යෙදුමෙන් කියවන්න

මහාසාලසුත‍්තං

5. 1. 4. 10.

5. 1. 4. 10.

[මහාසාලසුත‍්තං]

[මහාසාල සූත්‍රය]

40. හිමවන‍්තං භික‍්ඛවෙ පබ‍්බතරාජං නිස‍්සාය මහාසාලා පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪන‍්ති. කතමාහි පඤ‍්චහි?

40. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහරුක්හු වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:

සාඛාපත‍්තපලාසෙන වඩ‍්ඪන‍්ති. තචෙන වඩ‍්ඪන‍්ති. පපටිකාය වඩ‍්ඪන‍්ති. ඵෙග‍්ගුනා වඩ‍්ඪන‍්ති. සාරෙන වඩ‍්ඪන‍්ති. හිමවන‍්තං භික‍්ඛවෙ පබ‍්බතරාජං නිස‍්සාය මහාසාලා ඉමාහි පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪන‍්ති.

සාපත්පලුයෙන් වැඩෙත්. තැසෙන් වැඩෙත්. පතුයෙන් වැඩෙත්. බොරුදුයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් රදපවිය නිසා මහරුක්හු මේ වෘද්ධි පසින් වැඩෙත්.

එවමෙව ඛො භික‍්ඛවෙ සද‍්ධං කුලපතිං නිස‍්සාය අන‍්තොජනො පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪති. කතමාහි පඤ‍්චහි?

මහණෙනි, එ පරිදි සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදනෝ වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:

සද‍්ධාය වඩ‍්ඪති. සීලෙන වඩ‍්ඪති. සුතෙන වඩ‍්ඪති. චාගෙන වඩ‍්ඪති. පඤ‍්ඤාය වඩ‍්ඪති. සද‍්ධං භික‍්ඛවෙ කුලපතිං නිස‍්සාය අන‍්තොජනො ඉමාහි පඤ‍්චහි වඩ‍්ඪීහි වඩ‍්ඪතීති.

සැදෑයෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනා මෙ පඤ්ච වෘද්ධීන් වැඩෙති යි.

34. යථා ච පබ‍්බතො සෙලො අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ, තං රුක‍්ඛා උපනිස‍්සාය වඩ‍්ඪන‍්තෙ තෙ වනප‍්පතී.

34. යම් පරිදි වෙනෙහි ශෛලපර්‍වතයෙක් වේ ද, එ ඇසුරු කොට එ වනසප්තිවෘක්‍ෂයෝ වැඩෙත් ද,

35. තථෙව සීල සම‍්පන‍්නං සද‍්ධං කුලපතිං ඉධ, උපනිස‍්සාය වඩ‍්ඪන‍්ති පුත‍්තදාරා ච බන්‍ධවා, අමච‍්චා ඤාතිසඞ‍්ඝා ච යෙ චස‍්ස අනුජීවිනො.

35. එ පරිදි මෙ ලොව්හි සිල්සපන් සැදැහැති කුලපතිහු නිසා පුත්‍රදාරයෝ ද බාන්‍ධවයෝ ද සහජීවීහු ද ඥාතිසමූහයෝ ද ඔහුගේ අනුජීවී කෙනෙක් වෙත් නම් ඔහු ද වැඩෙත්.

36. තස‍්ස සීලවතො සීලං චාගං සුචරිතානි ච, පස‍්සමානානුකුබ‍්බන‍්ති යෙ භවන‍්ති චිවක‍්ඛණා.

36. යම් බඳු විචක්‍ෂණයෝ වෙත් නම් ඔහු සිල්වත් ඔහුගේ ශීලය හා ත්‍යාගය හා සුචරිතයන් හා දක්නාහු අනුකරණ කරත්.

37. ඉධ ධම‍්මං චරිත්‍වාන මග‍්ගං සුගතිගාමිනං, නන්‍දිනො දෙවලොකස‍්මිං මොදන‍්ති කාමකාමිනොති.

37. මෙ ලොව්හි සුගතිගාමීමාර්‍ගය වූ සුචරිතධර්‍මය කොට කම්සුව කැමැතියාහු දෙව්ලොව තුටු වන්නාහු (විපාකමෝදනායෙන්) ප්‍රමුදිත වෙත්.

සුමනාවග‍්ගො චතුත්‍ථො.

සුමනාවර්‍ගය සතර වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සුමනා චුන්‍දී උග‍්ගහො සීහදානානිසංසයො කාල භොජන සද‍්ධාය පුත‍්තසාලෙහි තෙ දසාති.

සුමනා සූත්‍රය, චුන්‍දී සූත්‍රය, උග්ගහ සූත්‍රය, සීහ සූත්‍රය, දානානිසංස සූත්‍රය, කාලදාන සූත්‍රය, භෝජන සූත්‍රය, සද්ධා සූත්‍රය, පුත්‍ර සූත්‍රය, මහාසාල සූත්‍රය, දැයි දශයෙකි.