යෙදුමෙන් කියවන්න

මාතාපුත‍්තසුත‍්තං

5. 2. 1. 5.

5. 2. 1. 5.

[මාතාපුත‍්තසුත‍්තං]

[මාතාපුත්ත සූත්‍රය]

5. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං උභො මාතාපුත‍්තා වස‍්සාවාසං උපගමිංසු භික‍්ඛූ ච භික‍්ඛුණී ච.

5. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල සැවැත්හි මහණ හා මෙහෙණ හා දෙ මාපුත් කෙනෙක් වස් එළඹියහ.

තෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අභිණ‍්හං දස‍්සනකාමා අහෙසුං. මාතාපි පුත‍්තස‍්ස අභිණ‍්හං දස‍්සනකාමා අහොසි. පුත‍්තො’පි මාතරං අභිණ‍්හං දස‍්සනකාමො අහොසි. තෙසං අභිණ‍්හං දස‍්සනා සංසග‍්ගො අහොසි. සංසග‍්ගෙ සති විස‍්සාසො අහොසි. විස‍්සාසෙ සති ඔතාරො අහොසි. තෙ ඔතිණ‍්ණචිත‍්තා සික‍්ඛං අපච‍්චක‍්ඛාය දුබ‍්බල්‍යං අනාවීකත්‍වා මෙථුනං ධම‍්මං පතිසෙවිංසු.

ඔහු නරතුරු උනුන් දක්නා කැමති වූහ. මවු දු නරතුරු පුතු දක්නා කැමති වූය. පිත් ද නරතුරු මව දක්නා කැමැති විය. ඔවුන්ගේ නරතුරු දැක්මෙන් සංසර්‍ගයෙක් වී. ස සර්‍ගය ඇති වත් ම විශ්වාසය විය විශ්වාසය ඇති වත් ම (කම්රා විසින්) බැස ගැන්ම විය. (කම්රා විසින්) බට සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බැව් පාළ නො කොට මෙවුන්දම් සෙවියහ.

අථ ඛො සම‍්බහුලා භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “ඉධ භන‍්තෙ සාවත්‍ථියං උභො මාතා පුත‍්තා වස‍්සාවාසං උපගමිංසු භික‍්ඛු ච භික‍්ඛුණී ච. තෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අභිණ‍්හං දස‍්සනකාමා අහෙසුං. මාතාපි පුත‍්තස‍්ස අභිණ‍්හං දස‍්සනකාමා අහොසි. පුත‍්තොපි මාතරං අභිණ‍්හං දස‍්සනකාමො අහොසි. තෙසං අභිණ‍්හං දස‍්සනා සංසග‍්ගො අහොසි. සංසග‍්ගෙ සති විස‍්සාසො අහොසි. විස‍්සාසෙ සති ඔතාරො අහොසි. තෙ ඔතිණ‍්ණචිත‍්තා සික‍්ඛං අපච‍්චක‍්ඛාය දුබ‍්බල්‍යං අනාවීකත්‍වා මෙථුනං ධම‍්මං පතිසෙවිංසූ”ති.

එ කල බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: “වහන්ස, මෙ සැවැත්හි මහණ මෙහෙණ දෙමාපුතු කෙනෙක් වස් එළඹියහ ඔහු උනුන් නරතුරු දර්‍ශනය කැමැති වූහ. මවුදු නරතුරු පුතු දක්නා කැමැත්තී වූය පුත් ද නරතුරු මව දක්නා කැමති විය. නරතුරු දැක්මෙන් ඔවුන්ගේ සංසර්‍ගයෙක් විය. සසඟ ඇති වත් ම විශ්වාසය විය. විශ්වාසය ඇති වත් ම කම්රායෙන් බැසගැන්ම විය. බැසගත් සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දෞර්‍බල්‍යය පාළ නො කොට මෙවුන්දම් සෙවියහ’යි.

කින‍්නු සො භික‍්ඛවෙ මොඝපුරිසො මඤ‍්ඤති න මාතා පුත‍්තෙ සාරජ‍්ජති පුත‍්තො වා පන මාතරී’ති.

මහණෙනි, එ මෝඝපුරුෂ “මව පුතු කෙරෙහි රාග විසින් නො ඇලේ, පුත් හෝ මව කෙරෙහි නො ඇලේ ය”යි කිම නො හඟනේ ද?

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකරූපම‍්පි සමනු පස‍්සාමි යං එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්‍ධනීයං එවං මුච‍්ඡනීයං එවං අන‍්තරායකරං අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය, යථයිදං භික‍්ඛවෙ ඉත්‍ථිරූපං. ඉත්‍ථිරූපෙ භික‍්ඛවෙ සත‍්තා රත‍්තා ගථිතා ගිද‍්ධා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා. තෙ දීඝරත‍්තං සොචන‍්ති ඉත්‍ථිරූපවසානුගා.

මහණෙනි, මේ සා රඤ්ජනයට හිත වූ, මේ සා කාමයට හිත වූ, මේ සා මදයට හිත වූ, මේ සා බන්‍ධනයට හිත වූ, මේ සා කාමමුර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්‍ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් රූපයෙක් ඇත් ද, මහණෙනි, මේ ස්ත්‍රීරූපය බඳු අන් එක රූපයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි සත්ත්‍වයෝ ස්ත්‍රීරූපයෙහි රාගවිසින් ඇලුනාහු ගෙතුනාහු ගිජු වූවාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්‍රීරූප වශානුගත ව දීර්‍ඝරාත්‍රයෙහි ශෝක කෙරෙත්.

නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකසද‍්දම‍්පි -පෙ- එකගන්‍ධම‍්පි -පෙ- එකරසම‍්පි -පෙ- එකඵොට‍්ඨබ‍්බම‍්පි සමනුපස‍්සාමි, යං එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්‍ධනීයං එවං මුච‍්ඡනීයං එවං අන‍්තරායකරං අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය, යථයිදං භික‍්ඛවෙ ඉත්‍ථිඵොට‍්ඨබ‍්බො. ඉත්‍ථිපොට‍්ඨබ‍්බෙ භික‍්ඛවෙ සත‍්තා රත‍්තා ගිද‍්ධා ගථිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා. තෙ දීඝරත‍්තං සොචන‍්ති ඉත්‍ථිපොට‍්ඨබ‍්බවසානුගා.

මහණෙනි, මම අන් එක ද ශබ්දයක් ... එක ද ගන්‍ධයක් ... එක ද රසයක් ... මේ සා රජනීය වූ, මේ සා කමනීය වූ, මේ සා මදනීය වූ මේ සා බන්‍ධනීය වූ, මේ සා මූර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්‍ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් ස්පර්‍ශයෙක් ඇද්ද, මහණෙනි, ස්ත්‍රීස්පර්‍ශ බඳු අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම නො දක්මි. මහණෙනි, ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යයෙහි සත්ත්‍වයෝ රැඳුනාහු ගිජු වූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යවශයට ගියාහු දීර්‍ඝරාත්‍රයෙහි සොස්නාහ.

ඉත්‍ථි භික‍්ඛවෙ ගච‍්ඡන‍්තී’පි පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති. ඨිතා’පි නිසින‍්නා’පි සයානා’පි හසන‍්තී’පි භණන‍්තී’පි ගායන‍්තී’පි රොදන‍්තී’පි උග‍්ඝානිතා’පි මතා’පි පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති. යම‍්පි තං භික‍්ඛවෙ සම‍්මා වදමානො වදෙය්‍ය සමන‍්නපාසො මාරස‍්සා’ති.

මහණෙනි, ස්ත්‍රී යන්නී ද පුරුෂයා සිත ගෙණ සිටුනී ය. සිටියා ද, හුන්නී ද, හෝනී ද, සෙන්නී ද, බණන්නී ද, ගයන්නී ද, හඬන්නී ද, ඉදිමුනී ද, මළා ද, පුරුෂයා සිත් ගෙන සිටුනීය. මහණෙනි, යම් දැයක් සඳහා මොනොවට බණනුයේ “මරු විසින් වටා ලූ මළෙකැ”යි කියා නම් ඒ ස්ත්‍රිය ම දක්වා කියයි.

1. සල‍්ලපෙ අසිහත්‍ථෙන පිසාචෙනපි සල‍්ලපෙ. ආසීවිසම‍්පි ආසීදෙ යෙන දට‍්ඨො න ජීවති

1. කඩු ගත් අත් ඇතිහයු හා ද බණන්නේ ය. පිසාචයකු හා ද බණන්නේ ය. යමකු විසින් ඩස්නා ලදුයේ ජීවත් නො වේ ද, එබඳු ඇසිවසකු (සර්‍පයකු) ද ඝටන්නේ ය.

2. නත්‍වෙව එකො එකාය මාතුගාමෙන සල‍්ලපෙ, මුට‍්ඨස‍්සතිං තා බන්‍ධන‍්ති පෙක‍්ඛිතෙන සිතෙන ච,

2. එකලා වූයේ එකලා මාගමක හා නො ම බණන්නේ ය. ඔහු නට සිහි ඇතියහු ප්‍රේක්‍ෂිතයෙනුදු (බැල්මෙන් ද) සිනායෙනුදූ බඳනාහ.

3. අථොපි දුන‍්නිවත්‍ථෙන මඤ‍්ජුනා භණිතෙන ච නෙසො ජනො සුවාසීදො අපි උග‍්ඝානිතො මතො.

3. වැලිදු නො පිළිසන් කොට හැඳීමෙනුදු මොළොක් තෙපුලෙනුදු බඳනාහ. තෙල ස්ත්‍රීජනයා ඉදිමුනේ හෝ මළේ හෝ ගැටුමට නො නිසි වේ.

4. පඤ‍්චකාමගුණා එතෙ ඉත්‍ථිරූපස‍්මිං දිස‍්සරෙ, රූපා සද‍්දා රසා ගන්‍ධා ඵොට‍්ඨබ‍්බා ච මනොරමා.

4. රූප ය ශබ්ද ය ගන්‍ධ ය රස ය ස්ප්‍රෂ්ටව්‍ය ය යන තෙල මනරම් පස්කම් ගුණයෝ ස්ත්‍රීරූපයෙහි දක්නා ලැබෙත්.

5. තෙසං කාමොඝවුළ‍්හානං කාමෙ අපරිජානතං, කාලං ගතිං භවාභවං සංසාරස‍්මිං පුරක‍්ඛතා.

5. කාමෝඝයෙන් ඇදගණු ලැබූ කාමයන් පිරිසිඳ නො දන්නා වූ ඔවුන්ගේ ස සාරයෙහි කාලය ද ගතිය ද පුනර්‍භවය ද පෙරටුවන්නාහු ම (නොනවත්නාහුම) වෙති.

6. යෙ ච කාමෙ පරිඤ‍්ඤාය චරන‍්ති අකුතොභයා, තෙ වෙ පාරගතා ලොකෙ යෙ පත‍්තා ආසවක‍්ඛය’න‍්ති.

6. යම් කෙනෙක් කාමයන් පිරිසිඳ දැන කිසිවකිනුත් බිය නැත්තාහු හැසිරෙත් ද, යම් කෙනෙක් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පත් වූවාහු ද, ලොව්හි ඔහු ම නිවනට ගියාහු වෙති යි.