චුන්දීසුත්තං
5. 1. 4. 2.
5. 1. 4. 2.
[චුන්දීසුත්තං]
[චුන්දි සූත්‍රය]
32. එකං සමයං භගවා රාජගහෙ විහරති කලන්දකනිවාපෙ. අථ ඛො චුන්දී රාජකුමාරී පඤ්චහි රථසතෙහි පඤ්චහි ච කුමාරි සතෙහි පරිවුතා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො චුන්දී රාජකුමාරී භගවන්තං එතදවොච:
32. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල චුන්දි රජකුමරි පන්සියක්රිය පිරිවරිනුදු පන්සියක් කුමරි පිරිවරිනුදු පිරිවැරුණී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුනු. එකත්පසෙක හුන් චුන්දී රජකුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළා:
අම්හාකං භන්තෙ භාතා චුන්දො නාම රාජකුමාරො. සො එවමාහ: “යදෙව සො හොති ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො, පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං යෙව උපපජ්ජති, නො දුග්ගතින්ති.”
වහන්ස, අපගේ භ්‍රාතෘ වූ චුන්ද නම් රාජකුමාරයෙක් ඇත. හේ මෙසේ කියයි: “යම් ඒ ස්ත්‍රියක් වේ ව යි, පුරුෂයෙක් වේ ව යි, බුදුන් සරණ ගියේ, දහම් සරණ ගියේ, සඟුන් සරණ ගියේ, පණිවායෙන් දුරු වූයේ, අයිනාදනින් දුරු වූයේ, කාමයෙහි මිසහසරින් දුරු වූයේ, මුසවායෙන් දුරු වූයේ, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ ද, හෙ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹේ. දුගතියට නොයේ ය”යි.
සාහං භන්තෙ භගවන්තං පුච්ඡාමි: කථංරූපෙ නු ඛො භන්තෙ සත්ථරි පසන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං යෙව උපපජ්ජති, නො දුග්ගතින්ති? සාහං භන්තෙ භගවන්තං පුච්ඡාමි: කථං රූපෙ නු ඛො භන්තෙ ධම්මෙ පසන්නො -පෙ- කථංරූපෙ නු ඛො භන්තෙ සඞ්ඝෙ පසන්නො -පෙ- කථංරූපෙසු සීලෙසු පරිපූරකාරී කායස්ස භෙදා පරම්මරණා සුගතිං යෙව සග්ගං ලොකං උප්පජ්ජති, නො දුග්ගතින්ති?
වහන්ස, තෙල මම් භාග්‍යවතුන් පුළුවුස්නෙමි. වහන්ස, කෙබඳු ශාස්තෘකෙනකුන් කෙරෙහි පහන් වූයේ කාබුන් මරණින් මතු සුගතියට ම එළඹෙන්නේ වේ ද, දුගතියට නොයන්නේ වේ ද? වහන්ස, කෙබඳු වූ ධර්මයෙක්හි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සඟුන් කෙරෙහි පහන් වූයේ ... වහන්ස, කෙබඳු සීලයෙහි පරිපූරකාරී වූයේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්ගලෝකයට ම එළඹේ ද, දුගතියට නො යේ ද?
යාවතා චුන්දි සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධො. යෙ ඛො චුන්දි බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
චුන්දියෙනි, අපදයෝ වෙත් ව යි, ද්විපදයෝ වෙත් ව යි, චතුෂ්පදයෝ වෙත් ව යි, බහුපදයෝ වෙත් ව යි, රූපීහු වෙත් ව යි, අරූපීහු වෙත් ව යි, සංඥිහු වෙත් ව යි, අසංඥීහු වෙත් ව යි, නෛවසංඥීනාසංඥීහු වෙත් ව යි, යම්තාක් සත්ත්වයෝ වෙත් නම්, අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයෝ ඔවුනට අග්‍රයහ යි කියනු ලැබේ. චුන්දයෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වූවාහු නම්, ඔහු අග්‍රයා කෙරෙහි පහන්හ. අග්‍රයා කෙරෙහි පහන් වූවනට අග්‍ර විපාක වෙයි.
‘‘යාවතා, චුන්දි, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ, චුන්දි, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා, අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
චුන්දියෙනි, යම් පමණ හේතුයෙන් නිපන් දහම්හු ඇත් ද, අරී අටඟිමග ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. චුන්දියෙනි, යම් කෙනෙක් අරී අටඟි මගෙහි ප්‍රසන්න වෙත් ද, ඔහු අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයහ. අග්‍රස්ථානයෙහි ප්‍රසන්නයනට අග්‍ර විපාක වෙයි.
යාවතා චුන්දි ධම්මා සංඛතා වා අසංඛතා වා විරාගො තෙසං අග්ගමක්ඛායති යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටූපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ ඛො චුන්දි විරාගෙ ධම්මෙ පසන්නා. අග්ගෙ තෙ පසන්නා අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
චුන්දියෙනි, සංස්කෘතයෝ වෙත් ව යි, අසංස්කෘතයෝ වෙත් ව යි, යම් තාක් ධර්මයෝ වෙත් නම්, විරාගය ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: මදනිම්මදනය වූ පිපාසාවිනය වූ ආලයාගේ සමුග්ඝාතය වූ වර්තෝපච්ඡේදය වූ තෘෂ්ණාක්ෂය වූ විරාග වූ නිරෝධ වූ නිර්වාණය ය යි. චුන්දියෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි පහන්හු ද, ඔහු අග්රයෙහි පහන්හ. අග්රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
යාවතා චුන්දි සඞ්ඝා වා ගණා වා තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා. එස භගවතො සාවකසංඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ ඛො චුන්දි සංඝෙ පසන්නා, අග්ගෙ තෙ පස්සන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
චුන්දියෙනි, සඟහු වෙත් ව යි, ගණහු වෙත් ව යි, යම් තාක් සමූහ කෙනෙක් වෙත් නම්, තථාගතයන්ගේ ශ්‍රාවකසඞ්ඝයා ඔවුනට අග්‍රය යි කියනු ලැබේ. එනම්: චතුෂ්පුරුෂයුග්ම වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ යි. භගවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ගෙනවුත් දෙන දනට නිසි ය. ප්‍රාඝුණ සත්කාරයට නිසි ය. දක්ෂිණාවට නිසි ය. අඤ්ජලිකරණයට නිසි ය. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. චුන්දියෙනි, යම් කෙනෙක් සඞ්ඝයා කෙරෙහි පහන්හු ද, ඔහු අග්රයෙහි පහන්හ. අග්රයෙහි පහන් වූවනට අග්‍රවිපාක වෙයි.
යාවතා චුන්දි සීලානි, අරියකන්තානි තෙසං අග්ගමක්ඛායති - යදිදං අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි. යෙ ඛො චුන්දි අරිය කන්තෙසු සීලෙසු පරිපූරකාරිනො, අග්ගෙ තෙ පරිපූරකාරිනො. අග්ගෙ ඛො පන පරිපූරකාරීනං අග්ගො විපාකො හොතීති.
චුන්දියෙනි, යම් තාක් සිල් ඇත් නම්, ආර්‍ය්‍යයනට කාන්ත වූ (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වූ) සීලයෝ ඔවුනට අග්රහයි කියනු ලැබේ. එනම්: අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ නුවණැතියන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධියට හිත පිණිස වූ සීලයෝ යි. චුන්දියෙනි, යම් කෙනෙක් ආර්ය්යකාන්තශීලයෙහි පරිපූරකාරී වෙත් නම්, ඔහු අග්රයෙහි පරිපූරකාරී වෙත්. අග්රයෙහි පරිපූරකාරීනට අග්‍රවිපාක වේ ය යි.
6. අග්ගතො වෙ පසන්නානං අග්ගං ධම්මං විජානතං අග්ගෙ බුද්ධෙ පසන්නානං දක්ඛිණෙය්යෙ අනුත්තරෙ,
6. ඒකාන්තයෙන් (රත්නත්‍රය විෂයෙහි) අග්රභාවයෙන් පහන් වූ අග්‍ර ධර්මය (රත්නත්‍රයෙහි උත්තමස්වභාවය) දක්නාවුන්ට ද, අනුත්තරදක්ෂිණාර්හ වූ අග්‍ර බුදුරජුන් කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
7. අග්ගෙ ධම්මෙ පසන්නානං විරාගූපසමෙ සුඛෙ අග්ගෙ සංඝෙ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ,
7. විරාගයට හා උපශමයට හේතු වූ, සංසාර දුඃඛක්‍ෂය භාවයෙන් සුඛ ඇති, අග්‍ර වූ ධර්මයෙහි පහන් වූවනට ද, අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ අග්රසඞ්ඝයා කෙරෙහි පහන් වූවනට ද (අග්‍රවිපාක වේ.)
8. අග්ගස්මිං දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඪති අග්ගං ආයූ ච වණ්ණො ච යසො කිත්ති සුඛං බලං.
8. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙනුවනට අග්‍ර පුණ්‍යය වැඩෙ යි. අග්‍ර ආයුෂ ද වර්ණය ද යශස් (පිරිවර) ද කීර්තිය ද සුඛය ද බලය ද වැඩේ.
9. අග්ගස්ස දාතා මෙධාවී අග්ගධම්මසමාහිතො දෙවභූතො මනුස්සො වා අග්ගප්පත්තො පමොදතීති.
9. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන අග්රප්රසාදධර්මයෙහි මොනොවට පිහිටි නුවණැතියේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍රභාවයට පැමිණියේ ප්‍රමුදිත වෙයි.