යෙදුමෙන් කියවන්න

දානානිසංසසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 1. 4. 5.

5. 1. 4. 5.

[දානානිසංසසුත‍්තං]

[දානානිසංස සූත්‍රය]

35. පඤ‍්චිමෙ භික‍්ඛවෙ දානෙ ආනිසංසා. කතමෙ පඤ‍්ච?

35. මහණෙනි, දානයෙහි මෙ අනුසස් හු පස්දෙනෙක් වෙති. පස්දෙන කවරයහ යත්:

බහුනො ජනස‍්ස පියො හොති මනාපො. සන‍්තො සප‍්පුරිසා භජන‍්ති. කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. ගිහීධම‍්මා අනපෙතො හොති. කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච දානෙ ආනිසංසාති.

බොහෝ දෙනහට ප්‍රිය - මනාප වෙයි. ශාන්ත සත්පුරුෂයෝ භජනය කෙරෙත්. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව පැන නැඟේ. ගිහී ධර්‍මයෙන් (අඛණ්ඩපඤ්චශීලයෙන්) නොතොර වෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදනේ යි. මහණෙනි, දානයෙහි මේ අනුසස්හු පස්දෙන වෙති.

17. දදමානො පියො හොති සතං ධම‍්මං අනුක‍්කමං, සන‍්තො නං භජන‍්ති සප‍්පුරිසා සඤ‍්ඤතා බ්‍රහ‍්මචාරිනො.

17. සත්පුරුෂ ධර්‍මය අනුව යන දෙන තැනැත්තේ ප්‍රිය වෙයි. සංයත බ්‍රහ්මචාරී ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කෙරෙත්.

18. තෙ තස‍්ස ධම‍්මං දෙසෙන‍්ති සබ‍්බදුක‍්ඛාපනූදනං, යං සො ධම‍්මං ඉධඤ‍්ඤාය පරිනිබ‍්බාති අනාසවොති.

18. ඔහු ඔහට හැමදුක් බැහැර ලන යම් දහමක් දෙසත් ද, මෙ ලොව්හිදී ම හේ එදහම් පිළිබඳ ආස්‍රවරහිත වූයේ පිරිනිවේ යි.

5. 1. 4. 6.

5. 1. 4. 6.

[කාලදානසුත‍්තං]

[කාලදාන සූත්‍රය]

36. පඤ‍්චිමානි භික‍්ඛවෙ කාලදානානි. කතමානි පඤ‍්ච?

36. මහණෙනි, මේ කාලදානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:

ආගන‍්තුකස‍්ස දානං දෙති. ගමිකස‍්ස දානං දෙති. ගිලානස‍්ස දානං දෙති. දුබ‍්භික‍්ඛෙ දානං දෙති. යානි නවසස‍්සානි නවඵලානි, තානි පඨමං සීලවන‍්තෙසු පතිට‍්ඨාපෙති. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච කාලදානානීති.

ආගන්තුකයා හට දන් දෙයි. ගමිකහට දන් දෙයි. ගිලනාහට දන් දෙයි. දුර්භික්‍ෂයෙහි දන් දෙයි. යම් ඒ නවසශ්‍ය - නවඵල කෙනෙක් වෙත් නම් එය පළමු කොට සිල්වතුන් කෙරෙහි පිහිටුවයි. මහණෙනි, මේ වනාහි කාලදානයෝ පස්දෙන වෙති යි.

19. කාලෙ දදන‍්ති සප‍්පඤ‍්ඤා වදඤ‍්ඤූ වීතමච‍්ඡරා කාලෙන දින‍්නං අරියෙසු උජුභූතෙසු තාදිසු, විප‍්පසන‍්නමනා තස‍්ස විපුලා හොති දක‍්ඛිණා,

19. හළ මසුරුමල ඇති භාෂිතඥ (බස දන්නා) වූ සප්‍රාඥයෝ නිසි කල්හි දන් දෙති. තාදී ගුණ ඇති ඍජුභූත ආර්‍ය්‍යයන් කෙරෙහි නිසි කල්හි පහන් සිතින් දුන් දැයෙක් වේ නම් ඔහුගේ දක්‍ෂිණාව විපුල වෙයි.

20. යෙ තත්‍ථ අනුමොදන‍්ති වෙය්‍යාවච‍්චං කරොන‍්ති වා න තෙසං දක‍්ඛිණා ඌනා තෙපි පුඤ‍්ඤස‍්ස භාගිනො.

20. එහි යම් කෙනෙක් අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ගේ දක්‍ෂිණාව ඌන නො වෙයි. ඔහුදු පුණ්‍යභාගීහු වෙත්.

21. තස‍්මා දදෙ ව අප‍්පටිවානචිත‍්තො යත්‍ථ දින‍්නං මහප‍්ඵලං පුඤ‍්ඤානි පරලොකස‍්මිං පතිට‍්ඨා හොන‍්ති පාණිනන‍්ති.

21. එහෙයින් යම් තැනෙක්හි දුන් දැය මහත්ඵල වේ නම් (එහි) උත්කණ්ඨාරහිත සිත් ඇතිව දෙන්නේ ය. පුණ්‍යයෝ ම සත්නට පරලොව්හි පිහිට වෙති යී.

5. 1. 4. 7.

5. 1. 4. 7.

[භොජනසුත‍්තං]

[භෝජන සූත්‍රය]

37. භොජනං භික‍්ඛවෙ දදමානො දායකො පටිග‍්ගාහකානං පඤ‍්ච ඨානානි දෙති. කතමානි පඤ‍්ච?

37. මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත්:

ආයුං දෙති, වණ‍්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභානං දෙති. ආයුං ඛො පන දත්‍වා ආයුස‍්ස භාගී හොති දිබ‍්බස‍්ස වා මානුසස‍්සවා, වණ‍්ණං දත්‍වා -පෙ- සුඛං දත්‍වා -පෙ- බලං දත්‍වා -පෙ- පටිභානං දත්‍වා -පෙ- පටිභාණස‍්ස භාගී හොති දිබ‍්බස‍්ස වා මානුසස‍්ස වා. භොජනං භික‍්ඛවෙ දදමානො දායකො පටිග‍්ගාහකානං ඉමානි පඤ‍්ච ඨානානි දෙති.

ආයුෂ දෙයි. ශරීරවර්‍ණය දෙයි, කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ප්‍රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි.

22. ආයුදො බලදො ධීරො වණ‍්ණදො පටිභාණදො සුඛස‍්ස දාතා මෙධාවී සුඛං සො අධිගච‍්ඡති.

22. ආයුෂය දෙන බලය දෙන, ධෛර්‍ය්‍යසම්පන්න වූ ඒ ප්‍රාඥා සුවයට පැමිණෙයි.

23. ආයුං දත්‍වා බලං වණ‍්ණං සුඛඤ‍්ච පටිභාණකං දීඝායු යසවා හොති යත්‍ථ යත්‍ථුපපජ‍්ජතීති.

23. ආයුෂය ද බලය ද වර්‍ණය ද සුඛය ද ප්‍රතිභානය ද දී යම් යම් තැනෙක උපනේ වේ නම් දීර්‍ඝායුෂ්ක වූයේ යශස් ඇති වෙයි.