‍මය “මෙ පුරුෂ තෙම ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කළැ” යි එසේ ම දන්වති. රජවරු එ පුඟුල්හු අල්වාගෙන ප්‍රාණඝාතහේතුයෙන් නසන්නාහු හෝ බඳනාහු හෝ රටින් නෙරනාහු හෝ යම් මැ රිසි වූ දැයක් කරන්නාහු හෝ වෙති. මෙ වැන්නක් තොප විසින් දකිනා ලද විරූ හෝ අසන ලද විරූ හෝ ඇත් දැ? යි. වහන්ස , අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් වෙයි. ඇසෙන්නේත් වේ ය යි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ? අපි නු තුම‍්හෙහි, දිට‍්ඨං වා සුතං වා: “අයං පුරිසො අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොතී’ති, තමෙනං රාජානො ගහෙත්‍වා අදින‍්නාදානා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී?”ති නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ, මයාපි ඛො එතං භික‍්ඛවෙ, නෙව දිට‍්ඨං න සුතං: “අයං පුරිසො අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොතී’ති. තමෙනං රාජානො ගහෙත්‍වා අදින‍්නාදානා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී”ති.

මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පරුෂ අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ යයි තෙල පුඟුල් රජහු අල්වාගෙන අයිනාදනින් වැළකීම් හේතුයෙන් නසා ලති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ රිසි පරිදි හෝ යමක් මැ කෙරෙත්” ය යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මැනැව මහණෙනි, “මේ පුරුෂයා අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල්හු අල්වාගෙන අයිනාදනින් විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් හෝ කෙරෙතැයි” තෙල මා විසිනුදු නොම දක්නා ලද, නො අසන ලදැ යි.

අපි ච ඛ‍්වාස‍්ස තථෙව පාපකං කම‍්මං පවෙදයන‍්ති: “අයං පුරිසො ගාමා වා අරඤ‍්ඤා වා අදින‍්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති තමෙනං රාජානො ගහෙත්‍වා අදින‍්නාදානහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්ති. අපි නු තුම‍්හෙහි එවරූපං දිට‍්ඨං වා සුතං වා?ති. දිට‍්ඨං ච නො භන‍්තෙ, සුතං ච සූයිස‍්සති චාති.

වැලිත් “මේ පුරුෂයා ගමින් වේ ව යි වලින් වේ ව යි ස්තෙය සඞ්ඛ්‍යාත අයින් (නුදුන් දැය) ගත්තේ ය” යි ඔහු විසින් කළ එ පාපකර්‍මය එ ලෙසින් ම දන්වති. රජහු ඔහු අල්වාගෙන අයිනාදන් හේතුයෙන් නසන්නාහ යි ද බඳනාහ යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරන්නාහ යි ද යන මෙ බඳු දැයෙක් තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් වේ ය යි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු තුම‍්හෙහි, දිට‍්ඨං වා සුතං වා: “අයං පුරිසො කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්‍වා කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී?”ති නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ, මයාපි ඛො එතං භික‍්ඛවෙ, නෙව දිට‍්ඨං න සුතං: “අයං පුරිසො කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්‍වා කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී හෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී”ති.

මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂයා කාමයෙහි මිසහසර හැරැපියා කාමයෙහි මිසහසරින් වැළකියේ වේ ය” යි රජහු එ පුඟුල් රැගෙන කාමයෙහි මිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමති දැයක් හෝ කෙරෙති” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, “මෙ පුරුෂයා කාමයෙහි මිථ්‍යාචාරය හැරපියා කාමමිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයෙන් නසති යි ද බඳිති යි ද රටින් නෙරති යි ද යථාප්‍රත්‍යයක් කරති” යි ද යන තෙල කරුණ මා විසිනුදු නො ම දක්නා ලද, නො ම අසන ලද.

අපි ච ඛ‍්වාස‍්ස තථෙව පාපකං කම‍්මං පවෙදයන‍්ති: “අයං පුරිසො පරිත්‍ථීසු පරකුමාරීසු චාරිත‍්තං ආපජ‍්ජී’ති. තමෙනං රාජානො ගහෙත්‍වා කාමෙසු මිච‍්ඡාචාරහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්ති. අපි නු තුම‍්හෙහි එවරූපං දිට‍්ඨං වා සුතං වා?”ති දිට‍්ඨං ච නො භන‍්තෙ, සුතං ච සූයිස‍්සති චාති.

වැලිදු “මෙ පුරුෂයා පරඹුන් කෙරෙහි පර කුමාරීන් කෙරෙහි මිථ්‍යාචාරයට පැමිණියේ යයි එ පරිද්දෙන් ම ඔහුගේ ඒ පාපකර්‍මය දන්වත්. රජවරු ඔහු ගෙණ කාමයෙහි මිථ්‍යාචාරහේතුයෙන් නසති යි හෝ කාරාගෘහයෙහි බඳනාහ යි හෝ රටින් නෙරණාහ යි හෝ කැමැති පරිදි කරන්නාහ” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් ඇතැයි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු තුම‍්හෙහි දිට‍්ඨං වා සුතං වා: “අයං පුරිසො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොතී’ති තමෙනං රාජා නො ගහෙත්‍වා මුසාවාදා වෙරමණී හෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී?”ති. නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ, මයාපි ඛො තං භික‍්ඛවෙ, නෙව දිට‍්ඨං න සුතං: “අයං පුරිසො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්‍වා මුසාවාදා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී”ති.

මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මුසුවා හැරපියා මුසවායෙන් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල් ගෙණ මුසවායෙන් විරමණප්‍රත්‍යයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති දැයක් හෝ කෙරෙති” යි දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, තොප විසින් “මෙ පුරුෂ මුසවාහැරපියා මුසවායෙන් වැළැකියේ වේ යයි රජහු ඔහු අල්වාගෙන මුසාවායෙන් විරමණප්‍රත්‍යයයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති පරිදි හෝ කෙරෙත්” ය යි මා විසිනුදු නො ම දක්නා ලද, නො අසන ලදැයි.

අපි ච ඛ‍්වාස‍්ස තථෙව පාපකං කම‍්මං පවෙදයන‍්ති: “අයං පුරිසො ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා මුසාවාදෙන අත්‍ථං භඤ‍්ජී”ති. තමෙනං රාජානො ගහෙත්‍වා මුසාවාදහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්ති. අපි නු තුම‍්හෙහි එවරූපං දිට‍්ඨං වා සුතං වා?ති. දිට‍්ඨං ච නො භන‍්තෙ, සුතං ච සූයිස‍්සති චාති.

වැලිදු “මෙ පුරුෂ ගෘහපතියකුගේ වේව යි ගෘහපතියක්හූගේ වේව යි මුසාවායෙන් අර්‍ත්‍ථය නසන ලදැ” යි ඔහුගේ එ පාපකර්‍මය එසේ ම දන්වත්. රජහු තෙල පුඟුල් ගෙණ මුසවාහේතුයෙන් නසති හෝ බඳිති හෝ නෙරවති හෝ යථාප්‍රත්‍යයයක් හෝ කරති යි මෙබඳු දැය තොප විසින් දක්නා ලද ද? අසන ලද දැ?යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේ ද වෙයි. අසන ලද්දේ ද වෙයි. ඇසෙන්නේ ද වේ ය යි.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු තුම‍්හෙහි දිට‍්ඨං වා සුතං වා: “අයං පුරිසො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං පහාය සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්‍වා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී?”ති. නො හෙතං භන‍්තෙ. සාධු භික‍්ඛවෙ, මයාපි ඛො එතං භික‍්ඛවෙ, නෙව දිට‍්ඨං න සුතං: “අයං පුරිසො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං පහාය සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්‍වා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණීහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්තී”ති.

මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මද පමා දෙකට කරුණු වූ රහමෙරපානය හැරපියා මද පමා දෙකට කරුණු වූ රහමෙරපානයෙන් වැළකියේ යැ යි මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකීම් හේතුයෙන් රජහු තෙල පුඟුල් ගෙණ නසත් ය යි ද බඳිත් ය යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරත්” ය යි ද යන තෙල කරුණ තොප විසින් දක්නා ලද ද? අසන ලද දැ?යි. වහන්ස, තෙල කරුණ නැති මැ ය. මැනැව, මහණෙනි, “මෙ පුරුෂ මද පමා දෙකට කරුණු වූ රහමෙර හැරපියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වේ ය යි රජහු ඔහු ගෙණ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණය හේතු කොට ගෙණ නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යථාප්‍රත්‍යයයක් හෝ කරති,” යි මහණෙනි, මා විසිනුදු තෙල නො ම දක්නා ලද. නො ම අසන ලද.

අපි ච ඛ‍්වාස‍්ස තථෙව පාපකං කම‍්මං පවෙදයන‍්ති: “අයං පුරිසො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං අනුයුත‍්තො ඉත්‍ථිං වා පුරිසං වා ජීවිතා වොරොපෙසි. අයං පුරිසො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං අනුයුත‍්තො ගාමා වා අරඤ‍්ඤා වා අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියී. අයං පුරිසො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං අනුයුත‍්තො පරිත්‍ථීසු පරකුමාරීසු චාරිත‍්තං ආපජ‍්ජි. අයං පුරිසො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං අනුයුත‍්තො ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා මුසාවාදෙන අත්‍ථං භඤ‍්ජී”ති. තමෙනං රාජානො ගහෙත්‍වා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානහෙතු හනන‍්ති වා බන්‍ධන‍්ති වා පබ‍්බාජෙන‍්ති වා යථාපච‍්චයං වා කරොන‍්ති. අපි නු තුම‍්හෙහි එවරූපං දිට‍්ඨං වා සුතං වා?ති. දිට‍්ඨං ච නො භන‍්තෙ, සුතං ච සූයිස‍්සති චාති.

වැලිත් මෙ පුරුෂ “මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි යෙදුනේ ස්ත්‍රියක වේව යි, පුරුෂයකු වේව යි, දිවියෙන් ගැළවී ය. මෙ පුරුෂයා මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙහි යෙදුනේ ගමින් වේව යි, වලින් වේව යි ස්තෙය සඞ්ඛාත වූ අයින් ගත්තේ වන. මෙ පුරුෂ මදප්‍රමාදකාරණ වූ සුරාමේරයපානයෙහි යෙදුනේ පරඹුන් කෙරෙහි පරකුමාරීන් කෙරෙහි මිසහසරට පැමිණියේ වන. මෙ පුරුෂ මදප්‍රමාදකාරණ වූ රහමෙර පානයෙහි නියැලියේ ගෘහපතියකුගේ වේව යි, ගෘහපතිපුත්‍රයකු වේ ව යි, මුසවායෙන් අර්‍ත්‍ථය බිඳී ය” යි ඔහුගේ පාපකර්‍ම එ ලෙසින් ම දන්වත්. මදප්‍රමාදස්ථාන සුරාමේරය හේතු කොට ගෙණ රජහු ඔහු අල්වාගෙන නසත් නම් හෝ බඳිත් නම් හෝ රටින් නෙරත් නම් හෝ යථාප්‍රත්‍යයයක් කරත් නම් හෝ තොප විසින් මෙබඳු කරුණෙක් දක්නා ලද ද? අසන ලද දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් ඇසෙන්නේත් වේ යැ යි.