සීහසුත්තං
5. 2. 5. 9.
5. 2. 5. 9.
[සීහසුත්තං]
[සීහ සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
49. සීහො භික්ඛවෙ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති. විජම්භිත්වා සමන්තා චතුද්දිසං අනුවිලොකෙති. සමන්තා චතුද්දිසං අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනනාදං නදිත්වා ගොචරාය පක්කමති.
49. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් කාලයෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසස්ථානයෙන් නික්මැ වජඹනේ (කය පොළා වෙරගන්නේ) ය. වැජැඹැ හාත්පස සිවුදිගුන් අනුවිලෝකනා කරන්නේ ය. වටා සිවුදිගුන් නහමා තුන්යලක් සිංහනාද කරන්නේ ය. තෙවිටක් සිංහනාද කොට ගොදුරු සඳහා නික්මැ යෙයි.
සො හත්ථිස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං මහිසස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. ගවස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. දීපිස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. ඛුද්දකානං චෙපි පාණානං පහාරං දෙති අන්තමසො සසබිළාරානම්පි, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. තං කිස්ස හෙතු? මා මෙ යොග්ගපථො නස්සාති.
හේ ඇතක්හට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. මිහිවකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නොදෙයි. ගවයකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. දිවියකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. ක්ෂුද්රක ප්‍රාණීනට නමුදු පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. යටත් පිරිසෙයින් සා බළලුනට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. කවර හෙයින යත්: මාගේ යෝග්යපථය (අභ්යාසමාර්ගය) නහමක් නසීවයි.
සිහොති ඛො භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධස්ස. යං ඛො භික්ඛවෙ තථාගතො පරිසාය ධම්මං දෙසෙති, ඉදමස්ස හොති සීහනාදස්මිං.
මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට තෙල නමෙකි. මහණෙනි, තථාගතයෝ පර්ෂද්හි දහම් දෙසති යන යමෙක් වේ නම්, මෙ ඔවුන්ගේ සිංහනාද වෙයි.
භික්ඛූනං චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. භික්ඛුනීනං චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති. සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. උපාසකානං චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. උපාසිකානඤ්චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. පුථුජ්ජනානඤ්චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති අන්තමසො අන්නහාරනෙසාදානම්පි, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. තං කිස්ස හෙතු? ධම්මගරු භික්ඛවෙ තථාගතො ධම්මගාරවොති.
මහණෙනි, භික්ෂූනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, මෙහෙණනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ උවසුවනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් උවැසියනට ද තථාගතයෝ දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ පුහුදුනට ද යටත් පිරිසෙයින් අන්නහාර (තෘණහාරකයනට) හා ලිහිණිවැද්දනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, තථාගතයෝ ධර්මය ගුරු කොට ඇතියහ. ධර්ම ගෞරව ඇතියහ.