යෙදුමෙන් කියවන්න

ථෙරසුත‍්තං

5. 2. 4. 8.

5. 2. 4. 8.

[ථෙරසුත‍්තං]

[ථේර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

38. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු බහුජනාහිතාය පටිපන‍්නො හොති, බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. කතමෙහි පඤ‍්චහි:

38. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව් මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර පසෙකින යත්:

ථෙරො හොති රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතො. ඤාතො හොති යසස‍්සී ගහට‍්ඨපබ‍්බජිතානං බහුජනපරිවාරො. ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ‍්ජනා කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. මිච‍්ඡාදිට‍්ඨිකො හොති විපරීතදස‍්සනො. සො බහුජනං සද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වා අසද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙති. ථෙරො භික‍්ඛු රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතොතිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. ඤාතො ථෙරො භික‍්ඛු යසස‍්සී ගහට‍්ඨපබ‍්බජිතානං. බහුජනපරිවාරොතිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. ලාභී ථෙරො භික‍්ඛු චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්තිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. බහුස‍්සුතො ථෙරො භික‍්ඛු සුතධරො සුතසන‍්නිචයොතිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති.

චිරරාත්‍රඥ, පැවිදි බොහෝ කල් ඇති, (වටාලා හුනුබවට නොවැටෙනුයෙන් සස්නෙහි) ස්ථිරභාවයට පැමිණියේ වෙයි. ගිහි-පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බහුජනපරිවාර ඇතියේ ද වෙයි. සිවුරුපිඬුවාසෙනසුන් බෙහෙසත් පිරිකර ලබන සුල්ලේ ද වෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතියේ ශ්‍රැතධර වූයේ, සන්නචිත ශ්‍රැත ඇතියේ, යම් ඒ ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ වූවාහු, සව්‍යඤ්ජන වූවාහු කේවල පරිපූර්‍ණ වූ පිරිසිදු බඹසර ප්‍රකට කොට කියත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු, දරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. විපරීත දර්‍ශන ඇතියේ මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ බොහෝ දෙන සදහමින් නංවා අසද්ධර්‍මයෙහි පිහිටුවයි. ‘මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත ස්ථිර පැවිදි නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘මහණ ගිහිපැවිද්දන් විසින් අභිඥාත යශස්වී වූ බොහෝ දෙන පිරිවර කොට ඇති ස්ථවිර නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්. ‘තෙර මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘බහුශ්‍රුත වූ ශ්‍රැතධර වූ ශ්‍රැතසන්නිචය ඇති ස්ථවිර මහණෙකැ’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු බහුජනාහිතාය පටිපන‍්නො හොති බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු බහුජනහිතාය පටිපන‍්නො හොති බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙවි මිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි. කවර ධර්‍මපසෙකින යත්:

ථෙරො හොති රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතො. ඤාතො හොති යසස‍්සී ගහට‍්ඨපබ‍්බජිතානං බහුජනපරිවාරො. ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ‍්ජනාකෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සම‍්මාදිට‍්ඨිකො හොති අවිපරීතදස‍්සනො.

චිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත ස්ථිර මහණෙක් වෙයි. ගිහි පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බොහෝ පිරිවර ඇත්තේ වෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ද වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධරවූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ ද වෙයි. යම් ඒ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට කියත් නම්, එ බඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. අවිපරීතදර්‍ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.

සො බහුජනං අසද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වා සද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙති. ථෙරො භික‍්ඛු රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතොතිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. ඤාතො ථෙරො භික‍්ඛු යසස‍්සී ගහට‍්ඨපබ‍්බජිතානං බහුජනපරිවාරොතිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති. ලාභී ථෙරො භික‍්ඛු -පෙ- බහුස‍්සුතො ථෙරො භික‍්ඛු සුතධරො සුතසන‍්නිචයොතිපිස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති.

හේ බොහෝදෙන අසද්ධර්‍මයෙන් නංවා සද්ධර්‍මයෙහි පිහිටුවයි. චිරරාත්‍රඥ, චිර ප්‍රව්‍රජිත ස්ථිර මහණැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට ද පැමිණෙත්. ‘ස්ථවිර මහණ ගිහි පැවිද්දන් විසින් ඥාත ය, යශස්වී ය, බහුජනපරිවාර ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘ස්ථවිර මහණ ... ලාභී ය, ‘ස්ථවිර මහණ බහුශ්‍රුත ය ශ්‍රැතධර ය ශ්‍රැතසන්නිචය ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු බහුජනහිතාය පටිපන‍්නො හොති බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දේවමනුෂ්‍යයනට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි.