උග්ගහසුත්තං
5. 1. 4. 3.
5. 1. 4. 3.
[උග්ගහසුත්තං]
[උග්ගහ සූත්‍රය]
33. එකං සමයං භගවා භද්දියෙ විහරති ජාතියා වනෙ. අථ ඛො උග්ගහො මෙණ්ඩක නත්තා යෙන භගවා තෙනුපඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං එතදවොච:
33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියාවන නම් ස්වයඤ්ජාත වෙනෙහි වැඩවසන සේක. එකල මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මෙණ්ඩක සිටුහු මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය අත්තචතුත්ථො භත්තන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවස් වියයුතු දන් පිණිස තමන් වහන්සේ සතර වන කොට ඇති සේක් මාගේ බත අධිවාසනා කරණ සේක්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. එකල්හි මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගහස්ස මෙණ්ඩකනත්තුනො නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගහො මෙණ්ඩක නත්තා භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටුගේ නිවේසනයට වැඩිසේක. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්සේක. ඉක්බිති මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්පී ය, පැවරීය.
අථ ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං එතදවොච:
ඉන්පසු මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු දන් වැළඳු, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැන එකත් පසෙක හින. එකත් පසෙක හුන් මෙණ්ඩකනප්තෘ උග්ගහ සිටු භාග්‍යවත්හට තෙල සැළ කෙළේ ය:
ඉමා මෙ භන්තෙ කුමාරියො පතිකුලානි ගමිස්සන්ති. ඔවදතු තාසං භන්තෙ භගවා, අනුසාසතු තාසං භන්තෙ භගවා, යං තාසං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
වහන්ස, මාගේ මේ දූකුමරියෝ පතිකුලයට යන්නාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් සේ ඔවුනට දීර්ඝරාත්රයක් හිත සුව පිණිස පවත්නේ වේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට එසේ අනුශාසනා කරණ සේක්වා.
අථ ඛො භගවා තා කුමාරියො එතදවොච: තස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යස්ස වො මාතා පිතරො භත්තුනො දස්සන්ති අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො කිංකාරපටිස්සාවිනියො මනාපචාරිනියො පියවාදිනියොති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ කුමරියනට තෙල වදාළ සේක: කුමරියෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මෙන්නේ ය: “වැඩ කැමැති හිත කැමැති අනුකම්පා ඇති මාපියෝ අනුකම්පා හේතුවෙන් යම් හිමියකුහට දක්වා දෙත් නම්, ඔහට පළමු නැඟී සිටුනා සුල්ලමෝ පස්ව නින්දට යන සුල්ලමෝ කුම් කෙරෙම් දැ යි විමසා කරණ සුල්ලමෝ මනවඩන පරිදි හැසිරෙන සුල්ලමෝ ප්‍රියතෙපුල් බණන සුල්ලමෝ වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
තස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යෙ තෙ භත්තු ගරුනො භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා, තෙ සක්කරිස්සාම ගරුකරිස්සාම, මානිස්සාම, පූජෙස්සාම, අබ්භාගතෙව ආසනොදකෙන පතිපූජෙස්සාමාති එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
කුමරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය. “මව වේව යි, පියා වේව යි, මහණබමුණෝ වෙත්ව යි භර්‍තෘහුගේ යම් ඒ ගුරුහු වෙත් නම්, ඔවුනට සත්කාර කරම්හ, ගුරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, හමුවට පත් ඔවුන් අස්නෙනුදු පාදෝනා දියෙනුදු පුදම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේම හික්මෙන්නේ ය.
තස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා, තත්ථ දක්ඛා භවිස්සාම අනලසා තත්රූපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුන්ති එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
කුමරියෙනි, මෙ කරුණෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්‍තෘහුගේ එළුලොම් (ගෙතීම්) වේව යි, කපු (කැටීම) වේව යි, යම් ඒ අභ්‍යන්තර (ගෘහ) කර්මාන්ත කෙනෙක් වෙත් නම්, එ එ විසාහි දක්ෂ වූවමෝ, අනලස් වූවමෝ එහි සංවිධානෝපාය වූ විමසීමෙන් යුක්ත වූවමෝ, කරන්නට නිසි වූවමෝ, කරවන්නට නිසි වූවමෝ වම්හ”යි. කුමාරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
තස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො, දාසාතිවා පෙස්සාති වා කම්මකරාති වා, තෙසං කතඤ්ච කතතො ජානිස්සාම, අකතඤ්ච අකතතො ජානිස්සාම, ගිලානකානඤ්ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං භොජනීයං චස්ස පච්චයෙන විභජිස්සාමාති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
කුමාරියෙනි, මෙ කරුණෙහි මෙසේ ම හික්මෙන්නේ ය: භර්‍තෘහුගේ දස්හු වෙත්ව යි, ප්රෙෂ්යයෝ (දූතයෝ) වෙත්ව යි, කම්කරුවෝ වෙත්ව යි - යම් ඒ අභ්‍යන්තර වූ ඇතුළත ජනයෝ වෙත් නම්, ඔවුන්ගේ කළ දෑ කළ විසින් දනුම්හ, නො කළ දෑ නො කළවිසින් දනුම්හ, ගිලනුන්ගේ ද බල - අබල දැනුම්හ. (උවැටැන් කරම්හ). ඒ අන්තොජනයාට ඛාද්යභෝජ්යයනුදු උන් උන් ලදමනා කොටස් විසින් බෙදා දෙම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
තස්මාතිහ කුමාරියො එවං සික්ඛිතබ්බං: යං භත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙස්සාම. තස්ස භවිස්සාම අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකායොති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං.
කුමාරියෙනි, මෙහි මෙසේ හික්මෙන්නේ ය: “භර්තෘ තෙමේ ධන වේ වයි, ධාන්‍ය වේ ව යි, රිදී වේ ව යි, රන් වේ ව යි - එ යමක් ම ගෙණ එයි නම්, එය ආරක්ෂායෙන් ගෝපනයෙන් සම්පාදනය කරම්හ, ඔහට ධූර්ති (පුරුෂ ධූර්ති, සුරා ධූර්ති) නො වම්හ, නො සෙර වම්හ, (රහසොඬ ආදීන්) සොඬ නො වම්හ, විනාශිකා නො වම්හ”යි. කුමරියෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
ඉමෙහි ඛො කුමාරියො පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා මනාපකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
කුමරියෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
10. යො නං භරති සබ්බදා නිච්චං ආතාපි උස්සුකො සබ්බකාමහරං පොසං භත්තාරං නාති මඤ්ඤෙති.
10. යම් හිමියෙක් හැම කල්හි වීර්‍ය්‍ය ඇතියේ උත්සාහවත් වූයේ නිතර ඇය පුස්නේ වේ ද, හැම කැමති දැය ම ගෙණදෙන පුස්නා භර්තෘ වූ එ පුඟුල් අතිමඤ්ඤනා විසින් (ඉක්ම) නො සිතන්නී ය.
11. න චාපි සොත්ථි භත්තාරං ඉච්ඡාචාරෙන රොසයෙ භත්තු ච ගරුනො සබ්බෙ පටිපූජෙති පණ්ඩිතා.
11. කළණ එ ස්ත්‍රී ඊපසාචාරයෙන් (හිතුවා කිරීමෙන්) භර්තෘහු කුපිත නො කරන්නී ය. නුවණැති ඕ භර්‍තෘහුගේ වැඩිසිටි දනන් පුදන්නී ය.
12. උට්ඨාහිකා අනලසා සංගහීතපරිජ්ජනා භත්තු මනාපා චරති සම්භතං අනුරක්ඛති.
12. පළමු මැ නැගි සිටුනා සුලු වූවා, අනලස් වූවා, සගත් පිරිවර දනන් ඇත්තී, භර්‍තෘහට ම නවඩනුවට හැසිරෙයි. ඉපයූ දෑ රක්නි ය.
13. යා එවං වත්තතී නාරි භත්තුච්ඡන්දවසානුගා මනාපා නාම තෙ දෙවා යත්ථ සා උපපජ්ජතී ති.
13. යම් ස්ත්‍රියක් මෙසේ පවත්නී ස්වාමියාගේ සඳවිසිය අනුව ගියා යම් දේවනිකායෙක්හි ඕ උපදිනී වූ නම්, ඒ දෙවියෝ මනාපකායිකා නීම්මාණරතී නම්හ.