පච්ඡාසමණසුත්තං
5. 3. 2. 2.
5. 3. 2. 2.
[පච්ඡාසමණසුත්තං]
[පච්ඡාසමණ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
12. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො න ආදාතබ්බො. කතමෙහි පඤ්චහි:
12. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත පසුමහණ (උවටැන් සඳහා තමා කැටුව යන මහණ සේ) නො ගත යුත්තේය. කවර පසෙකින් යත්:
අතිදූරෙ වා ගච්ඡති අච්චාසන්නෙ වා, න පත්තපරියාපන්නං ගණ්හාති, ආපත්තිසාමන්තා භණමානං න නිවාරෙති, භණමානස්ස අන්තරන්තරා කථං ඔපාතෙති, දුප්පඤ්ඤො හොති ජළො එළමූගො.
ඉතා දුරෙහි හෝ යෙයි, අත්‍යාසන්නයෙහි හෝ යෙයි, පාත්රපර්ය්යාපන්නය (පාත්‍රයෙන් දුන් දැය) නො ගන්නේ වෙයි. ආපත්ති සාමන්ත කොට (ඇවැත් වියහැකි) වචන බණනුවහු (මෙබඳු බස් නො කිය යුතුයයි) නො වළහන්නේ ය. ඔහු (උවදෑ තෙරුන්) බෙණෙත් ම අතරතුරැ කථා හෙලණුයේ වෙයි. ජඩ (බුද්ධි රහිත) වූයේ කෙළතොලු වූයේ දුස්ප්‍රාඥ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො න ආදාතබ්බො.
මහණෙනි, මේ ධර්ම පසින් සමන්වාගත පසුමහණ නො ගත යුත්තේ ය.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො ආදාතබ්බො. කතමෙහි පඤ්චහි:
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත පසුමහණ ගතයුතු වෙයි. කවර පසෙකින් යත්:
නාතිදූරෙ ගච්ඡති න අච්චාසන්නෙ, පත්තපරියාපන්නං ගණ්හාති, ආපත්තිසාමන්තා භණමානං නිවාරෙති, භණමානස්ස න අන්තරන්තරා කථං ඔපාතෙති, පඤ්ඤවා හොති අජළො අනෙළමූගො.
ඉතා දුරෙහි නොයෙයි, ඉතා ආසන්නයෙහි නොයෙයි. පාත්රපර්ය්යාපන්නය ගන්නේය. ආපත්ති සාමන්ත කොට බණන්නහු වළහන්නේ ය. ඔහු බණත් ම අතරතුර කථා නො හෙළන්නේය. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රාඥ (නැණවත්) වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො ආදාතබ්බොති.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්වාගත පසුමහණ ගතයුතු වෙයි.
5. 3. 2. 3.
5. 3. 2. 3.
[සම්මාසමාධිසුත්තං]
[සම්මාසමාධි සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
13. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුං. කතමෙහි පඤ්චහි:
13. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වාස කරන්නට අභව්‍ය (නුසුදුසු) වෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නො සහනේ වෙයි. ගන්ධයන් නො සහනේ වෙයි. රසයන් නො සහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නො සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි ඇලුනේ වෙයි.)
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතතො භික්ඛු අභබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුං.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වෙසෙනුවට අභව්‍ය වෙයි.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුං. කතමෙහි පඤ්චහි:
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වාසකරණුවට භව්‍ය වෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් සහනේ වෙයි. ශබ්දයන් සහනේ වෙයි. ගන්ධයන් සහනේ වෙයි. රසයන් සහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි නො ඇලුනේ වෙයි.)
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුන්ති.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්වාගත මහණ සම්‍යක්සමාධියට එළඹ වසන්නට භව්‍ය වෙ යි.