යෙදුමෙන් කියවන්න

පඨම ආයුස‍්සසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 3. 3. 5.

5. 3. 3. 5.

[පඨම ආයුස‍්සසුත‍්තං]

[ප්‍රථම අනායුස්සා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

25. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා අනායුස‍්සා. කතමෙ පඤ‍්ච:

25. මහණෙනි, මේ අනායුෂ්‍ය (දායු හිතනොවු) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:

අසප‍්පායකාරී හොති, සප‍්පායෙ මත‍්තං න ජානාති, අපරිනතභොජී ච හොති, අකාලචාරි ච හොති, අබ්‍රහ‍්මචාරී ච. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා අනායුස‍්සා.

අසත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දන්නේ ය, අපරිණත භෝගී (ගත් අහර නොදිරූ කල්හි අනුභව කරන්නේ) ද වෙයි, නොකල්හි සැරිසරණුයේ වෙයි, බ්‍රම්සර නැතියේ ද වෙයි. මහණෙනි ,මේ අනායුෂ්‍යධර්‍ම පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා ආයුස‍්සා. කතමෙ පඤ‍්ච:

මහණෙනි මේ ආයුෂ්‍ය (අයුෂට හිතකර) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:

සප‍්පායකාරී හොති, සප‍්පායෙ මත‍්තං ජානාති, පරිනතභොජී ච හොති, කාලචාරි ච හොති, බ්‍රහ‍්මචාරි ච. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා ආයුස‍්සා ති.

සත්ප්‍රායකාරී වේ, සත්ප්‍රායයෙහි මාත්‍රා දන්නේ ය, පරිණතභෝජි ද වෙයි, කල්හි හැසිරෙණුයේ ද වෙයි, බ්‍රම්සර ඇතියේ ද වෙයි. මහණෙනි ,මේ ආයුෂ්‍ය ධර්‍ම පස යි.

5. 3. 3. 6.

5. 3. 3. 6.

[දුතිය ආයුස‍්සසුත‍්තං]

[ද්විතීය අනායුස්සා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

26. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා අනායුස‍්සා. කතමෙ පඤ‍්ච:

26. මහණෙනි, මේ අනායුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්,

අසප‍්පායකාරී හොති, සප‍්පායෙ මත‍්තං න ජානාති, අපරිනතභොජී ච හොති, දුස‍්සීලො ච, පාපමිත‍්තො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා අනායුස‍්සා.

අසත්ප්‍රායකාරි වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දනී, අපරිණතභෝජි ද වෙයි, දුශ්හීල ද වෙයි, පවිටු මිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ අනායුෂ්‍යධර්‍ම පස යි.

පඤ‍්චිමෙ භික‍්ඛවෙ ධම‍්මා ආයුස‍්සා, කතමෙ පඤ‍්ච:

මහණෙනි, මෙ අයුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:

සප‍්පායකාරී හොති, සප‍්පායෙ මත‍්තං ජානාති, පරිනතභොජී ච හොති, සීලවා ච, කල්‍යාණමිත‍්තො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධම‍්මා ආයුස‍්සා ති.

සත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි පමණ දනී, පරිණතභෝජි ද වෙයි, සිල්වත් ද වෙයි, කලණමිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ ආයුෂ්‍ය ධර්‍ම පසයි.