යෙදුමෙන් කියවන්න

සීලසුත‍්තං

5. 2. 4. 7.

5. 2. 4. 7.

[සීලසුත‍්තං]

[සීල සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

37. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ‍්චහි:

37. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින යත්:

සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ‍්ජනා කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. කල්‍යාණවාචො හොති කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි භය දක්නාසුලු වූයේ වාස කරයි. සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ සන්නිවිත ශ්‍රැත ඇතියේ වෙයි. යම් ඒ ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ වූවාහු මධ්‍යකල්‍යාණ වූවාහු පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට පවසත් නම්, එ බඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, ධරණ ලද්දාහු, වචනයෙන් පරිචිත වූවාහු, මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු, ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. කලණවදන් ඇතියේ කල්‍යාණවාක්කරණ ඇතියේ පිරිපුන් වූ අපළිබුද්ධ වූ නිදොස් වූ අර්‍ත්‍ථය හඳුන්වන වචනයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අධිචිත්තයෙහි උපදනා දිටුදැමියෙහි සුඛවිහරණ වූ සතරධ්‍යානයන් රිසි සේ ලබනුයේ සුවසේ ලබනුයේ විපුල කොට ලබනුයේත් වෙයි. ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥා විමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.

මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි.