කුහක සුත‍්තං
5. 2. 4. 3.
5. 2. 4. 3.
[කුහක සුත‍්තං]
[කුහක සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
33. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං අප‍්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි පඤ‍්චහි?
33. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
කුහකො ච හොති, ලපකො ච, නෙමිත‍්තිකො ච, නිප‍්පෙසිකො ච, ලාභෙන ලාභං නිජිගිංසිතා ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං අප‍්පියො ච හොති අමනාපොච අගරු ච අභාවනීයො චා’ති.
(ත්‍රිවිධකුහනවස්තුයෙන් යුත්) කුහකයෙක් ද වෙයි. (ලාභනිඃශ්‍රිතසමුල්ලපනායෙන්) ලපක (උසස් කොට බිණුම් ඈ විසින් බණනුයේ) ද වෙයි. (ප්‍රත්‍යය සඳහා කරණ කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත) නිමිති ඇතියේ ද වෙයි. (ලාභසත්කාර සඳහා කරණ) නිෂ්පෙෂණකථා (නොහමියෙ හි පරා ගුණ සුණු කරණ කථා) ඇතියේ ද වෙයි. ලාභයෙන් ලාභය සොයනුයේ ද වෙයි. මේ ධර්‍ම පසින් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච, ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ‍්චහි?
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
න ච කුහකො හොති, න ච ලපකො, න ච නෙමිත‍්තිකො, න ච නිප‍්පෙසිකො, න ච ලාභෙන ලාභං නිජිගිංසිතා. ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
නො ද කුහක වෙයි. නො ද ලපක වෙයි. නො ද නෙමිත්තික වෙයි. නො ද නිප්පෙසික වෙයි. ලාභයෙන් ලාභ සොයනුයේ නො ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වේ ය යි.