සීහසෙනාපතිසුත්තං
5. 1. 4. 4.
5. 1. 4. 4.
[සීහසෙනාපතිසුත්තං]
[සීහසේනාපති සූත්‍රය]
34. එකං සමයං භගවා වෙසාලිසං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච:
34. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර අබියෙස්හි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි (කැණිමඩුලු යොදා කළ පහයෙහි) වසන සේක. එකල්හි සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
සක්කා නු ඛො භන්තෙ සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපෙතුන්ති?
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සාන්දෘෂ්ටික (තමන් විසින් ම දැක්ක යුතු) දානඵල පණවන්නට හැකිවන සේක් ද හෝ?”යි.
සක්කා සීහාති භගවා අවොච. දායකො සීහ දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො. යම්පි සීහ දායකො දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
සීහය, ‘හැක්කම්හ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සීහය, දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය-මනාප වේ නම්, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
පුන චපරං සීහ දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති. යම්පි සීහ දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
තවද සීහය, ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත්. සීහය, යම් හෙයෙකින් ශාන්ත සත්පුරුෂයෝ දානපති දායකයා ඇසුරු කෙරෙත් ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵලයි.
පුන චපරං සීහ දායකස්ස දානපතිනො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. යම්පි සීහ දායකස්ස දානපතිනො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
තවද සීහය, දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ. සීහය, යම් හෙයෙකින් දානපති දායකයාගේ කලණකිතුගොස උස්ව නැගේ ද, මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
පුන චපරං සීහ දායකො දානපති යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං, විසාරදොව උපසඞ්කමති අමඞ්කුභූතො. යම්පි සීහ දායකො දානපති යඤ්ඤදෙවපරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපති පරිසං, යදි සමණපරිසං, විසාරදොව උපසඞ්කමති අමඞ්කුභූතො: ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.
තවද සීහය, දානපති දායකයා ක්ෂත්රිය පර්ෂදකට වේව යි, බ්‍රාහ්මණ පර්ෂදකට වේ ව යි, ගෘහපති පර්ෂදකට වේ වයි, ශ්රමණපර්ෂදකට වේව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම නො මකුව ම එළඹෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායකයා ක්ෂත්රියපර්ෂදකට වේව යි, බ්රාහ්මණපර්ෂදකට වේ ව යි, ගෘහපති පර්ෂදකට වේ ව යි, ශ්රමණපර්ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹේ නම්, විශාරදව ම තෙද සහිතව ම එළඹෙයි. මෙ ද සාන්දෘෂ්ටික දානඵල යි.
පුන චපරං සීහ දායකො දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යම්පි සීහ දායකො දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉදං සම්පරායිකං දානඵලන්ති.
තවද සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට පැමිණෙයි. සීහය, යම් හෙයෙකින් දානපති දායක කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට පැමිණෙන්නේ වේද, මෙ සාම්පරායික (පරලොව) දානඵල යි.
එවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච “යානිමානි භන්තෙ භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි. අහං භන්තෙ දායකො දානපති බහුනො ජනස්ස පියො මනාපො. අහං භන්තෙ දායකො දානපති, මං සන්තො සප්පුරිසා භජන්ති. අහං භන්තෙ දායකො දානපති, මය්හං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: සීහො සෙනාපති දායකො කාරකො සඞ්ඝුපට්ඨාකොති. අහං භන්තෙ දායකො දානපති, යඤ්ඤදෙව පරිසං උපසඞ්කමාමි: යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපති පරිසං, යදි සමණපරිසං, විසාරදොව උපසඞ්කමාමි අමඞ්කුභූතො. යානිමානි භන්තෙ භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි. යඤ්ච ඛො මං භන්තෙ භගවා එවමාහ: ‘දායකො සීහ දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති එතාහං න ජානාමි. එත්ථ ච පනාහං භගවතො සද්ධාය ගච්ඡාමී”ති.
මෙසේ වදාළ කල්හි සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සාන්දෘෂ්ටිකදානඵල කෙනෙක් වදාරණ ලදහු නම්, එහි මම භගවද්ගත ශ්‍රද්ධායෙන් නො එමි. (ශ්‍රද්ධායෙන් ම නො අදහමි.) මම ද තෙල (ප්රත්යක්ෂයෙන්) දනිමි. වහන්ස, මම දානපති දායකයෙමි. බොහෝ දෙනාහට ප්‍රියමනාපයෙමි. වහන්ස, මම් දානපති දායකයෙමි. සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්. වහන්ස, මම දානපති දායකයෙමි. මාගේ කල්යාණකීර්ත්ති ශබ්දය උස්ව නැඟින: ‘සිංහසේනාපති දායකය, කාරකය, සඞ්ඝෝපස්ථානකයැ’යී වහන්ස, මම දානපති දායකයෙම් ක්ෂත්රියපර්ෂදකට වේව යි, බ්රාහ්මණපර්ෂදකට වේ වයි, ගෘහපති පර්ෂදකට වේ ව යි, ශ්‍රමණ පර්ෂදකට වේ ව යි, යම් ම පිරිසකට එළඹෙන්නෙම් නම්, විසාරදයෙම් ම තෙදැතියෙම් ම එළඹෙමි. වහන්ස, භගවත්හු විසින් යම් බඳු මේ සතර සාන්දෘෂ්ටික දානඵල කෙනෙක් වදාරණ ලද්දාහු නම්, එහි මම භගවද්ගත සැදැහැයෙන් නො යෙමි. තෙල කරුණු මම ද දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, දානපති දායකයා කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට පැමිණේ ය’යි මෙසේ යමක් වදාළ සේක් නම්, තෙල කරුණ මම නො දනිමි. මෙ කරුණෙහි මම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධායෙන් යෙමි (අදහමි)”යී.
එවමෙතං සීහ, එව මෙතං සීහ, දායකො දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
සීහය, තෙල එසේ ම ය, සීහය, තෙල එසේ ම ය. දානපති දායක කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට එළඹෙන්නේ ය යි.
14. දදං පියො හොති භජන්ති නං බහූ කිත්තිඤ්ච පප්පොති යසොභිවඩ්ඩති, අමඞ්කුභූතො පරිසං විගාහති විසාරදො හොති නරො අමච්ඡරී.
14. නො මසුරු මිනිස් තෙමේ දන් දෙනුයේ ප්‍රිය වෙයි. බොහෝ දෙන ඔහු ඇසුරු කෙරෙත්. කීර්තියට ද පැමිණේ. යශස් ද වැඩේ. සතේජසකව ම පිරිස් වැද ගණී. විශාරද (ඥානසෞමනස්යයට පැමිණියේ) වෙයි.
15. තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා විනෙය්ය මච්ඡෙරමලං සුඛෙසිනො, තෙ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා දෙවානං සහව්යතං ගතා රමන්ති.
15. එහෙයින් ම සුව කැමැති පණ්ඩිතයෝ මසුරු මල දුරු කොට දන් දෙත්. ඔහු දිගුකලක් දෙව් ලොව පිහිටියාහු දෙවියන්ගේ සහවාසයට ගියාහු රමණය කරත්.
16. කතාවාසා කතකුසලා තතො චුතා සයංපභා අනුවිචරන්ති නන්දනං, තෙ තත්ථ නන්දන්ති රමන්ති මොදරෙ සමප්පිතා කාමගුණෙහි පඤ්චහි. කත්වාන වාක්යං අසිතස්ස තාදිනො රමන්ති සග්ගෙ සුගතස්ස සාවකා’ති.
16. කරණ ලද ආවාස (දෙව්ලොව වාස පිණිස කළකම්) ඇති, කළ කුසල් ඇති ඔහු එයින් (මිනිස් බැවින්) සැව ස්වයම්ප්‍රභ වූවාහු නදුනුයනෙහි සැරිසරත්. ඔහු එහි සතුටු වෙත්. සිත් අලවා වෙසෙත්. පස්කම් ගුණයෙන් සමර්පිත වූවාහු අනිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටිමාන ඇසුරු නො කළ) තාදී ගුණ ඇති භගවත්හුගේ භාෂිතය කොට තථාගතශ්රාවකයෝ ස්වර්ගයෙහි රමණය කෙරෙත්.