2. චුන්දීසුත්තවණ්ණනා අට්ඨකථා
2. චුන්දීසුත්තවණ්ණනා
2. චුන්දි සූත්‍ර වර්ණනාව
දුතියෙ පඤ්චහි රථසතෙහීති භුත්තපාතරාසා පිතු සන්තිකං පෙසෙත්වා පඤ්ච රථසතානි යොජාපෙත්වා තෙහි පරිවුතාති අත්ථො. උපසඞ්කමීති භාතරා සද්ධිං පවත්තිතං පඤ්හසාකච්ඡං පුච්ඡිස්සාමීති ගන්ධමාලචුණ්ණාදීනි ආදාය උපසඞ්කමි. යදෙව සො හොතීති යදා එව සො හොති. අථ වා යො එව සො හොති. අරියකන්තානි සීලානීති මග්ගඵලසම්පයුත්තානි සීලානි. තානි හි අරියානං කන්තානි හොන්ති, භවන්තරෙපි න පරිච්චජන්ති. සෙසං චතුක්කනිපාතෙ අග්ගප්පසාදසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
දෙවැන්නෙහි රථසතෙහි යනු වැළඳූ උදා අහර ඇත්තී පියා වෙතට යවා රිය පන්සියය යොදවා ඒවායින් පිරිවරණ ලද්දීයි අරුත්ය, උපසඞ්කමි යනු සොහොයුරා සමග පැවතුණු ප්‍රශ්න සාකච්ඡාව අසන්නෙමැයි ගඳමල් සුවඳ සුණු රැගෙන එළඹියේය. යදෙව සො හොති යනු යම් දිනකම හෙතෙම වේද, නැතහොත් යමෙක්ම හෙතෙම වේද යනුයි, අරියකන්තානි සීලානි යනු ඵලය සමඟ යෙදුණු ශීලයෝයි, ඒවාම ආර්‍ය්‍යයන්ගේ සිත් අදනාහු වෙත්. භවාන්තරයෙහි ද අත් නොහළයුත්තාහුය. සෙස්ස චතුක්ක නිපාතයෙන් අග්ගප්පාසාද සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
3. උග්ගහසුත්තවණ්ණනා
3. උග්ගහ සූත්‍ර වර්ණනාව
තතියෙ භද්දියෙති භද්දියනගරෙ. ජාතියාවනෙති සයංජාතෙ අරොපිතෙ හිමවන්තෙන සද්ධිං එකාබද්ධෙ වනසණ්ඩෙ, තං නගරං උපනිස්සාය තස්මිං වනෙ විහරතීති අත්ථො. අත්තචතුත්ථොති අත්තනා චතුත්ථො. කස්මා පනෙස භගවන්තං අත්තචතුත්ථංයෙව නිමන්තෙසි? ගෙහෙ කිරස්ස මඞ්ගලං මහන්තං, තත්ථ මහන්තෙන සංවිධානෙන බහූ මනුස්සා සන්නිපතිස්සන්ති. තෙ භික්ඛුසඞ්ඝං පරිවිසන්තෙන දුස්සඞ්ගහා භවිස්සන්තීති අත්තචතුත්ථංයෙව නිමන්තෙසි. අපි චස්ස එවම්පි අහොසි – “දහරකුමාරිකායො මහාභික්ඛුසඞ්ඝමජ්ඣෙ සත්ථරි ඔවදන්තෙ ඔලීනමනා ඔවාදං ගහෙතුං න සක්කුණෙය්යු”න්ති. ඉමිනාපි කාරණෙන අත්තචතුත්ථමෙව නිමන්තෙසි. ඔවදතු තාසං, භන්තෙති, භන්තෙ භගවා, එතාසං ඔවදතු, එතා ඔවදතූති අත්ථො. උපයොගත්ථස්මිඤ්හි එතං සාමිවචනං. යං තාසන්ති යං ඔවාදානුසාසනං එතාසං. එවඤ්ච පන වත්වා සො සෙට්ඨි “ඉමා මම සන්තිකෙ ඔවාදං ගණ්හමානා හරායෙය්යු”න්ති භගවන්තං වන්දිත්වා පක්කාමි.
තෙවැන්නෙහි භද්දිකෙ යනු භද්දික නගරයෙහියි, ජාතියාවනෙ යනු තෙමේම හටගත් නොවවන ලද හිමවත සමඟ එකට බැඳුණු වනගහණයෙහියි, ඒ නගරය ඇසුරුකොට එම වනයෙහි වසයි යන අර්ත්ථයයි, අත්තචතුත්ථො යනු තමාගෙන් සිවුවැන්නායි, කුමක්නිසා භාග්‍යවතුන් වහන්සේ තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්‍රණය කළ සේක්ද යත්? ගෙහි මහත් වූ මඟුලකි, එහි මහත් සංවිධානයක් වියයුතුය, බොහෝ මිනිස්සු රැස්වෙති, ඔවුහු භික්ෂු සංඝයා පිවිසෙන විට සංග්‍රහ කිරීමට දුෂ්කර වන්නාහුයයි තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්‍රණය කළසේක. තවද උන්වහන්සේට මෙබඳු අදහසක් ද වීය. කුඩා කුමරියෝ මහත් බික්සඟන මැද ශාස්තෲන් වහන්සේ අවවාද කරනවිට නැමුණු සිතැත්තාහු අවවාද ගැනීමට නොහැකි වන්නාහුය යන මේ කාරණයෙන් ද තමාගෙන් සිවුවැන්නාම නිමන්ත්‍රණය කළසේක. ඔවදතු තාසං භන්තෙ යනු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මොවුනට අවවාද කරන සේක්වා, මොවුන් අවවාද කරන සේක්වායි අර්‍ත්‍ථයි: උපයොගාර්ථයෙහි මෙය සම්බන්ධ විභක්ති වචනයි: යන්තාසං යනු මොවුනට යම් අවවාදානුසාසනයක් වේද එයයි, මෙය ද කියා ඒ සිටුතෙමේ මා සමීපයෙහි අවවාද ගනුලබන මොවුහු ගෙන යන්නහුයි භාග්‍යවතුන් වහන්සේ වැඳ පිටත්වූයේය.
භත්තූති සාමිකස්ස. අනුකම්පං උපාදායාති අනුද්දයං පටිච්ච. පුබ්බුට්ඨායිනියොති සබ්බපඨමං උට්ඨානසීලා. පච්ඡානිපාතිනියොති සබ්බපච්ඡා නිපජ්ජනසීලා. ඉත්ථියා හි පඨමතරං භුඤ්ජිත්වා සයනං ආරුය්හ නිපජ්ජිතුං න වට්ටති, සබ්බෙ පන ගෙහපරිජනෙ භොජෙත්වා උපකරණභණ්ඩං සංවිධාය ගොරූපාදීනි ආගතානාගතානි ඤත්වා ස්වෙ කත්තබ්බකම්මං විචාරෙත්වා කුඤ්චිකාමුද්දිකං හත්ථෙ කත්වා සචෙ භොජනං අත්ථි, භුඤ්ජිත්වා, නො චෙ අත්ථි, අඤ්ඤං පචාපෙත්වා සබ්බෙ සන්තප්පෙත්වා පච්ඡා නිපජ්ජිතුං වට්ටති. නිපන්නායපි යාව සූරියුග්ගමනා නිද්දායිතුං න වට්ටති, සබ්බපඨමං පන උට්ඨාය දාසකම්මකරෙ පක්කොසාපෙත්වා “ඉදඤ්චිදඤ්ච කම්මං කරොථා”ති කම්මන්තං විචාරෙත්වා ධෙනුයො දුහාපෙත්වා සබ්බං ගෙහෙ කත්තබ්බකිච්චං අත්තනො පච්චක්ඛංයෙව කාතුං වට්ටති. එතමත්ථං සන්ධාය “පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො”ති ආහ. “කිංකාරපටිස්සාවිනියොති කිං කරොම කිං කරොමා”ති මුඛං ඔලොකෙත්වා විචරණසීලා. මනාපචාරිනියොති මනාපංයෙව කිරියං කරණසීලා. පියවාදිනියොති පියමෙව වචනං වාදනසීලා. පූජෙස්සාමාති චතුපච්චයපූජාය පූජයිස්සාම.
භත්තු යනු ස්වාමියාගේයි, අනුකම්පං උපාදාය යනු දයාව නිසායි, පුබ්බුට්ඨායිනියො යනු සියල්ලන්ට පළමුව නැඟිටින සුලු වූවාහුයි: පච්ඡානිපාතිනියො යනු සියල්ලන්ට පසුව වැදහෝනාසුලු වූවාහුයි, ස්ත්‍රියට පළමුව අහරගෙන යහනට නැඟී නිදියෑමට සුදුසු නොවේ. ගෙහි සියලුම සේවකයන් අනුභව කරවා උපකරණ බඩු සංවිධානය කොට ගවයන් (ගාලට) පැමිණි හෝ නොපැමිණි බව දැන හෙට කළයුතු වැඩ විමසා යතුරු කැරැල්ල අතට ගෙන ඉදින් කෑම ඇතොත් අනුභව කොට නැතොත් වෙනත් අහරක් පිසවා සියල්ලන් වළඳවා පසුව නිදීමට වටියි, නිදාගත්තියටද හිරු උදාවනතෙක් නිදාගැනීමට නොවටියි, සියල්ලන්ට පළමුව නැඟිට දැසිකම්කරුවන් කැඳවා මේ මේ කටයුතු කරමුයි කටයුතු විමසා දෙනුන් දොවවා සියලු ගෙහි කටයුතු තමා ඇස් ඉදිරිපිටම කිරීමට වටියි, මෙකරුණ අරභයා ‘පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො’යි කීවේය. කිංකාරපටිස්සාවිනියො යනු කුමක් කරමුදැයි මුව බලා හැසිරෙන සුලුවූවෝයි, මනාපචාරිණියො යනු කැමතිවූම දෙයක් කරනසුලු වූවෝයි. පියවාදිනියො යනු ප්රියදෙයක්ම කියනසුලු වූවෝයි, පුඡිස්සාම යනු සිවුපසය පිදීමෙන් පුදන්නෙමුයි,
අබ්භාගතෙති අත්තනො සන්තිකං ආගතෙ. ආසනොදකෙන පටිපූජෙස්සාමාති ආසනෙන ච පාදධොවනඋදකෙන ච පූජයිස්සාම. එත්ථ ච මාතාපිතූනං දෙවසිකං සක්කාරො කාතබ්බො. සමණබ්රාහ්මණානං පන අබ්භාගතානං ආසනං දත්වා පාදධොවනඤ්ච දාතබ්බං, සක්කාරො ච කාතබ්බො.
අබ්හාගතෙ යනු තමන් සමීපයට පැමිණි අයයි, ආසනොදකෙන පටිපුජෙස්සාම යනු අසුනෙන් ද පාදෙවුනා දියෙන් ද පුදන්නෙමු, මෙහි ද මාපියන්ට දිනපතා සත්කාරය කළයුතුය, තමන් වෙත පැමිණි මහණ බමුණන්ට අසුන් දී පා දොවනා දිය දියයුතුය, සත්කාරය ද කළයුතුය,
උණ්ණාති එළකලොමං. තත්ථ දක්ඛා භවිස්සාමාති එළකලොමානං විජටනධොවනරජනවෙණිකරණාදීසු කප්පාසස්ස ච වට්ටනපිසනඵොටනකන්තනාදීසු ඡෙකා භවිස්සාම. තත්රුපායායාති තස්මිං උණ්ණාකප්පාසසංවිධානෙ උපායභූතාය “ඉමස්මිං කාලෙ ඉදං නාම කාතුං වට්ටතී”ති එවං පවත්තාය වීමංසාය සමන්නාගතා. අලං කාතුං අලං සංවිධාතුන්ති අත්තනා කාතුම්පි පරෙහි කාරාපෙතුම්පි යුත්තා චෙව සමත්ථා ච භවිස්සාමාති අත්ථො.
උණ්ණා යනු එළු ලොමයි, තත්ථ දක්ඛා භවිස්සාම යනු එළුලොම් ගැටහැරීම සේදීම, පැහැගැන්වීම, වෙළුකිරීම ආදියෙහි ද කප වටලීම (රෝල් කිරීම), අවුල් හැරීම, පෙළීම, කැටීම ආදියෙහි දක්ෂයෝ වන්නෙමු: තත්‍රෑපායාය යනු ඒ එළුලොම් කපු සංවිධානයෙහි උපාය වූ මෙකල මෙනම් දෙය කිරීමට වටියියයි මෙසේ පවතින විමසීමෙන් යුක්ත වූවෝයි, අලං කාතුං අලං සංවිධාතුං යනු තමන් විසින් කිරීමට ද අනුන් ලවා කරවීමට ද යුතු දෙයෙහිම සමත්වූවෝ ද වන්නෙමුයි අරුත්ය,
කතඤ්ච කතතො ජානිස්සාම, අකතඤ්ච අකතතොති සකලදිවසං ඉදං නාම කම්මං කත්වා ආගතානං, උපඩ්ඪදිවසං ඉදං නාම කම්මං කත්වා ආගතානං, නික්කම්මානං ගෙහෙ නිසින්නානං ඉදං නාම දාතුඤ්ච එවඤ්ච කාතුං වට්ටතීති එවං ජානිස්සාම. ගිලානකානඤ්ච බලාබලන්ති සචෙ හි ගිලානකාලෙ තෙසං භෙසජ්ජභොජනාදීනි දත්වා රොගං ඵාසුං න කරොන්ති, “ඉමෙ අරොගකාලෙ අම්හෙ යං ඉච්ඡන්ති, තං කාරෙන්ති. ගිලානකාලෙ අත්ථි භාවම්පි නො න ජානන්තී”ති විරත්තරූපා පච්ඡා කිච්චානි න කරොන්ති, දුක්කටානි වා කරොන්ති. තස්මා නෙසං බලාබලං ඤත්වා දාතබ්බඤ්ච කාතබ්බඤ්ච ජානිස්සාමාති එවං තුම්හෙහි සික්ඛිතබ්බන්ති දස්සෙති. ඛාදනීයං භොජනීයඤ්චස්සාති ඛාදනීයඤ්ච භොජනීයඤ්ච අස්ස අන්තොජනස්ස. පච්චංසෙනාති පටිලභිතබ්බෙන අංසෙන, අත්තනො අත්තනො ලද්ධබ්බකොට්ඨාසානුරූපෙනාති අත්ථො. සංවිභජිස්සාමාති දස්සාම. සම්පාදෙස්සාමාති සම්පාදයිස්සාම.
කතඤ්ච කතතො ජානිස්සාම අකතඤ්ච අකතතො යනු මුළු දවසට මෙනම් දෙයකි, වැඩකොට ආවුනට අඩදිනයට මෙනම් දෙය, වැඩ නොකර ගෙහි හුන්නවුනට මෙනම් දෙය දීමට ද මෙසේ කිරීමට ද වටීයයි මෙසේ දන්නෙමු, ගිලානකානඤ්ච බලාබලං යනු ඉදින් ගිලන් කල ඔවුනට බෙහෙත් කෑම ආදිය දී රෝගය පහසු නොකරත්ද මොවුහු නීරෝගී කාලයෙහි යමක් කැමති වෙත්ද එයම අපට කරත් ගිලන් කල අප ඉන්නා බවවත් නොදනිතියි කළකිරුණු ස්වරූපය ඇත්තෝ පසුව කටයුතු නොකරති ද හෝ නරක දේ හෝ කරති ද එබැවින් මොවුන්ගේ හැකියාව නොහැකියාව දැන දියයුත්ත ද කළයුත්ත ද දනිමුයි මෙසේ නුඹලා විසින් නික්මිය යුතුයයි දක්වයි, ඛාදනිය භොජනියඤ්චස්ස යනු මේ ඇතුළු ජනයාට කෑ යුතු දෙය ද බිදිය යුතු දෙය ද යනුයි, පච්චංසෙන යනු ලැබියයුතු කොටසෙනි, තමතමන්ට ලැබිය යුතු කොටසට අනුරූප දෙයිනි යන අර්‍ත්‍ථයි, සංවිභජිස්සාම යනු දෙන්නෙමු, සම්පාදෙස්සාම යනු සපයා දෙන්නෙමු,
අධුත්තීති පුරිසධුත්තසුරාධුත්තතාවසෙන අධුත්තියො. අථෙනීති අථෙනියො අචොරියො. අසොණ්ඩීති සුරාසොණ්ඩතාදිවසෙන අසොණ්ඩියො.
අධුත්ති යනු පුරුෂධූර්ත සුරාධූර්ත වශයෙන් ධූර්තබවට නොපත්වූවෝයි, අථෙනි යනු සොරු නොවන්නියෝයි, අසොණ්ඩි යනු සුරාසොඬ බව ආදී වශයෙන් සොඬ නොවන්නියෝයි,
එවං සුත්තන්තං නිට්ඨපෙත්වා ඉදානි ගාථාහි කූටං ගණ්හන්තො යො නං භරති සබ්බදාතිආදිමාහ. තත්ථ භරතීති පොසති පටිජග්ගති. සබ්බකාමහරන්ති සබ්බකාමදදං. සොත්ථීති සුඉත්ථී. එවං වත්තතීති එත්තකං වත්තං පූරෙත්වා වත්තති. මනාපා නාම තෙ දෙවාති නිම්මානරතී දෙවා. තෙ හි ඉච්ඡිතිච්ඡිතං රූපං මාපෙත්වා අභිරමණතො නිම්මානරතීති ච මනාපාති ච වුච්චන්තීති.
මෙසේ සූත්‍රාන්තය නිමවා දැන් ගාථාවන්ගෙන් කුළුගන්වමින් ‘යො නං භරති සබ්බදා’ යනාදිය පැවසීය, තත්ථ භරති යනු පෝෂණය කරයි, පිළිදැඟුම් කරයි, සබ්බකාමහරං යනු කැමති සියල්ල දෙන්නාවූයි, සොත්ථි යනු යහපත් ස්ත්‍රියයි, එවං වත්තති යනු මෙපමණ වතක් පුරා පවතියි, මනාපා නාම තෙ දෙවා යනු නිර්මාණරතී දෙවියෝයි, ඔවුහු කැමති කැමති රූප මවා අභිරමනය කරන හෙයින් නිම්මානරතීයි ද මනාපා යි ද කියනු ලැබෙත්.
4. සීහසෙනාපතිසුත්තවණ්ණනා
4. සීහසෙනාපති සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සන්දිට්ඨිකන්ති සාමං පස්සිතබ්බකං. දායකොති දානසූරො. න සො සද්ධාමත්තකෙනෙව තිට්ඨති, පරිච්චජිතුම්පි සක්කොතීති අත්ථො. දානපතීති යං දානං දෙති, තස්ස පති හුත්වා දෙති, න දාසො, න සහායො. යො හි අත්තනා මධුරං භුඤ්ජති, පරෙසං අමධුරං දෙති, සො දානසඞ්ඛාතස්ස දෙය්යධම්මස්ස දාසො හුත්වා දෙති. යො යං අත්තනා භුඤ්ජති, තදෙව දෙති, සො සහායො හුත්වා දෙති. යො පන අත්තනා යෙන කෙනචි යාපෙති, පරෙසං මධුරං දෙති, සො පති ජෙට්ඨකො සාමී හුත්වා දෙති. තාදිසං සන්ධාය වුත්තං – “දානපතී”ති.
සිවුවැන්නෙහි සන්දිට්ඨිකං යනු තමා දැකියයුතුවූයි, දායකො යනු දානයෙහි දක්ෂ වූයේයි, හෙතෙම ශ්‍රද්ධාව පමණකින්ම නොසිටියි, දන්දීමට ද හැක්කකි යන අරුත්ය. දානපති යනු මෙතෙම දන් දෙයි, එයට ස්වාමියා වී දෙයි, දාසයෙක් නොවේ, සහායකයෙක් නොවේ, යමෙක් තමා මිහිරි දෙයක් දෙයි, අනුන්ට අමිහිරි දෙයක් දෙයි, හෙතෙම දාන සංඛ්‍යාත වූ දෙය්යධර්මයට දාසයෙක් වී දෙයි. යමෙක් තමා යමක් බුදියි ද එයම වෙයි ද හෙතෙම යහළුවෙක් වී දෙයි, යමෙක් තමා යම් කිසිවකින් යැපේද අනුන්ට මිහිරි දෙයක් දෙයිද හෙතෙම අධිපතියෙක්, ජ්‍යෙෂ්ඨයෙක් ස්වාමියෙක් වී දෙයි, එබන්දකු සඳහා දානපතීයි කියනලදි,
අමඞ්කුභූතොති න නිත්තෙජභූතො. විසාරදොති ඤාණසොමනස්සප්පත්තො. සහබ්යතං ගතාති සහභාවං එකීභාවං ගතා. කතාවකාසාති යෙන කම්මෙන තත්ථ අවකාසො හොති, තස්ස කතත්තා කතාවකාසා. තං පන යස්මා කුසලමෙව හොති, තස්මා කතකුසලාති වුත්තං. මොදරෙති මොදන්ති පමොදන්ති. අසිතස්සාති අනිස්සිතස්ස තථාගතස්ස. තාදිනොති තාදිලක්ඛණං පත්තස්ස.
අමඞ්කුභූතො යනු බලරහිත නොවූයේයි, විසාරදො යනු නුවණ සොම්නසට පත්වූයේයි, සහව්යතං ගතා යනු සහභාවයට එකීභාවයට ගියාහුයි, කතාවාසා යනු යම් කර්මයකින් එහි ආවාසයක් වේද? එය කළ බැවින් කතාවාසා නමි එය යම් හෙයකින් කුශලයක්ම වේද එහෙයින් කතකුසලායි කියන ලදි, මොදරෙ යනු සතුටුවෙත් ප්‍රමුදිත වෙත්, අසිතස්ස යනු ඇලීම් නැති තථාගතයන් වහන්සේගේයි, තාදිනො යනු තාදි ලක්ෂණයට පැමිණියහුගේයි.
5. දානානිසංසසුත්තවණ්ණනා
5. දානානිසංස සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ගිහිධම්මා අනපගතො හොතීති අඛණ්ඩපඤ්චසීලො හොති. සතං ධම්මං අනුක්කමන්ති සප්පුරිසානං මහාපුරිසානං ධම්මං අනුක්කමන්තො. සන්තො නං භජන්තීති සප්පුරිසා බුද්ධපච්චෙකබුද්ධතථාගතසාවකා එතං භජන්ති.
පස්වැන්නෙහි ගිහිධම්මා අනපෙතො හොති යනු නොබිඳුනු නුවණ හා සීලය ඇත්තේ වෙයි, සතං ධම්මං අනුක්කමන්ති යනු සත්පුරුෂ වූ මහා පුරුෂයන්ගේ ධර්මය අනුගමනය කරන්නෝයි, සන්තො නං භජන්ති යනු සත් පුරුෂ වූ බුද්ධ පච්චෙකබුද්ධ තථාගත ශ්‍රාවකයෝ මොහු ඇසුරු කරති.
6. කාලදානසුත්තවණ්ණනා
6. කාලදාන සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ කාලදානානීති යුත්තදානානි, පත්තදානානි අනුච්ඡවිකදානානීති අත්ථො. නවසස්සානීති අග්ගසස්සානි. නවඵලානීති ආරාමතො පඨමුප්පන්නානි අග්ගඵලානි. පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙතීති පඨමං සීලවන්තානං දත්වා පච්ඡා අත්තනා පරිභුඤ්ජති. වදඤ්ඤූති භාසිතඤ්ඤූ. කාලෙන දින්නන්ති යුත්තප්පත්තකාලෙන දින්නං. අනුමොදන්තීති එකමන්තෙ ඨිතා අනුමොදන්ති. වෙය්යාවච්චන්ති කායෙන වෙය්යාවටිකකම්මං කරොන්ති. අප්පටිවානචිත්තොති අනුක්කණ්ඨිතචිත්තො. යත්ථ දින්නං මහප්ඵලන්ති යස්මිං ඨානෙ දින්නං මහප්ඵලං හොති, තත්ථ දදෙය්ය.
සවැන්නෙහි කාලදානානි යනු සුදුසු දානයෝයි, පැමිණි දානයෝයි, ගැලපෙන දානයෝයි අර්‍ත්‍ථයි, නවසස්සානි යනු අග්‍ර සත්‍යයෝයි, නවඵලානි යනු ආරාමයෙන් පළමුව හටගත් අග්රඵලයෝයි, පඨමං සීලවන්තෙසූ පතිට්ඨාපෙති යනු පළමුව සිල්තුන්ට දී පසුව තමා පරිභොග කරයි, වදඤ්ඤු යනු කියූදෙය දන්නාවූයි, කාලෙදින්නං යනු සුදුසු කල්හි දෙන ලද්දයි, අනුමොදන්ති යනු එකත්පසෙක සිටියාහු අනුමෝදන් වෙති, වෙය්යාවච්චං යනු කයින් වතාවත් කර්මය කරත්, අප්පටිවානචිත්තො යනු උකටලී නොවූ සිතැත්තේයි, යත්ථ දින්නං මහප්ඵලං යනු යම් තැනක දෙන ලද්ද මහත්ඵල වේද එහි දෙන්නේය.
7. භොජනසුත්තවණ්ණනා
7. භොජන සූත්‍ර වර්ණනාව
සත්තමෙ ආයුං දෙතීති ආයුදානං දෙති. වණ්ණන්ති සරීරවණ්ණං. සුඛන්ති කායිකචෙතසිකසුඛං. බලන්ති සරීරථාමං. පටිභානන්ති යුත්තමුත්තප්පටිභානං.
සත්වැන්නෙහි ආයුං දෙති යනු ආයුෂදානය දෙයි, වණ්ණං යනු ශරීරවර්ණයයි, සුඛං යනු කායික චෛතසික සුඛයයි, බලං යන ශරීර ශක්තියයි, පටිභානං යනු නිදොස් වූ ප්රතිභානයයි.
8. සද්ධසුත්තවණ්ණනා
8. සද්ධා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අනුකම්පන්තීති අනුග්ගණ්හන්ති. ඛන්ධිමාව මහාදුමොති ඛන්ධසම්පන්නො මහාරුක්ඛො විය. මනොරමෙ ආයතනෙති රමණීයෙ සමොසරණට්ඨානෙ. ඡායං ඡායත්ථිකා යන්තීති ඡායාය අත්ථිකාව ඡායං උපගච්ඡන්ති. නිවාතවුත්තින්ති නීචවුත්තිං. අත්ථද්ධන්ති කොධමානථද්ධතාය රහිතං. සොරතන්ති සොරච්චෙන සුචිසීලෙන සමන්නාගතං. සඛිලන්ති සම්මොදකං.
අටවැන්නෙහි අනුකම්පන්ති යනු අනුග්‍රහ කරත්, ඛන්දිමාවමහාදුමෝ යනු කඳකින් යුත් මහ ගසක් මෙන්, මනොරමෙ ආයතෙන යනු සිත්කලු වූ රැස්වන තන්හියි, ඡායං ඡායත්ථිකා යන්ති යනු සෙවනින් වැඩ ඇත්තෝම සෙවනට එළඹෙති, නිවාතවුත්තිං යනු පහත් පැවැත්මයි, අත්ථදත්ථං යනු ක්රොධමාන දැඩි බවින් රහිතවූයි, සොරතා යනු සුරත බවින් පිරිසිදු ශීලයෙන් යුක්තවූයි, සඛිලං යනු විනීතවූයි.
9. පුත්තසුත්තවණ්ණනා
9. පුත්ත සූත්‍ර වර්ණනාව
නවමෙ භතො වා නො භරිස්සතීති අම්හෙහි ථඤ්ඤපායනහත්ථපාදවඩ්ඪනාදීහි භතො පටිජග්ගිතො අම්හෙ මහල්ලකකාලෙ හත්ථපාදධොවන-න්හාපනයාගුභත්තදානාදීහි භරිස්සති. කිච්චං වා නො කරිස්සතීති අත්තනො කම්මං ඨපෙත්වා අම්හාකං රාජකුලාදීසු උප්පන්නං කිච්චං ගන්ත්වා කරිස්සති. කුලවංසො චිරං ඨස්සතීති අම්හාකං සන්තකං ඛෙත්තවත්ථුහිරඤ්ඤසුවණ්ණාදිං අවිනාසෙත්වා රක්ඛන්තෙ පුත්තෙ කුලවංසො චිරං ඨස්සති, අම්හෙහි වා පවත්තිතානි සලාකභත්තාදීනි අනුපච්ඡින්දිත්වා පවත්තෙස්සති, එවම්පි නො කුලවංසො චිරං ඨස්සති. දායජ්ජං පටිපජ්ජිස්සතීති කුලවංසානුරූපාය පටිපත්තියා අත්තානං දායජ්ජාරහං කරොන්තො අම්හාකං සන්තකං දායජ්ජං පටිපජ්ජිස්සති. දක්ඛිණං අනුප්පදස්සතීති පත්තිදානං කත්වා තතියදිවසතො පට්ඨාය දානං අනුප්පදස්සති.
නවවැන්නෙහි භතොවා නො භරිස්සති යනු අප විසින් කිරිපෙවීම් අත්පා මැඩීම් ආදියෙන් පෝෂණය කරන ලද්දේ අප මහඑකල්හි අත්පාදෙවීම්, නැහැවීම්, කැඳබත් දීම් ආදියෙන් පෝෂණය කරන්නේය, කිච්චං වා නො කරිස්සති යනු තමන්ගේ වැඩ නවතා අපගේ රාජකුලාදියෙහි උපන් වැඩ ගොස් කරති, කුලවංසො චිරං ඨස්සති යනු අපසතු කෙත්වත් දරුවන් ආදිය නොනසා පුතුන් රකිනා කල්හි කුලවංසය බොහෝ කල් පවතින්නේය, අප විසින් පවත්වන ලද සලාක බත් ආදිය නොබිඳ පවත්වන්නේය, මෙසේද අපගේ කුලවංසය බොහෝකල් පවතින්නේය. දායජ්ජං පටිපජ්ජති යනු කුලවංසයට ගැලපෙන ප්‍රතිපත්තියෙන් තමන්ගේ දායාදයට සුදුසු දෙයක් කරන්නේ අප සතු දායාදය පිළිපදින්නේය, දක්ඛිණං අනුප්පදස්සති යනු ප්රාප්තිදානය (පින් පමුණුවන දානය දී) කොට තෙවැනි දිනයෙහි පටන් දන් දෙන්නේය,
සන්තො සප්පුරිසාති ඉමස්මිං ඨානෙ මාතාපිතූසු සම්මා පටිපත්තියා සන්තො සප්පුරිසාති වෙදිතබ්බා. පුබ්බෙ කතමනුස්සරන්ති මාතාපිතූහි පඨමතරං කතගුණං අනුස්සරන්තා. ඔවාදකාරීති මාතාපිතූහි දින්නස්ස ඔවාදස්ස කත්තා. භතපොසීති යෙහි භතො, තෙසං පොසකො. පසංසියොති දිට්ඨෙව ධම්මෙ මහාජනෙන පසංසිතබ්බො හොති.
සන්තො සප්පුරිසා යනු මෙතැන්හි මාපියන් කෙරෙහි මනාව පිළිපැදීමෙන් යහපත් වූ සත්පුරුෂයෝයි දතයුත්තාහ. පුබ්බෙකතමනුස්සරං යනු මවුපියන් විසින් පළමුව කරනලද ගුණය සිහිකරන්නාහුයි, ඔවාදකාරී යනු මවුපියන් දෙන ලද අවවාදය කරන්නාහුයි භතපොසී යනු යම් අය විසින් පෝෂණය කරන ලද්දේ ඔවුන්ගේ පෝෂණය කරන්නායි. පසංසියො යනු ඉහාත්මයෙහිම මහජනයා විසින් පැසසිය යුත්තේ වෙයි.
10. මහාසාලසුත්තවණ්ණනා
10. මහාසාල සූත්‍ර වර්ණනාව
දසමෙ මහාසාලාති මහාරුක්ඛා. සාඛාපත්තපලාසෙන වඩ්ඪන්තීති ඛුද්දකසාඛාහි ච පත්තසඞ්ඛාතෙන ච පලාසෙන වඩ්ඪන්ති. අරඤ්ඤස්මින්ති අගාමකෙ පදෙසෙ. බ්රහාවනෙති මහාවනෙ අටවියං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්නෙහි මහාසාලා යනු මහත් වෘක්ෂයෝයි, සාඛාපත්තාපලාසෙන වඩ්ඪන්ති යනු කුඩා අතුවලින් ද පත්‍ර සංඛ්‍යාත වූ පලාසයෙන් ද වැඩෙත්, අරඤ්ඤස්මිං යනු නොගම් පෙදෙසෙහිය, බ්රහා යනු මහත්ය, වනෙ යනු කැලයෙහියි, මෙහි සෙස්ස පැහැදිලිමය.
සුමනවග්ගො චතුත්ථො.
සිවුවැනි වූ සුමනා වර්ගයයි.