කකුධසුත්තං
5. 2. 5. 10.
5. 2. 5. 10.
[කකුධසුත්තං]
[කකුධ සූත්‍රය]
50. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කකුධො නාම කොලියපුත්තො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාවපටිලාභො හොති: සෙය්යථාපි නාම ද්වෙ වා තීණිවා මාගධකානි ගාමක්ඛෙත්තානි. සො තෙන අත්තභාවපටිලාභෙන නෙවත්තානං නො පරං ව්යාබාධෙති.
50. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන තෙරණුවන්ගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්‍ර නොබෝ දිනෙකින් කලුරිය කෙළේ අන්‍යතර මනෝමයදේවනිකායේක්හි උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ අත්මභාව (ශරීර) ප්‍රතිලාභයෙක් වෙයි. එනම්: මගධදේශයට අයත් ග්‍රාමක්‍ෂේත්‍ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එ පමණ වූවෙකි. හේ එ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමා වේවයි මෙරමා වේවයි නො මැ පෙළයි.
අථ ඛො කකුධො දෙවපුත්තො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො කකුධො දෙවපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි “අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී” ති. සහචිත්තුප්පාදා ච භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනො”ති. ඉදමවොච කකුධො දෙවපුත්තො ඉදං වත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
ඉක්බිති කකුධ දේවපුත්‍ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි කකුධදෙවපුත්ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන්හට තෙල කී ය: “වහන්ස, දෙව්දතුනට ‘මම බික් සඟුන් පිළිදගුම්ව’යි යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදය හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ”යි කකුධදෙවපුත්ර මෙය කී ය. මෙය කියා ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච:
එකළ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
“කකුධො නාම භන්තෙ, කොලියපුත්තො මමං උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාව පටිලාභො හොති: සෙය්යථාපි නාම ද්වෙ වා තීණි වා මාගධකානි ගාමක්ඛෙත්තානි. සො තෙන අත්තභාවපටිලාභෙන නෙවත්තානං නො පරං ව්යාබාධෙති. අථ ඛො භන්තෙ කකුධො දෙවපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භන්තෙ කකුධො දෙවපුත්තො මං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති සහචිත්තුප්පාදා ච භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනො’ති. ඉදමවොච භන්තෙ, කකුධො දෙවපුත්තො. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි”ති.
“වහන්ස, මාගේ උපස්ථායක වූ කකුධ නම් කෝලියපුත්‍ර නොබෝදා කලුරිය කෙළේ අන්‍යතර මනෝමයකායයෙක්හි උපන. ඔහුගේ ආත්මභාවප්‍රතිලාභය මගධ දෙශීය ග්‍රාමක්‍ෂේත්‍ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එපමණ වූයේ වෙයි. හේ ඒ අත්බැවින් තමා හෝ මෙරමා නො මැ පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දේවපුත්‍ර මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. වහන්ස, එකත්පස්ව සිටි කකුධ දේවපුත්‍රයා මට තෙල කරුණ කී ය: වහන්ස, දේවදත්ත හට ‘මම බික්සඟුන් පරිහරණය කෙරෙමි’ යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදයාගේ උපත් හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ යි. වහන්ස, කකුධදේවපුත්රයා මෙය කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ” යයි.
කිං පන තෙ මොග්ගල්ලාන, කකුධො දෙවපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො. යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථාති?
මුගලන කිමෙක, තා විසින් කකුධදේවපුත්රයා සියසිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලද ද: ‘යමක් කකුධ දේවපුත්‍රයා කියා නම්’ එ හැම අන් පරිද්දෙකින් නොව එපරිද්දෙන් මැ වේ ය’ යි කියා යි.
“චෙතසා චෙතො පරිච්ච විදිතො මෙ භන්තෙ කකුධො දෙවපුත්තො. යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා”ති. රක්ඛස්සෙතං මොග්ගල්ලාන වාචං. ඉදානි සො මොඝපුරිසො අත්තනාව අත්තානං පාතුකරිස්සතීති.
වහන්ස, “කකුධ දේවපුත්‍ර යමක් කියා නම්, එ හැම එපරිදි මැ වෙයි. අන්පරිදි නො වේ ය”යි ම විසින් මා සිතින් ඹහු සිත පිරිසිඳ කකුධ දේවපුත්‍ර දන්නා ලද්දේ ය. මුගලන, තෙල බස රකුව. දැන් එ (දේවදත්ත) මෝඝපුරුෂයා තෙමේ මැ තමා පළ කරන්නේ ය යි.
පඤ්චිමෙ මොග්ගල්ලාන සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච:
මුගලන, ලොව්හි මේ ශාස්තෲහු පස් දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර පස් දෙනක යත්:
ඉධ මොග්ගල්ලාන, එකච්චො සත්තා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථන්නු මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සතී”ති. එවරූපං ඛො පන මොග්ගල්ලාන, සත්ථාරං සාවකා සීලතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසති. (1)
මුගලන, මෙ ලොව්හි අන්‍යතර ශාස්තෘයෙක් නොපිරිසිදු සිල් ඇතියේ මැ “පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, අසංක්ලිෂ්ට ය”යි ප්‍රතිඥා කරයි. ශ්‍රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ශීල ඇතියේ මැ ‘පරිශුද්ධ ශීලයෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. අපිදු වනාහි එ බව් ගිහීනට සැළ කරමෝ නම්, ඔහට එ මනාප නොවන්නේ ය. යම් කිසිවක් ඔහට අමනාප වේ නම්, අපි කිසෙයින් නම් එය කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ ද, එයින් හේ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ස්ථරහු ශීලයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ගෙන් ශීල හේතුයෙන් ආරක්ෂාව පතන්නේ ය. (1)
පුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති, පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨොති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති, පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨොති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථන්නු මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සතී”ති. එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ආජීවතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසති. (2)
තවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් නො පිරිසිදු ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි ප්‍රතිඥා කෙරෙයි. ශ්‍රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි පිළින කෙරෙයි. අපිදු එබව් ගිහියනට සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බුහුමන් කෙරේ මැයි. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මෑ එයින් පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෲහු ආජීවයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන්ගෙන් ආජීවහේතුයෙන් ආරක්ෂාව පතයි. (2)
පුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති, පරිසුද්ධො මෙ ධම්මදෙසනා පරියොදාතා අසංකිලිට්ඨාති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති, පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨාති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථන්නු තං මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති, තුමොව තෙන පඤ්ඤායිස්සති”ති. එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසති (3)
තවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් අපරිශුද්ධ ධර්මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්ම දේශනා ඇතියෙමි, මාගේ ධර්මදේශනාව පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. සව්වෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ධර්මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්මදේශනා ඇතියෙමි, මාගේ ධර්මදේශනාව පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය’යි පිළින කරයි. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට චීවරපිණ්ඩපාතශයනාසන-ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් බුහුමන් කෙරේ මැයි. යමක් තෙමේ කෙරේ නම්, එයින් හෙ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ස්ථරහු ධර්මදේශනා හේතුයෙන් රක්නාහ. මෙ බඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන් වෙතින් ධර්මදේශනා හේතුයෙන් රක්ෂා පතන්නේ ය. (3)
පුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරිදොතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම,
තවද මුගලන, මෙලොවිහි ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ව්‍යාකරණ (කථා) ඇත්තේ මැ ‘පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්‍යාකරණය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. ශ්‍රාවකයෝ තෙල පුඟුල්හු ‘මෙ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ව්‍යාකරණ ඇතියේ මැ පිරිසිදු ව්‍යාකරණ ඇතියෙමි, මාගේ ව්‍යාකරණය පිරිසිදු ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටිය’යි පිළින කරයි. ඉදින් අපිදු මෙබව් ගිහිනට සැළ කරමෝ නම්,
නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථන්නු තං මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති, තුමොව තෙන පඤ්ඤායිස්සතී”ති. එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසති. (4)
ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කෙසේ නම් අපි ඔහු එයින් කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මැ එයින් පැණෙන්නේ ය”යි. මුගලන, මෙබඳු ස්ථරහු සව්වෝ ව්‍යාකරණහේතුයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් වෙතින් ව්‍යාකරණ හේතුයෙන් රක්ෂණය පතයි. (4)
පුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසංකිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථන්නු තං මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති, තුමොව තෙන පඤ්ඤායිස්සති”ති. එවරූපං ඛො මොග්ගල්ලාන, සත්ථාරං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසති (5)
තවද මුගලන, මෙලොව්හි, ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ඥානදර්ශන ඇතියේ මැ ‘පිරිසිදු ඥානදර්ශන ඇතියෙමි, මාගේ ඥානදර්ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. තෙල පුඟුල්හු සව්වෝ මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපිරිශුද්ධ ඥානදර්ශන ඇතියේ මැ ‘පරිශුද්ධ ඥානදර්ශන ඇතියෙමි, මාගේ ඥානදර්ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කරන්නේ ය. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කෙසේ නම් අපි ඔහු එයින් කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසද් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ නම්, හේ තෙමේ මැ එයින් පළට වන්නේ ය”යි. මෞද්ගල්‍යායනය, මෙබඳු ස්ථරහු ශ්‍රාවකයෝ ඥානදර්ශන හේතුයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන් වෙතින් ඥානදර්ශන හේතුයෙන් රක්ෂණය පතයි. (5)
ඉමෙ ඛො මොග්ගල්ලාන, පඤ්ච සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
මෞද්ගල්‍යායනය, මේ ශාස්තෲහු පස් දෙන ලොව්හි විද්‍යාමාන වෙත් මැයි.
අහං ඛො පන මොග්ගල්ලාන, පරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාමි, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා සීලතො රක්ඛන්ති. න චාහං සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසාමි.
මුගලන, මම පිරිසිදු සිල් ඇතියෙම් ම “පිරිසිදු සිල් ඇතියෙම් වෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කෙරෙමි. සව්වෝ මා ශීලයෙන් නො රක්නාහ. මම ද සව්වන් වෙතින් ශීලහේතුයෙන් රක්ෂණය නො පතමි.
පරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාමි, පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨොති. න ච මං සාවකා ආජීවතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසාමි.
පිරිසිදු ආජීව ඇතියෙම් මැ “පාරිශුද්ධාජීවයෙම් වෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. සව්වෝ ද, මා ආජීවහේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් වෙතින් ආජීවහේතුයෙන් රක්ෂා නො පතමි.
පරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙනොම්හීති පටිජානාමි, පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨාති. න ච මං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසාමි.
පිරිසිදු ධර්මදේශනා ඇතියෙම් මැ “පරිශුද්ධධර්මදේශනා ඇතියෙම් වෙමි, මාගේ ධර්මදේශනා පරිශුද්ධ ය, පර්ය්යාවදාතය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. ශ්‍රාවකයෝ මා ධර්මදේශනා හේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් වෙතින් ධර්මදේශනා හේතුයෙන් රක්ෂා නො පතමි.
පරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාමි, පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. න චාහං සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසාමි.
පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් මැ “පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්‍යාකරණය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. සව්වෝ ද මා ව්‍යාකරණහේතුයෙන් නො රක්නාහ. මම ද සව්වන් වෙතින් ව්‍යාකරණහේතුයෙන් රක්ෂා නො පතමි.
පරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාමි, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසංකිලිට්ඨන්ති. න ච මං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසාමීති.
පරිශුද්ධඥානදර්ශන ඇතියෙම් මැ “පරිශුද්ධඥානදර්ශන ඇතියෙම් වෙමි, මාගේ ඥානදර්ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසක්ලිෂ්ට ය”යි පිළින කරමි. ශ්‍රාවකයෝ මා ඥානදර්ශනහේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් කෙරෙන් ඥානදර්ශනහේතුයෙන් රක්ෂා නො පතමි යි.
කකුධවග්ගො පඤ්චමො.
කකුධ වර්ගය පස්වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
ද්වෙ සම්පදා වියාකරණං ඵාසුකුප්පෙන පඤ්චමං සුතං කතා අරඤ්ඤෙන සීහො ච කකුධො දසාති.
සම්පදා සූත්‍ර දෙකෙක, ව්‍යාකරණ සූත්‍රය, ඵාසුවිහාර සූත්‍රය, අකුප්ප සූත්‍රය, සුතධර (දෙවන අකුප්ප) සූත්‍රය, කථා (තෙවන අකුප්ප) සූත්‍රය, අරඤ්ඤක (සිවුවන අකුප්ප) සූත්‍රය, සිංහ සූත්‍රය, කකුධ සූත්‍රය දැයි සූත්‍රයෝ දශ දෙනෙක.
දුතියං පණ්ණාසකං නිට්ඨිතං.
ද්විතීය පණ්ණාසකය නිමියේ ය.