යෙදුමෙන් කියවන්න

දුතිය සද‍්ධම‍්මසම‍්මොසසුත‍්තං

5. 4. 1. 5.

5. 4. 1. 5.

[දුතිය සද‍්ධම‍්මසම‍්මොසසුත‍්තං]

[දෙවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

5. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ධම‍්මා සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

5. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදහන පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛූ ධම‍්මං න පරියාපුණන‍්ති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. අයං භික‍්ඛවෙ, පඨමො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තති.

මහණෙනි, මෙ සස්නෙහි මහණහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ධර්‍මය ප්‍රගුණ නො කරත්. මහණෙනි, මේ ප්‍රථම ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන්වීම පිණිස පවත්නේය.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං න විත්‍ථාරෙන පරෙසං දෙසෙන‍්ති. අයං භික‍්ඛවෙ, දුතියො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට නො දෙසන්නාහ. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේය.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං න විත්‍ථාරෙන පරෙසං වාචෙන‍්ති. අයං භික‍්ඛවෙ, තතියො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය පරහට විස්තර විසින් වනපොත් නො කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන පිණිස පවත්නේය.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං න විත්‍ථාරෙන සජ‍්ඣායං කරොන‍්ති. අයං භික‍්ඛවෙ, චතුත්‍ථො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තර විසින් හැදෑරීම් නො කෙරෙත්. මහණෙනි, මෙ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං න චෙතසා අනුවිතක‍්කෙන‍්ති, අනුවිචාරෙන‍්ති, මනසානුපෙක‍්ඛන‍්ති. අයං භික‍්ඛවෙ, පඤ‍්චමො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ නො කරත්, අනුවිචාරණ නො කරත්. සිතින් අනුප්‍රේක්‍ෂණ නො කරත්. මහණෙනි, මෙ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිය අන්තර්‍ධානය පිණිස පවත්නේය.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ධම‍්මා සද‍්ධම‍්මස‍්ස සම‍්මොසාය අන‍්තරධානාය සංවත‍්තන‍්ති.

මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ධම‍්මා සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ කාරණයෝ පස් දෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවනු පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛූ ධම‍්මං පරියාපුණන‍්ති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. අයං භික‍්ඛවෙ, පඨමො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තති.

මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ශාස්තෘධර්‍මය ප්‍රගුණ කරත්. මහණෙනි, මේ පළමුවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අන්තර්‍ධාන නො වනු පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං දෙසෙන‍්ති, අයං භික‍්ඛවෙ, දුතියො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට දෙසති. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නේය.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන පරෙසං වාචෙන‍්ති. අයං භික‍්ඛවෙ, තතියො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට වනපොත් කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං විත්‍ථාරෙන සජ‍්ඣායං කරොන‍්ති. අයං භික‍්ඛවෙ, චතුත්‍ථො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙති. මහණෙනි, මේ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.

පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛූ යථාසුතං යථාපරියත‍්තං ධම‍්මං චෙතසා අනුවිතක‍්කෙන‍්ති අනුවිචාරෙන‍්ති මනසානුපෙක‍්ඛන‍්ති. අයං භික‍්ඛවෙ, පඤ‍්චමො ධම‍්මො සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තති.

තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කරත්, අනුවිචාරණය කරත්, සිතින් අනුප්‍රේක්‍ෂා කරත්. මහණෙනි, මේ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ධම‍්මා සද‍්ධම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය අනන‍්තරධානාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, මෙ පස්දෙන සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.