අසමය-සමයසුත්තං
5. 2. 1. 4.
5. 2. 1. 4.
[අසමය-සමයසුත්තං]
[අසමය - සමය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
4. පඤ්චිමෙ භික්ඛවෙ අසමයා පධානාය. කතමෙ පඤ්ච?
4. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ නො කල් පසෙකි. කවර පසෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු ජිණ්ණො හොති ජරාය අභිභූතො. අයං භික්ඛවෙ පඨමො අසමයො පධානාය.
මහණෙනි, මහණ ජරායෙන් මැඩුනේ ජීර්ණ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ පළමු නො කලි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු ව්යාධිතො හොති ව්යාධිනා අභිභූතො. අයං භික්ඛවෙ දුතියො අසමයො පධානාය.
තවද මහණෙනි, මහණ ව්‍යාධියෙන් මැඩුනේ රෝගයෙන් පෙළුනේ වෙයි. මහණෙනි, මේ ප්රධන්වීර්ය්යකරණයට දෙවන නො කලි.
පුන චපරං භික්ඛවෙ දුබ්භික්ඛං හොති දුස්සස්සං දුල්ලභපිණ්ඩං න සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අයං භික්ඛවෙ තතියො අසමයො පධානාය.
තවද මහණෙනි, නට ශස්‍ය ඇති, දුලබපිඬු ඇති සායෙක් වෙයි. පාත්‍රය ගෙණ සිඟීමෙන් යැපෙන්නට සුකර නොවෙයි. මේ ප්‍රධන්වීර්‍ය්‍යයට තෙවන නො කලි.
පුන චපරං භික්ඛවෙ භයං හොති අටවීසඞ්කොපො චක්කසමාරූළ්හා ජානපදා පරියායන්ති. අයං භික්ඛවෙ චතුත්ථො අසමයො පධානාය.
තවද මහණෙනි, අටවිසඞ්කෝපභයෙක් (කඩපලා සොර බියෙක්) වෙයි රිය නැගි දනව් වැස්සෝ ඔබමොබ දිවෙත්. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ සතර වන නො කලි.
පුන චපරං භික්ඛවෙ සඞ්ඝො භින්නො හොති. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ භින්නෙ අඤ්ඤමඤ්ඤං අක්කොසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා ච හොන්ති.
තවද මහණෙනි, සඞ්ඝයා බිඳුනේ වෙයි. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි උනුන් අක්කොසවතින් හවන්නාහු ද වෙති. උනුන් තෙද කියා (බිය දක්වා සන්තර්ජනයෙන්) බණන්නාහු ද වෙති. උනුන් (විරුද්ධවිසින්) වටාගන්නාහු ද වෙති, උනුන් මිගදොඩා හැරපියන්නාහු ද වෙත්.
තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති. පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොති. අයං භික්ඛවෙ පඤ්චමො අසමයො පධානාය.
එහි ලා අප්‍රසන්නයෝ ද නො පහන්හු ම ය. පහන් වූ ඇතැම්කෙනෙකුගේ අන්යථාත්වය (වෙනස) ද වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පස් වන නො කලි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච අසමයා පධානායා’ති.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ නොකල් පස යි.
පඤ්චිමෙ භික්ඛවෙ සමයා පධානාය. කතමෙ පඤ්ච?
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ කල් පසෙක කවර පසෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු දහරො හොති. යුවා සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අයං භික්ඛවෙ පඨමො සමයො පධානාය.
මහණෙනි, මෙ සස්නෙහි මහණ තරුණ කළු කෙහෙ ඇති, සොඳුරු යොවුනෙන් ද පළමුවයසින් ද සමන්වාගත වූ තරුණයෙක් වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පළමු කලි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අයං භික්ඛවෙ දුතියො සමයො පධානාය.
තවද මහණෙනි, මහණ අල්පාබාධ ඇතියේ නිදුක් වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍ය ම වූ ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි වූ සමව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්වාගත වූයේ වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ දෙවන කලි.
පුන චපරං භික්ඛවෙ සුභික්ඛං හොති සුසස්සං සුලභපිණ්ඩං, සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අයං භික්ඛවෙ තතියො සමයො පධානාය.
තවද මහණෙනි, මනා ශස්යසම්පත් ඇති සුලභ පිඬු ඇති සුභික්ෂයෙක් වෙයි. පා ගෙණ සිඟාගත් පිඬුයෙන් යැපීමට සුකර වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ තෙවන කලි.
පුන චපරං භික්ඛවෙ මනුස්සා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. අයං භික්ඛවෙ චතුත්ථො සමයො පධානාය.
තවද මහණෙනි, මනුෂ්‍යයෝ සමඟ වූවාහු මොනොවට තුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත්. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට සතර වන කලි.
පුන චපරං භික්ඛවෙ සඞ්ඝො සමග්ගො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරති. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං අක්කොසා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති. පසන්නානඤ්ච භිය්යොභාවො හොති. අයං භික්ඛවෙ පඤ්චමො සමයො පධානාය.
තවද මහණෙනි, සමඟ සඞ්ඝයා මොනොවට සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකුද්දෙස ඇතියේ සුවසේ වෙසෙයි. මහණෙනි, සඟුන් සමඟ කල්හි උනුන්ට ආක්‍රෝශ ද නො කෙරෙත්. උනුනට පරිභාෂා ද නො කෙරෙත්. උනුන්ට පරික්ෂේප ද නො කෙරෙත්. උනුන් හැරපියන්නාහු ද නො වෙත්. එහි ලා අප්‍රසන්නයෝ ද පහදිති පහන් වූවන්ගේ ද භිය්‍යොභාව වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ පස් වන කලි.
ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච සමයා පධානායා’ති.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ සමය පස යි.