යෙදුමෙන් කියවන්න

සුමනාසුත‍්තං

5. 1. 4. 1.

5. 1. 4. 1.

[සුමනාසුත‍්තං]

[සුමනා සූත්‍රය]

31. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො සුමනා රාජකුමාරී පඤ‍්චහි රථසතෙහි පඤ‍්චහි රාජකුමාරිසතෙහි පරිවුතා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නා ඛො සුමනා රාජකුමාරී භගවන‍්තං එතදවොච:

31. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි සුමනා රජ කුමරි පන්සියක් රියපිරිවරින් පන්සියක් රජකුමරි පිරිවරින් පරිවෘතව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් සමන් කුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළා:

ඉධස‍්සු භන‍්තෙ භගවතො ද‍්වෙ සාවකා සමසද‍්ධා සමසීලා සමපඤ‍්ඤා, එකො දායකො එකො අදායකො, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජෙය්‍යුං, දෙවභූතානම‍්පන නෙසං භන‍්තෙ සියා විසෙසො සියා නානාකරණන‍්ති? සියා සුමනෙ’ති භගවා අවොච.

වහන්ස, මෙ සස්නෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධායෙන් සමයහ. ශීලයෙන් සමයහ. ප්‍රඥායෙන් සමයහ. එකෙක් දායකය. එකෙක් අදායකය. ඔහු කාබුන්මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙති. වහන්ස, දෙවි වූ (දායක අදායක වන) ඔවුන්ගේ විශේෂයෙක් වන්නේ ද වෙනස් කරුණෙක් ඇති ද හෝ?යි. “ඇත, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං දෙවභූතො සමානො පඤ‍්චහි ඨානෙහි අධිගණ‍්හාති: දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන, දිබ‍්බෙන යසෙන, දිබ‍්බෙන ආධිපතෙය්‍යෙන. යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං දෙවභූතො සමානො ඉමෙහි පඤ‍්චහි ඨානෙහි අධිගණ‍්හාති.

සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ දෙවිවූයේම අසෝ අදායකයා (දන් නො දෙන්නා) දිව්‍ය ආයුෂයෙන, දිව්‍යවර්‍ණයෙන, දිව්‍යසුඛයෙන, දිව්‍යයශසින, දිව්‍ය ආධිපත්‍ය (අධිපතිභාව) යෙනැයි කරුණු පසෙකින් අභිභවන්නේ (යටපත් කරන්නේ) ය. සුමනාවෙනි, යම් දායකයෙක් (දන් දෙන්නෙක්) වේ නම්, හේ දෙවි වූයේ ම තෙල දන් නො දෙනහු මෙ කරුණු පසින් අභිභවන්නේය යි.

සචෙ පන තෙ භන‍්තෙ තතො චුතා ඉත්‍ථත‍්තං ආගච‍්ඡන‍්ති, මනුස‍්සභූතානං පන තෙසං භන‍්තෙ සියා විසෙසො, සියා නානාකරණන‍්ති? සියා සුමනෙති භගවා අවොච.

වහන්ස, ඉදින් ඔහු එයින් සැව මේ මනුෂ්‍යත්‍වයට එත් නම්, මනුෂ්‍යවූ උන්ගේ විශේෂයෙක් වන්නේ යැ හෝ වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං මනුස‍්සභූතො සමානො පඤ‍්චහි ඨානෙහි අධිගණ‍්හාති: මානුසකෙන ආයුනා, මානුසකෙන වණ‍්ණෙන, මානුසකෙන සුඛෙන, මානුසකෙන යසෙන, මානුසකෙන ආධිපතෙය්‍යෙන. යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං මනුස‍්සභූතො සමානො ඉමෙහි පඤ‍්චහි ඨානෙහි අධිගණ‍්හාති.

සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මානුෂක ආයුෂයෙන, මානුෂකවූ වර්‍ණයෙන, මානුෂකවූ සුඛයෙන, මානුෂකවූ යශසින, මානුෂකවූ ආධීපත්‍යයෙනැයි කරුණු පසෙකින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ මනුෂ්‍ය වූයේ ම මේ කරුණු පසින් තෙල අදායකයා මැඩගෙණ සිටුනේය.

සචෙ පන තෙ භන‍්තෙ උභො අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, පබ‍්බජිතානං පන නෙසං භන‍්තෙ සියා විසෙසො සියා නානාකරණන‍්ති? සියා සුමනෙති භගවා අවොච.

වහන්ස, ඉදින් ඒ දෙදෙන ගිහිගෙන් නික්ම ශාසනයට වදිත් නම් වහන්ස, පැවිදි වූ ඔවුන්ගේ විශේෂයෙක වන්නේය, වෙනස් කරුණෙක් වන්නේය හෝ?යි. “වන්නේ ය, සුමනාවෙනි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං පබ‍්බජිතො සමානො පඤ‍්චහි ඨානෙහි අධිගණ‍්හාති: යාචිතො’ව බහුලං චීවරං පරිභුඤ‍්ජති අප‍්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජති, අප‍්පං අයාචිතො. යාචිතො’ව බහුලං සෙනාසනං පරිභුඤ‍්ජති, අප‍්පං අයාචිතො. යාචිතො’ව බහුලං ගිලාන පච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරං පරිභුඤ‍්ජති, අප‍්පං අයාචිතො:

සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම තෙල අදායකයා කරුණු පසෙකින් මැඩගෙණ සිටුනේය: යදනා ලදුයේම (අනුන්ගේ පැවරීමෙන් ම) බහුල වශයෙන් චීවර පරිභෝග කරන්නේය, නොයදනා ලදුයේ අල්ප කොට පරිභෝග කරන්නේ ය. යදනා ලදුයේ ම බහුල වශයෙන් පිඬුවා වලඳන්නේය, නොයදනා ලදුයේ අල්පවශයෙනි. යදනා ලදුයේ ම බහුල විසින් ශයනාසන වළඳ කෙරෙයි, නො යදනා ලදුයේ අල්ප විසින් වළඳනේ ය. යදනා ලදුයේ ම බෙහෙවින් ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳන්නේය, නොයදනා ලදුයේ අල්ප විසිනි.

යෙහි ඛො පන සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං විහරති, ත්‍යාස‍්ස මනාපෙනෙව බහුලං කායකම‍්මෙන සමුදාචරන‍්ති, අප‍්පං අමනාපෙන, මනාපෙනෙව බහුලං වචීකම‍්මෙන සමුදාචරන‍්ති, අප‍්පං අමනාපෙන, මනාපෙනෙව බහුලං මනොකම‍්මෙන සමුදාචරන‍්ති, අප‍්පං අමනාපෙන. මනාපං යෙව උපහාරං උපහරන‍්ති, අප‍්පං අමනාපං. යො සො සුමනෙ දායකො, සො අමුං අදායකං පබ‍්බජිතො සමානො ඉමෙහි පඤ‍්චහි ඨානෙහි අධිගණ‍්හාති.

යම් සබ්‍රම්සරුන් හා වෙසේ නම්, ඔහු (ඒ දායක පැවිදිනට) මනාප වූ ම කායකර්‍මයෙන් බෙහෙවින් හැසිරෙත්. අමනාප කායකර්‍මයෙන් අල්ප විසිනි. මනාප වූ ම වාක්කර්‍මයෙන් බහුල විසින් හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම මනඃකර්‍මයෙන් බහුල කොට හැසිරෙත්. අමනාපයෙන් අල්ප විසිනි. මනාප වූ ම උපහාර එළවත්. අමනාප උපහාර අල්පවශයෙනි. සුමනාවෙනි, යම් දායකයෙක් වේ නම්, හේ පැවිදි වූයේ ම මේ පස්කරුණින් තෙල අදායක මහණ මැඩ සිටුනේ ය.

සචෙ පන තෙ භන‍්තෙ උභො අරහත‍්තං පාපුණන‍්ති, අරහත‍්තප‍්පත‍්තානං පන නෙසං භන‍්තෙ සියා විසෙසො සියා නානාකරණන‍්ති?

වහන්ස, ඉදින් ඔහු දෙදෙන අර්‍හත්‍වයට පැමිණෙත් නම්, අර්‍හත්‍වයට පත් ඔවුන්ගේ විශේෂයෙක් වන්නේය, නානාකරණයෙක් වන්නේය හෝ?යි.

එත්‍ථ ඛො පනෙසාහං සුමනෙ න කිඤ‍්චි නානාකරණං වදාමි යදිදං විමුත‍්තියා විමුත‍්තින‍්ති.

සුමනාවෙනි, මෙ විෂයෙහි මම උන්ගේ කිසිදු නානාකරුණක් නොවදාරමි. එනම්-(එකකුගේ) විමුක්තිය හා (අනෙකාගේ) විමුක්තිය යි. (අර්‍හත්ත්‍වයෙහි වෙනෙසෙක් නොවේ ම ය.)

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ. යාවඤ‍්චිදං භන‍්තෙ අලමෙව දානානි දාතුං, අලං පුඤ‍්ඤානි කාතුං, යත්‍ර හි නාම දෙවභූතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානි, මනුස‍්සභූතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානි, පබ‍්බජිතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානීති.

වහන්ස, අසිරිය, වහන්ස, අද්භූතයි. වහන්ස, දෙවිවුවහුට ද යම් ම පින් උපකාර වේ ද, මිනිස් වූවහුට ද යම් ම පින් උපකාර වේ ද, පැවිදි වූවහුට ද යම් ම පින් උපකාර වේද, එහෙයින් දන්දීම ඉතා නිසි ම ය. පින්කළ යුතු ම ය.

එව මෙතං සුමනෙ, එවමෙතං සුමනෙ. අලං හි සුමනෙ දානානි දාතුං, අලං පුඤ‍්ඤානි කාතුං. දෙවභූතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානි. මනුස‍්සභූතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානි, පබ‍්බජිතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානීති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

සුමනාවෙනි, තෙල එසේ මැයි. සුමනාවෙනි, තෙල එසේ මැ යි. සුමනාවෙනි, දන්දිය යුතු ම ය. සුමනාවෙනි, පින් කළ යුතු ම ය. දෙවිවුවහුට ද පින් උපකාර වෙයි, මනුෂ්‍යවුවහුට ද පින් උපකාර වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාර වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා එක්බිති තදන්‍යය (තෙල ගා) වදාළ සේක:

1. යථාපි චන්‍දො විමලො ගච‍්ඡං ආකාසධාතුයා සබ‍්බෙ තාරා ගණෙ ලොකෙ ආභාය අතිරොචති,

1. යම් සෙයින් නිර්‍මල චන්‍ද්‍රයා අහසින් යනුයේ ලොව හැම තරු කැලන් සිය එළියෙන් අභිභවා වොරදනේ වේ ද,

2. තථෙව සීලසම‍්පන‍්නො සද‍්ධො පුරිසපුග‍්ගලො සබ‍්බෙ මච‍්ඡරිනො ලොකෙ චාගෙන අතිරොචති.

2. එසෙයින් සිල් සපන් සැදැහැති පුරුෂපුද්ගලයා ලොව හැම මසුරන් ත්‍යාගයෙන් අභිභවා වොරදනේ වේ.

3. යථාපි මෙඝො ථනයං විජ‍්ජුමාලී සතක‍්කකු ථලං නින‍්නං ච පූරෙති අභිවස‍්සං වසුන්‍ධරං,

3. යම් සෙයින් විදුලිමාලි ඇති, සියගණන් මේකුළු ඇති, ගිගිරිකරණ මේඝය පෘථිවිය තෙමමින් ගොඩවළ පුරවාද,

4. එවං දස‍්සන සම‍්පන‍්නො සම‍්මා සම‍්බුද‍්ධසාවකො මච‍්ඡරිං අධිගණ‍්හාති පඤ‍්චඨානෙහි පණ‍්ඩිතො:

4. එසෙයින් දර්‍ශන සම්පන්න (සෝවන්) පණ්ඩිත සම්‍යක් සම්බුද්ධශ්‍රාවක පස්කරුණෙකින් මසුරහු අභිභවන්නේ වෙයි.

5. ආයුනා යසසා වෙච වණ‍්ණෙන ච සුඛෙන ච සචෙ භොග පරිබ‍්බූළ‍්හො පෙච‍්ච සග‍්ගෙ පමොදතීති.

5. ආයුෂයෙන, යශසින, වර්‍ණයෙන, සුඛයෙනැයි (හේ මසුරා දනන්නේය). හෙ එකැතියෙන් දානාඛ්‍යභෝගෞඝයා විසින් (දාන නමැති ජලොඝය විසින් සුගතිය කරා) පමුණුවනු ලැබුයේ පරලොව ගොස් ස්වර්‍ගයෙහි ද සතුටු වෙයි.