යෙදුමෙන් කියවන්න

තතියඅකුප‍්පසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 2. 5. 7.

5. 2. 5. 7.

[තතියඅකුප‍්පසුත‍්තං]

[තෙවන අකුප්ප සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

47. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආනාපානසතිං භාවෙන‍්තො න චිරස‍්සෙව අකුප‍්පං පටිවිජ‍්ඣති. කතමෙහි පඤ‍්චහි:

47. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අප‍්පට‍්ඨො හොති අප‍්පකිච‍්චො සුභරො සුසන‍්තොසො ජීවිතපරික‍්ඛාරෙසු. අප‍්පාහාරො හොති අනොදරිකත‍්තං අනුයුත‍්තො. අප‍්පමිද‍්ධො හොති ජාගරියං අනුයුත‍්තො. යායං කථා ආභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා-සෙය්‍යථීදං? අප‍්පිච‍්ඡකථා -පෙ- එවරූපාය කථාය නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. යථාවිමුත‍්තං චිත‍්තං පච‍්චවෙක‍්ඛති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පසමාරම්භ වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. කෙලෙස් ලියා ලන චිත්තවිවරණයට සත්ප්‍රාය වන අප්පිච්ඡකථා ... (සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා) යන යම් දස කථායෙක් වේ නම්, එබඳු කථා කැමැතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආනාපානසතිං භාවෙන‍්තො න චිරස‍්සෙව අකුප‍්පං පටිවිජ‍්ඣතී’ති.

මහණෙනි, මෙ කරුණුපසින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.

5. 2. 5. 8.

5. 2. 5. 8.

[චතුත්‍ථ අකුප‍්පසුත‍්තං]

[සිවුවන අකුප්ප සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

48. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආනාපානසතිං බහුලීකරොන‍්තො නචිරස‍්සෙව අකුප‍්පං පටිවිජ‍්ඣති. කතමෙහි පඤ‍්චහි?

48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කරණුයේ අර්‍හත්ත්‍වය පිළිවිදිනේ ය. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පට‍්ඨො හොති අප‍්පකිච‍්චො සුභරො හොති සුසන‍්තොසො ජීවිතපරික‍්ඛාරෙසු. අප‍්පාහාරො හොති අනොදරිකත‍්තං අනුයුත‍්තො. අප‍්පමිද‍්ධො හොති ජාගරියං අනුයුත‍්තො. ආරඤ‍්ඤකො හොති. පන‍්තසෙනාසනො. යථාවිමුත‍්තචිත‍්තං පච‍්චවෙක‍්ඛති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිත පරිෂ්කාරයෙහි මොනොවට සතුටු වූයේ අල්පසමාරම්භ ඇති වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. අරණෙහි වසන සුලුයේ ප්‍රාන්තශයනාසන ඇතියේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආනාපානසතිං බහුලීකරොන‍්තො න චිරස‍්සෙව අකුප‍්පං පටිවිජ‍්ඣතීති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කොට වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.