පුත‍්තසුත‍්තං
5. 1. 4. 9.
5. 1. 4. 9.
[පුත‍්තසුත‍්තං]
[පුත්ත සූත්‍රය]
39. පඤ‍්චිමානි භික‍්ඛවෙ ඨානානි සම‍්පස‍්සන‍්තා මාතාපිතරො පුත‍්තං ඉච‍්ඡන‍්ති කුලෙ ජායමානං. කතමානි පඤ‍්ච?
39. මහණෙනි, මාපියෝ මේ කරුණු පස දක්නාහු පුතකු කුලයෙහි උපදනහු කැමැති වෙත්. කවර පසෙක යත්:
භතො වා නො භරිස‍්සති. කිච‍්චං වා නො කරිස‍්සති. කුලවංසො චිරං ඨස‍්සති. දායජ‍්ජං පටිපජ‍්ජති. අථ වා පන පෙතානං කාලකතානං දක‍්ඛිණං අනුප‍්පදස‍්සතීති. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච ඨානානි සම‍්පස‍්සන‍්තා මාතාපිතරො පුත‍්තං ඉච‍්ඡන‍්ති කුලෙ ජායමානන‍්ති.
පුස්නා ලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. අපගේ කුලපරපුර ද දීර්‍ඝරාත්‍රයෙහි සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් කලුරිය කොට පරලොව ගියවුන් උදෙසා (ප්‍රාප්තිදාන කොට) දක්‍ෂිණා දෙන්නේ ය යි. මහණෙනි, මෙ කරුණු පස දක්නා මාපියෝ පුතකු කුලෙහි උපදනහු කැමැති වෙති යි.
29. පඤ‍්ච ඨානානි සම‍්පස‍්සං පුත‍්තං ඉච‍්ඡන‍්ති පණ‍්ඩිතා, භතො වා නො භරිස‍්සති කිච‍්චං වා නො කරිස‍්සති-
29. පණ්ඩිත (මාපියෝ) කරුණු පසක් දක්නාහු පුතකු පතත්. පුස්නාලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය.
30. කුලවංසො චිරං ඨස‍්සති දායජ‍්ජං පටිජ‍්ජති, අථවා පන පෙතානං දක‍්ඛිණං අනුපදස‍්සති.
30. බොහෝ කලක් කුලවංශය සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් පරලොව ගියවුනට දක්‍ෂිණා ද දෙන්නේ ය.
31. ඨානානෙතානි සම‍්පස‍්සං පුත‍්තං ඉච‍්ඡන‍්ති පණ‍්ඩිතා, තස‍්මා සන‍්තො සප‍්පුරිසා කතඤ‍්ඤූ කතවෙදිනො,
31. පණ්ඩිතයෝ තෙල කරුණු පස දක්නාහු පුතකු පතත්. එහෙයින් ශාන්ත, කළ ගුණ දන්නා, කෘතවේදී, සත්පුරුෂයෝ-
32. භරන‍්ති මාතාපිතරො පුබ‍්බෙ කතමනුස‍්සරං, කරොන‍්ති නෙසං කිච‍්චානි යථා තං පුබ‍්බකාරිනං.
32. (මාපියන්) පෙර කළ දෑ සිහි කරමින් ඒ මාපියන් පුස්නාහ. පූර්‍වොපකාරී වූ ඔවුන්ගේ කිස ඔවුන් කළ පරිදි කරත්.
33. ඔවාදකාරී භතපොසී කුලවංසං අහාපයං, සද‍්ධො සීලෙන සම‍්පන‍්නො පුත‍්තො හොති පසංසියොති.
33. අවවාද පිළිපදිනා, (තමා) පෝෂණය කළවුන් පුස්නා, කුලවංශය නො පිරිහෙළන, සැදැහැති, සිල්සපන් පුත්‍ර ප්‍රශංසාර්‍හ වෙයි.