යෙදුමෙන් කියවන්න

පඤ‍්චධනසුත‍්තං

5. 1. 5. 7.

5. 1. 5. 7.

[පඤ‍්චධනසුත‍්තං]

[පඤ්චධන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

47. පඤ‍්චිමානි භික‍්ඛවෙ ධනානි. කතමානි පඤ‍්ච? සද‍්ධාධනං, සීලධනං, සුතධනං, චාගධනං, පඤ‍්ඤාධනං

47. මහණෙනි, මේ ධනයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාධන ය, ශීලධන ය, ශ්‍රැතධන ය, ත්‍යාගධනය, ප්‍රඥාධන යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ සද‍්ධාධනං? ඉධ භික‍්ඛවෙ අරියසාවකො සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සද‍්ධාධනං.

මහණෙනි, ශ්‍රද්ධාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදහයි: “මේ මේ කරුණින් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ ... දෙවිමිනිස්නට ශාස්තෘයහ. සියුසස් අවබෝධ කළහ. භාග්‍යවත්හ”කියා යි. මහණෙනි, මේ ශ්‍රද්ධාධනය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ සීලධනං? ඉධ භික‍්ඛවෙ අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති ඉදං වුච‍්චති භික‍්ඛවෙ සීලධනං.

මහණෙනි, ශීලධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මදපමාදෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශීලධනය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ සුතධනං? ඉධ භික‍්ඛවෙ අරියසාවකො බහුස‍්සුතො හොති. (යෙ තෙ ධම‍්මා -පෙ- කෙවලපරිපුණ‍්ණං බ්‍රහ‍්මචරියං පකාසෙන‍්ති. තථාරූපාස‍්ස ධම‍්මා) -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සුතධනං.

මහණෙනි, ශ්‍රැතධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වෙයි ... යම් ඒ දහම්හු ... කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳු දහම්හු ඔහු විසින් ... ප්‍රඥාවෙන් සුප්‍රවිදිත වෙති. මහණෙනි, මේ ශ්‍රැතධනය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ චාගධනං? ඉධ භික‍්ඛවෙ අරියසාවකො විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති මුත‍්තචාගො පයතපාණී වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉදං වුච‍්චති භික‍්ඛවෙ චාගධනං.

මහණෙනි, ත්‍යාගධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පැහූමල හා මසුරු ඇති සිතින් අගාරයෙහි වෙසෙයි. වුහුටු තෑගි ඇති වෙයි. දන් දෙනුවට දෙවි අත් ඇති වෙයි. දීමෙහි ඇලුම් ඇති වෙයි. යදනට නිසි වෙයි. දේයධර්‍මසංවිභාගයෙහි ඇලුම් ඇති වෙයි. මහණෙනි, මේ ත්‍යාගධනය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ පඤ‍්ඤාධනං? ඉධ භික‍්ඛවෙ අරියසාවකො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ පඤ‍්ඤාධනං.

මහණෙනි, ප්‍රඥාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රඥාවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ සම්‍යග්දුඃඛක්‍ෂයගාමී වූ උදයාස්තගාමී වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාධනය යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච ධනානීති.

මහණෙනි, මේ පඤ්චධනයෝ යි.

52. යස‍්ස සද‍්ධා තථාගතෙ අචලා සුප‍්පතිට‍්ඨිතා, සීලඤ‍්ච යස‍්ස කල්‍යාණං අරියකන‍්තං පසංසිතං.

52. යමකුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි (මූලජාතවශයෙන්) සුපිහිටියා අචල වේ ද, යමකුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද වේ ද,

53. සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි උජුභූතඤ‍්ච දස‍්සනං, අදලිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.

53. යමකුහට සඟුන් කෙරෙහි ප්‍රසාදය ඇත් ද, ඍජු දර්‍ශන (සම්‍යග්දෘෂ්ටි) ඇත් ද, ඔහු නොදිළිඳු ය යි කීහු. ඔහුගේ ජීවිතය නොසිස් වේ.

54. තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච පසාදං ධම‍්මදස‍්සනං, අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධානසාසනං.

54. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශන හා පුනපුනා යෙදෙන්නේ ය.