දුතියඅකුප්පසුත්තං
5. 2. 5. 6.
5. 2. 5. 6.
[දුතියඅකුප්පසුත්තං]
[දෙවන අකුප්ප සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
46. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං ආසෙවන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣති. කතමෙහි පඤ්චහි:
46. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මහණ ආනාපානසතිය සෙවුනේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අප්පට්ඨො හොති අප්පකිච්චො සුභරො සුසන්තොසො ජීවිතපරික්ඛාරෙසු. අප්පාහාරො හොති අනොදරිකත්තං අනුයුත්තො. අප්පමිද්ධො හොති ජාගරියං අනුයුත්තො. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසාන කල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර (පෝෂණයට පහසු) වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පවූ ක්‍රියා සමාරම්භ ඇතියේ වෙයි. අනෞදරිකත්‍වයෙහි (අහරෙහි නොගිජු බැව්හි) යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි (නිදිවැරීමෙහි) යෙදුනේ අල්පමිද්ධ වෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය (රැස්කරගත් ශ්‍රැත) ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්ත්ථ සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මැනැවින් කියත් ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා කෙරෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං ආසෙවන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣතීති.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්වාගත මහණ ආනාපානසතිය ඇසුරු කරණුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.