යෙදුමෙන් කියවන්න

සද‍්ධසුත‍්තං

5. 1. 4. 8.

5. 1. 4. 8.

[සද‍්ධසුත‍්තං]

[සද්ධා සූත්‍රය]

38. පඤ‍්චිමෙ භික‍්ඛවෙ සද‍්ධෙ කුලපුත‍්තෙ ආනිසංසා. කතමෙ පඤ‍්ච?

38. මහණෙනි, සැදැහිති කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

යෙ තෙ භික‍්ඛවෙ ලොකෙ සන‍්තො සප‍්පුරිසා, තෙ සද‍්ධංයෙව පඨමං අනුකම‍්පන‍්ති, නො තථා අස‍්සද‍්ධං. සද‍්ධංයෙව පඨමං උපසඞ‍්කමන‍්තා උපසඞ‍්කමන‍්ති, නො තථා අස‍්සද‍්ධං. සද‍්ධස‍්සෙව පඨමං පතිගණ‍්හන‍්තා පතිගණ‍්හන‍්ති, නො තථා අස‍්සද‍්ධං. සද‍්ධස‍්සෙව පඨමං ධම‍්මං දෙසෙන‍්තා දෙසෙන‍්ති, නො තථා අස‍්සද‍්ධං. සද‍්ධො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.

මහණෙනි, ලෝකයෙහි පරනට අනුග්‍රහ කරණ යම් ඒ ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් නම්, ඔහු පළමු ම සැදැහැතියහුට ම අනුග්‍රහ කරත්. සැදැහැ නැතියහුට එසේ නො කෙරෙත්. එළඹෙන්නාහු සැදැහැතියහු කරා ම එළඹෙත්. සැදැහැ නැතියහු කරා එසේ නො එළඹෙත්. පිළිගන්නාහු පළමු සැදැහැතියහු ම පිළිගන්නාහ. සැදැහැ නැතියහු නො පිළිගණිත්. දම් දෙසන්නාහු පළමු ම සැදැහැතියහුට ම දෙසත්. සැදැහැ නැතියනට නො දෙසත්. සැදැහැතියේ කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගයට පැමිණෙ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච සද‍්ධෙ කුලපුත‍්තෙ ආනිසංසා.

මහණෙනි, සැදැහැවත් කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙක් ඇත.

සෙය්‍යථාපි භික‍්ඛවෙ සුභූමියං චාතුම‍්මහාපථෙ මහානිග්‍රොධො සමන‍්තා පක‍්ඛිනං පටිසරණං හොති, එවමෙව ඛො භික‍්ඛවෙ සද‍්ධො කුලපුත‍්තො බහුනො ජනස‍්ස පටිසරණං හොති: භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානන‍්ති.

මහණෙනි, යම් පරිදි මනා බිමෙක්හි සිවුමංසන්‍ධියෙක වු මහ නුගරුක හාත්පසින් ළිහිණියනට පිළිසරණ වේ ද, මහණෙනි, එසෙයින් ම සැදැහැති කුලපුත් භික්‍ෂු-භික්‍ෂුණී-උපාසක-උපාසිකා යන බොහෝ දෙනාට පිළිසරණ වෙයි.

24. සාඛාපත‍්තඵලූපෙතො ඛන්‍ධිමා ච මහාදුමො, මූලවා ඵලසම‍්පන‍්නො පතිට‍්ඨා හොති පක‍්ඛිනං.

24. සා පත් පල යුත්, කැඳැති, හිටි මුල් ඇති, මහාද්‍රැමයෙක් ළිහිණිනට පිහිට වෙයි.

25. මනොරමෙ ආයතනෙ සෙවන‍්ති නං විහඞ‍්ගමා, ඡායං ඡායත්‍ථිකා යන‍්ති ඵලත්‍ථා ඵලභොජිනො.

25. රමණී අයිනෙහි පිහිටි එ රුක විහගයෝ ඇසුරු කෙරෙත්. සෙවණ රිසියහු සෙවණට යෙත්. පලැටිහු ඵලාර්ත්‍ථී ව (එහි) යෙත්.

26. තථෙව සීලම‍්පන‍්නං සද‍්ධං පුරිසපුග‍්ගලං, නිවාතවුත‍්තිං අත්‍ථද‍්ධං සොරතං සඛිලං මුදුං

26. එසෙයින් ම ශීලයෙන් සමෘද්ධ, සැදැහැති, යටත් පැවතුම් ඇති, (මානාදීන්) නො තද, සුරතභාවයෙන් යුත්, සම්මෝදක, මාර්‍දව ඇති, එ වන් මිනිසා,

27. වීතරාගා වීතදොසා වීතමොහා අනාසවා, පුඤ‍්ඤක‍්ඛෙත‍්තානි ලොකස‍්මිං සෙවන‍්ති තාදිසං නරං.

27. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ, ලොව්හි පින්කෙත් වූ රහත්හු ඇසුරු කෙරෙත්.

28. තෙ තස‍්ස ධම‍්මං දෙසෙන‍්ති සබ‍්බදුක‍්ඛා පනූදනං, යං සො ධම‍්මං ඉධඤ‍්ඤාය පරිනිබ‍්බාති අනාසවොති

28. හෙ යම් ධර්‍මයක් ඉහාත්මයෙහි ම පසක් කොට අනාස්‍රව ව පිරිනිවේ නම්, ඒ රහත්හු හැමදුක් දුරලන එ දහම් ඔහට දෙසත්.