1. සුමනාසුත්තවණ්ණනා අට්ඨකථා
1. සුමනාසුත්තවණ්ණනා
1. සුමනා සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස පඨමෙ සුමනා රාජකුමාරීති මහාසක්කාරං කත්වා පත්ථනං පත්ථෙත්වා එවං ලද්ධනාමා රාජකඤ්ඤා. විපස්සිසම්මාසම්බුද්ධකාලස්මිං හි නාගරෙසු “යුද්ධම්පි කත්වා සත්ථාරං අම්හාකං ගණ්හිස්සාමා”ති සෙනාපතිං නිස්සාය බුද්ධප්පමුඛං සඞ්ඝං ලභිත්වා පටිපාටියා පුඤ්ඤානි කාතුං ආරද්ධෙසු සබ්බපඨමදිවසො සෙනාපතිස්ස වාරො අහොසි. තස්මිං දිවසෙ සෙනාපති මහාදානං සජ්ජෙත්වා “අජ්ජ යථා අඤ්ඤො කොචි එකභික්ඛම්පි න දෙති, එවං රක්ඛථා”ති සමන්තා පුරිසෙ ඨපෙසි. තංදිවසං සෙට්ඨිභරියා රොදමානා පඤ්චහි කුමාරිකාසතෙහි සද්ධිං කීළිත්වා ආගතං ධීතරං ආහ – “සචෙ, අම්ම, තව පිතා ජීවෙය්ය, අජ්ජාහං පඨමං දසබලං භොජෙය්ය”න්ති. සා තං ආහ – “අම්ම, මා චින්තයි, අහං තථා කරිස්සාමි, යථා බුද්ධප්පමුඛො සඞ්ඝො අම්හාකං පඨමං භික්ඛං භුඤ්ජිස්සතී”ති. තතො සතසහස්සග්ඝනිකාය සුවණ්ණපාතියා නිරුදකපායාසං පූරෙත්වා සප්පිමධුසක්ඛරාදීහි අභිසඞ්ඛරිත්වා අඤ්ඤිස්සා පාතියා පටිකුජ්ජිත්වා තං සුමනමාලාගුළෙහි පරික්ඛිපිත්වා මාලාගුළසදිසං කත්වා භගවතො ගාමං පවිසනවෙලාය සයමෙව උක්ඛිපිත්වා ධාතිගණපරිවුතා ඝරා නික්ඛමි.
සිවුවැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි සුමනාරාජකුමාරී යනු මහත් සත්කාර කොට පැතුම් පතා මෙසේ ලබන ලද නම් ඇති රජකුමරියකි. විපස්සී සම්මා සම්බුදුන් වහන්සේගේ සමයෙහි නුවර වැසියන් යුද්ධ ද කොට ශාස්තෲන් වහන්සේ අපට ගන්නෙමුයි සෙන්පතියා නිසා බුදුපාමොක් සඟන ලබා පිළිවෙළින් පින් කිරීමට පටන්ගත් විට සියල්ලන්ට පළමු දිනය සෙන්පතියාට විය, එදවස සෙන්පතිතෙමේ මහදන් පිළියෙල කරවා අද යම්සේ අන් කිසිවෙක් එක් භික්ෂුවකට පවා නොදෙයි ද එසේ රැකවල් තබවුයි හාත්පස පුරුෂයන් තැබීය, එදවස සිටු බිරිඳ කුමාරිකාවන් පන්සියයක් සමඟ කෙළි සෙල්ලම කොට පැමිණි දියණියට හඬමින් මෙසේ කීවාය: “ඉදින් දරුව, ඔබේ පියා ජීවත්ව සිටියේ නම් අද මම පළමුව දශබලයන් වහන්සේ වළඳවන්නෙමි” දියණිය ඇයට මෙසේ කීවාය. “මෑණියනි, නොසිතන්න, යම්සේ බුදු පාමොක් සඟන පළමුව අපගේ දානය වළඳන්නේද මම එසේ කරමි”, ඉක්බිති ලක්ෂයක් වටිනා රන්තලියෙහි දිය නුමුසු පායාසය පුරවා ගිතෙල්, මී, සකුරුවලින් සරසා අනෙක් තලියකින් වසා එය සමන්මල් සමූහයෙන් වටකොට මල්ගුළාවක් මෙන් කොට භාග්‍යවතුන් වහන්සේ ගමට පිවිසෙන වේලාවෙහි තමාම ඔසවාගෙන දැසි සමූහයා විසින් පිරිවරන ලද්දී ගෙයින් නික්මුණාය,
අන්තරාමග්ගෙ සෙනාපතිනො උපට්ඨාකා, “අම්ම, මා ඉතො ආගමා”ති වදන්ති. මහාපුඤ්ඤා නාම මනාපකථා හොන්ති, න ච තෙසං පුනප්පුනං භණන්තානං කථා පටික්ඛිපිතුං සක්කා හොති. සා “චූළපිත, මහාපිත, මාතුල, කිස්ස තුම්හෙ ගන්තුං න දෙථා”ති ආහ. සෙනාපතිනා “අඤ්ඤස්ස කස්සචි ඛාදනීයං භොජනීයං මා දෙථා”ති ඨපිතම්හ, අම්මාති. කිං පන මම හත්ථෙ ඛාදනීයං භොජනීයං පස්සථාති? මාලාගුළං පස්සාමාති. කිං තුම්හාකං සෙනාපති මාලාපූජම්පි කාතුං න දෙතීති? දෙති, අම්මාති. තෙන හි අපෙථාති භගවන්තං උපසඞ්කමිත්වා “මාලාගුළං ගණ්හථ භගවා”ති ආහ. භගවා එකං සෙනාපතිස්ස උපට්ඨාකං ඔලොකෙත්වා මාලාගුළං ගණ්හාපෙසි. සා භගවන්තං වන්දිත්වා “භවාභවාභිනිබ්බත්තියං මෙ සති පරිතස්සනජීවිතං නාම මා හොතු, අයං සුමනමාලා විය නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ පියාව හොමි, නාමෙන ච සුමනායෙවා”ති පත්ථනං කත්වා සත්ථාරා “සුඛිනී හොහී”ති වුත්තා වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
අතරමග සෙන්පතියාගේ උපස්ථායකයෝ දරුව මෙතැන් සිට නොඑවයි කියති. මහ පිනැත්තෝ නම් සිත්ගන්නාසුලු කථා ඇත්තෝ වෙති. ඔවුන් නැවත නැවත කියන විට පිළිකෙවු කිරීමට නොහැකි වෙයි, ඕ තොමෝ “සුළුපියාණෙනි, මහණෙනි, මයිළණුවෙනි, කුමක් නිසා නුඹලා යාමට නොදෙවුදැයි ඇසුවාය” දරුව සෙන්පතිතුමා විසින් අන්කිසිවකුට කෑ යුතු බිඳියයුතු දෑ දීමට ඉඩ නොදෙව්යයි තැබුවෝ වෙමු.” ඔවුහු කීහ. “කිම, මා අත කෑයුතු බිදිය යුතු දෑ දකීවිද?”, “මල් ගුළක් දකිමු”, කිම නුඹලාගේ සෙන්පති මල්පිදීමට ද නොදෙයි ද?”, “දරුව දෙයි”, එසේ නම් ඉවත් වෙව්යි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්ස, මල් ගුළාව ගනු මැනවයි කීවාය, භාග්‍යවතුන් වහන්සේ සෙන්පතිගේ එක් උපස්ථායකයකු බලා මල්ගුළාව ගැන්වූ සේක. ඕතොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, භාග්‍යවතුන් වහන්ස, මට සසර උපතෙහිදී සිහි තැතිගන්වන ජීවිතයක් නම් නොවේවා! මේ සමන්මල් මෙන් උපනුපන් තැන ප්‍රියජනක වූවාම වෙමි, නමින් ද සුමනා වෙමැයි පතා ශාස්තෲන් වහන්සේ විසින් සුවපත් වේවායි කියන ලද්දී වැඳ පැදකුණු කොට ගියාය.
භගවාපි සෙනාපතිස්ස ගෙහං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. සෙනාපති යාගුං ගහෙත්වා උපගඤ්ඡි, සත්ථා හත්ථෙන පත්තං පිදහි. නිසින්නො, භන්තෙ, භික්ඛුසඞ්ඝොති. අත්ථි නො එකො අන්තරාමග්ගෙ පිණ්ඩපාතො ලද්ධොති? මාලං අපනෙත්වා පිණ්ඩපාතං අද්දස. චූළුපට්ඨාකො ආහ – “සාමි මාලාති මං වත්වා මාතුගාමො වඤ්චෙසී”ති. පායාසො භගවන්තං ආදිං කත්වා සබ්බභික්ඛූනං පහොසි. සෙනාපති අත්තනො දෙය්යධම්මං අදාසි. සත්ථා භත්තකිච්චං කත්වා මඞ්ගලං වත්වා පක්කාමි. සෙනාපති “කා නාම සා පිණ්ඩපාතමදාසී”ති පුච්ඡි. සෙට්ඨිධීතා සාමීති. සප්පඤ්ඤා ඉත්ථී, එවරූපාය ඝරෙ වසන්තියා පුරිසස්ස සග්ගසම්පත්ති නාම න දුල්ලභාති කං ආනෙත්වා ජෙට්ඨකට්ඨානෙ ඨපෙසි?
භාග්‍යවතුන් වහන්සේ ද සෙන්පතියාගේ ගෙට ගොස් පනවනලද අසුනෙහි හුන්සේක. සෙන්පති තෙමේ කැඳ ගෙන එළඹියේය. ශාස්තෲන් වහන්සේ අත වැසූ සේක. “ස්වාමීනි, භික්ෂු සංඝයා වැඩහුන්නේයි හෙතෙම කීය. “අතරමගදී ලද එක් පිණ්ඩපාතයක් අපට තිබේ”. හෙතෙම මල්දම ඉවත් කරවා පිණ්ඩපාතය දුටුවේය. සුළු උපස්ථායක තෙමේ “ස්වාමීනි, එක් කාන්තාවක් මල්ගුළාවකැයි කියා මා රැවැටියයි කීවේය. පායාසය භාග්‍යවතුන් වහන්සේ ආදි කොට ඇති සියලු භික්ෂූන්ට ප්‍රමාණවත් විය. සෙන්පති තෙමේ තමාගේ දානය දුන්නේය. ශාස්තෲන් වහන්සේ බත්කිස කොට වැඩදායක දේ පවසා වැඩිසේක. සෙන්පති තෙමේ කවර තැනැත්තියක් නම් පිණ්ඩපාතය දුන්නේදැයි ඇසීය. “ස්වාමීනි සිටුදියණියය” “නුවණැති ස්ත්‍රියකි, මෙබඳු තැනැත්තියක් ගෙහි වසන විට පිරිමියාට ස්වර්ග සම්පත්තිය දුලබ නොවේයයි ඇය ගෙන්වා ප්රධානස්ථානයෙහි තැබීය.
සා පිතුගෙහෙ ච සෙනාපතිගෙහෙ ච ධනං ගහෙත්වා යාවතායුකං තථාගතස්ස දානං දත්වා පුඤ්ඤානි කරිත්වා තතො චුතා කාමාවචරදෙවලොකෙ නිබ්බත්ති. නිබ්බත්තක්ඛණෙයෙව ජාණුප්පමාණෙන ඔධිනා සකලං දෙවලොකං පරිපූරයමානං සුමනවස්සං වස්සි. දෙවතා “අයං අත්තනාව අත්තනො නාමං ගහෙත්වා ආගතා”ති “සුමනා දෙවධීතා”ත්වෙවස්සා නාමං අකංසු. සා එකනවුතිකප්පෙ දෙවෙසු ච මනුස්සෙසු ච සංසරන්තී නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ අවිජහිතසුමනවස්සා “සුමනා සුමනා”ත්වෙව නාමා අහොසි. ඉමස්මිං පන කාලෙ කොසලරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. තාපි පඤ්චසතා කුමාරිකා තංදිවසඤ්ඤෙව තස්මිං තස්මිං කුලෙ පටිසන්ධිං ගහෙත්වා එකදිවසෙයෙව සබ්බා මාතුකුච්ඡිතො නික්ඛමිංසු. තංඛණංයෙව ජාණුප්පමාණෙන ඔධිනා සුමනවස්සං වස්සි. තං දිස්වා රාජා “පුබ්බෙ කතාභිනීහාරා එසා භවිස්සතී”ති තුට්ඨමානසො “ධීතා මෙ අත්තනාව අත්තනො නාමං ගහෙත්වා ආගතා”ති සුමනාත්වෙවස්සා නාමං කත්වා “මය්හං ධීතා න එකිකාව නිබ්බත්තිස්සතී”ති නගරං විචිනාපෙන්තො ‘පඤ්ච දාරිකාසතානි ජාතානී”ති සුත්වා සබ්බා අත්තනාව පොසාපෙසි. මාසෙ මාසෙ සම්පතෙ “ආනෙත්වා මම ධීතු දස්සෙථා”ති ආහ. එවමෙසා මහාසක්කාරං කත්වා පත්ථනං පත්ථෙත්වා එවංලද්ධනාමාති වෙදිතබ්බා.
ඕතොමෝ පියාගේ ගෙහි ද සෙනෙවි ගෙහිද ධනය ගෙන දිවි ඇති තෙක් තථාගතයන් වහන්සේට දන් දී පින්කොට එයින් සැවවූවා කාමාවචර දිව්‍යලෝකයෙහි උපන්නාය. උපන් කෙණෙහිම දණක් පමණ වූ පෙදෙසින් සියලු දෙව්ලොව පුරවමින් සමන් වැසි වැස්සේය. දෙවියෝ මෝ තමාම තමාගේ නම රැගෙන ආයේයැයි සුමනා දෙව්දුවයැයි ඇයට නම් කළාහුය. ඕ අනූ එක් කපක් දෙවියන් අතුරෙහි ද මිනිසුන් අතුරෙහි ද හැසිරෙන්නී උපනුපන් තැන නොහරනලද සමන්මල් වැසි ඇත්තී සුමනා සුමනායි නම් වූයේය. මෙකල්හි කොසොල් රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසඳ ගත්තාය. ඒ පන්සියයක් කුමරියෝ ද එදවසම ඒ ඒ කුලයෙහි පිළිසිඳ ගෙන එක්දිනයෙහිම සියල්ලෝ මව්කුසින් නික්මුණාහ. එකෙණෙහිම දණක් පමණ උසට සමන්මල් වැසි වැටිණ. එය දැක රජතෙමේ මෝ කරන ලද පැතුම් ඇත්තී වන්නීයයි සතුටු සිතැත්තේ මගේ දුව තමාම තමාගේ නම රැගෙන ආවායි ඇයට සුමනායි නම් කොට මගෙ දුව හුදෙකලාව නොඋපදින්නී යයි නුවර පරීක්ෂා කරවා දැරියෝ පන්සියයක් උපන්නාහයි අසා සියල්ලන් තමන්ම පෝෂණය කරවූයේය. මසින්මස ඒ දැරියන්ට මගේ දුව දක්වමියි කිය. මෙසේ මෝ මහත් සත්කාර කොට පැතුම් පතා මෙසේ ලබනලද නම් ඇත්තීයයි දතයුතුය.
තස්සා සත්තවස්සිකකාලෙ අනාථපිණ්ඩිකෙන විහාරං නිට්ඨාපෙත්වා තථාගතස්ස දූතෙ පෙසිතෙ සත්ථා භික්ඛුසඞ්ඝපරිවාරො සාවත්ථිං අගමාසි. අනාථපිණ්ඩිකො ගන්ත්වා රාජානං එවමාහ – “මහාරාජ, සත්ථු ඉධාගමනං අම්හාකම්පි මඞ්ගලං තුම්හාකම්පි මඞ්ගලමෙව, සුමනං රාජකුමාරිං පඤ්චහි දාරිකාසතෙහි සද්ධිං පුණ්ණඝටෙ ච ගන්ධමාලාදීනි ච ගාහාපෙත්වා දසබලස්ස පච්චුග්ගමනං පෙසෙථා”ති. රාජා “සාධු මහාසෙට්ඨී”ති තථා අකාසි. සාපි රඤ්ඤා වුත්තනයෙනෙව ගන්ත්වා සත්ථාරං වන්දිත්වා ගන්ධමාලාදීහි පූජෙත්වා එකමන්තං අට්ඨාසි. සත්ථා තස්සා ධම්මං දෙසෙසි. සා පඤ්චහි කුමාරිකාසතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. අඤ්ඤානිපි පඤ්ච දාරිකාසතානි පඤ්ච මාතුගාමසතානි පඤ්ච උපාසකසතානි තස්මිංයෙව ඛණෙ සොතාපත්තිඵලං පාපුණිංසු. එවං තස්මිං දිවසෙ අන්තරාමග්ගෙයෙව ද්වෙ සොතාපන්නසහස්සානි ජාතානි.
ඇයට සත්අවුරුදු කාලයෙහි අනේපිඬු සිටු විසින් වෙහෙර නිමවා තථාගතයන් වහන්සේට දූතයකු යැවූ කල්හි ශාස්තෲන් වහන්සේ බික්සඟන පිරිවරන ලද සේක් සැවතට වැඩමවූ සේක. අනේපිඬු සිටුතෙමේ ගොස් රජුට මෙසේ කීය: “මහරජතුමනි, ශාස්තෲන් වහන්සේ මෙහි පැමිණීම අපට ද මංගල්‍යයකි, නුඹවහන්සේට ද මංගල්‍යයකි, සුමනා රජ කුමරිය පන්සියයක් දැරියන් සමඟ පුන්කලස් ද ගඳමල් ආදිය ද ගන්වා භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කිරීමට යැව්ව මැනව”. රජතෙමේ මැනව, මහසිටාණෙනියි එසේ කළේය. ඕ තොමෝ ද රජු කී පරිද්දෙන්ම ගොස් ශාස්තෲන් වැඳ ගඳමල් ආදියෙන් පුදා එකත්පසෙක සිටියාය. ශාස්තෲන් වහන්සේ ඇයට දම්දෙසූ සේක. ඕ පන්සියයක්. කුමරියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියාය. අන්‍ය වූ ද පන්සියයක් දැරියෝ ද පන්සියයක් කාන්තාවෝ ද පන්සියයක් උවසුවෝ ද එකෙණෙහිම සෝවාන් පෙලෙහි පිහිටියහ. මෙසේ එදවස අතරමගදීම සෝවාන්වූවෝ දෙදහසක් වූහ.
යෙන භගවා තෙනුපසඞ්කමීති කස්මා උපසඞ්කමීති? පඤ්හං පුච්ඡිතුකාමතාය. කස්සපසම්මාසම්බුද්ධකාලෙ කිර සහායකා ද්වෙ භික්ඛූ අහෙසුං. තෙසු එකො සාරණීයධම්මං පූරෙති, එකො භත්තග්ගවත්තං. සාරණීයධම්මපූරකො ඉතරං ආහ – “ආවුසො, අදින්නස්ස ඵලං නාම නත්ථි, අත්තනා ලද්ධං පරෙසං දත්වා භුඤ්ජිතුං වට්ටතී”ති. ඉතරො පන ආහ – “ආවුසො, ත්වං න ජානාසි, දෙය්යධම්මං නාම විනිපාතෙතුං න වට්ටති, අත්තනො යාපනමත්තමෙව ගණ්හන්තෙන භත්තග්ගවත්තං පූරෙතුං වට්ටතී”ති. තෙසු එකොපි එකං අත්තනො ඔවාදෙ ඔතාරෙතුං නාසක්ඛි. ද්වෙපි අත්තනො පටිපත්තිං පූරෙත්වා තතො චුතා කාමාවචරදෙවලොකෙ නිබ්බත්තිංසු. තත්ථ සාරණීයධම්මපූරකො ඉතරං පඤ්චහි ධම්මෙහි අධිගණ්හි.
යෙන භගවා තෙනුපසඞ්කමි යනු කුමක්හෙයින් එළැඹි සේක්ද? ප්‍රශ්න අසනු කැමැත්ත ඇති බැවිනි. කාශ්‍යප සම්මා සම්බුදුන් වහන්සේගේ කාලයෙහි යහළු භික්ෂු දෙනමක් විසූහ. ඔවුනතුරෙන් එක් නමක් සිහිකළයුතු දෑ පිළිබඳ ධර්මය පුරයි, අනෙක් නම භත්තග්ග වත පුරයි, සිහිකළයුතු ධර්ම පුරන්නා “ඇවැත්නි, නුදුන් දෙයෙහි විපාකයක් නැත. තමන් ලද දෙය අනුන්ට දී වැළදීමට වටියි”යි අනෙකාට කීය. එම භික්ෂුව, ඇවැත්නි, නුඹ නොදන්නෙහිය, දුන්දෙය විනාශ කිරීමට නොවටියි. තමන්ට යැපෙන පමණක්ම ගන්නහු විසින් භත්තග්ගවත පිරීමට වටීයයි කීවේය. එම භික්ෂුන් අතුරින් එකෙකුදු අනෙකා තමන්ගේ අවවාදයෙහි පිහිටුවන්නට නොහැකිවිය. දෙදෙනාම තමන්ගේ ප්‍රතිපත්තිය පුරා එයින් සැව කාමාවචර දිව්‍යලෝකයෙහි උපන්නාහුය. එහි සාරාණීයධර්ම පුරන්නා අනෙක් කරුණු පසකින් ඉක්මවිය.
එවං තෙ දෙවෙසු ච මනුස්සෙසු ච සංසරන්තා එකං බුද්ධන්තරං ඛෙපෙත්වා ඉමස්මිං කාලෙ සාවත්ථියං නිබ්බත්තිංසු. සාරණීයධම්මපූරකො කොසලරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි, ඉතරො තස්සායෙව උපට්ඨාකඉත්ථියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. තෙ ද්වෙපි ජනා එකදිවසෙනෙව ජායිංසු. තෙ නාමග්ගහණදිවසෙ න්හාපෙත්වා සිරිගබ්භෙ නිපජ්ජාපෙත්වා ද්වින්නම්පි මාතරො බහි සක්කාරං සංවිදහිංසු. තෙසු සාරණීයධම්මපූරකො අක්ඛීනි උම්මීලෙත්වා මහන්තං සෙතච්ඡත්තං සුපඤ්ඤත්තං සිරිසයනං අලඞ්කතපටියත්තඤ්ච නිවෙසනං දිස්වා “එකස්මිං රාජකුලෙ නිබ්බත්තොස්මී”ති අඤ්ඤාසි. සො “කිං නු ඛො කම්මං කත්වා ඉධ නිබ්බත්තොස්මී”ති ආවජ්ජෙන්තො “සාරණීයධම්මනිස්සන්දෙනා”ති ඤත්වා “සහායො මෙ කුහිං නු ඛො නිබ්බත්තො”ති ආවජ්ජෙන්තො නීචසයනෙ නිපන්නං දිස්වා “අයං භත්තග්ගවත්තං පූරෙමීති මම වචනං න ගණ්හි, ඉමස්මිං ඉදානි තං ඨානෙ නිග්ගණ්හිතුං වට්ටතී”ති “සම්ම මම වචනං නාකාසී”ති ආහ. අථ කිං ජාතන්ති. පස්ස මය්හං සම්පත්තිං, සෙතච්ඡත්තස්ස හෙට්ඨා සිරිසයනෙ නිපන්නොස්මි, ත්වං නීචමඤ්චෙ ථද්ධඅත්ථරණමත්තෙ නිපන්නොසීති. කිං පන ත්වං එතං නිස්සාය මානං කරොසි, නනු වෙළුසලාකාහි කත්වා පිලොතිකාය පලිවෙඨිතං සබ්බමෙතං පථවීධාතුමත්තමෙවාති?
මෙසේ ඔවුහු දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නාහු එක් බුද්ධාන්තරයක් ගෙවා මෙකල සැවතෙහි උපන්නාහුය. සාරාණීයධර්මය පුරන්නා කොසොල් රජුගේ මාලිගයෙහි මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අනෙකා එම මෙහෙසියගේම උවටැන් කරන ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ දෙදෙනාම එකම දිනෙක උපන්නාහුය. ඔවුන් නම් ගන්නා දිනයෙහි නහවා සිරියහන් ගැබ හොවා දෙදෙනාගේම මව්වරු පිටත සත්කාර සංවිධානය කළාහුය. ඔවුනතුරින් සාරාණීය ධර්මය පුරන්නා ඇස් හැර මහත් සේසත මනාව පැනවූ සිරියහන හා අලංකාරව පිළියෙල කරන ලද නිවස ද දැක එක් රජ ගෙදරක උපන්නෙමියි දැන ගත්තේය. හෙතෙම කවර නම් කර්මයක් කොට මෙහි උපන්නෙම්දැයි සිහි කරන්නේ සාරාණීය ධර්මයෙහි පිනෙනැයි දැන මගේ යහළුවා කොහි උපන්නේදැයි සිහි කරන්නේ, පහත් යහනක වැදහොත්තවු දැක “මෙතෙම භත්තග්ගවත පුරමැයි මගේ වචනය පිළිනොගත්තේය, දැන් මේ නින්දා කළ යුතු තැන නින්දා කිරීමට වටනේ යයි (සිතා) යහළුව මගේ වචනය නොකෙළෙහියි කීය. ඇයි කුමක් වීදැයි අනෙකා ඇසීය. “මගේ සැපත බලව, සේසතට යට සිරියහනෙහි වැදහොත්තෙමි. නුඹ පහත් ඇඳක තද අතුරනයක් මත වැද හෝනෙහියි හෙතෙම කීවේය. කිමෙක්ද? නුඹ මේ නිසා උඩඟු වන්නෙහිද හුණ ඉරටුවෙන් තනා වෙළනලද මේ සියල්ල පඨවිධාතුව පමණක්ම නොවේදැ”යි අනෙකා ඇසීය.
සුමනා තෙසං කථං සුත්වා “මම භාතිකානං සන්තිකෙ කොචි නත්ථී”ති තෙසං සමීපං ගච්ඡන්තී ද්වාරං නිස්සාය ඨිතා “ධාතූ”ති වචනං සුත්වා “ඉදං ධාතූති වචනං බහිද්ධා නත්ථි. මම භාතිකා සමණදෙවපුත්තා භවිස්සන්තී”ති චින්තෙත්වා – “සචාහං ‘ඉමෙ එවං කථෙන්තී’ති මාතාපිතූනං කථෙස්සාමි, ‘අමනුස්සා එතෙ’ති නීහරාපෙස්සන්ති. ඉදං කාරණං අඤ්ඤස්ස අකථෙත්වා කඞ්ඛච්ඡෙදකං පුරිසහෙරඤ්ඤිකං මම පිතරං මහාගොතමදසබලංයෙව පුච්ඡිස්සාමී”ති භුත්තපාතරාසා රාජානං උපසඞ්කමිත්වා “දසබලස්ස උපට්ඨානං ගමිස්සාමී”ති ආහ. රාජා පඤ්ච රථසතානි යොජාපෙසි. ජම්බුදීපතලස්මිඤ්හි තිස්සොව කුමාරියො පිතූනං සන්තිකා පඤ්ච රථසතානි ලභිංසු – බිම්බිසාරරඤ්ඤො ධීතා චුන්දී රාජකඤ්ඤා, ධනඤ්චයස්ස සෙට්ඨිස්ස ධීතා විසාඛා, අයං සුමනා රාජකඤ්ඤාති. සා ගන්ධමාලං ආදාය රථෙ ඨිතා පඤ්චරථසතපරිවාරා “ඉමං පඤ්හං පුච්ඡිස්සාමී”ති යෙන භගවා තෙනුපසඞ්කමි.
සුමනා කුමරිය ඔවුන්ගේ කථාව අසා මගේ සොහොයුරන්ගේ සමීපයෙහි කිසිවෙක් නැතැයි ඔවුන්ගේ සමීපයට යන්නී දොරටුව ඇසුරෙහි සිටියා ධාතු යන වචනය අසා මේ ධාතු යන වචනය පිට (සසුනක) නැත. මගේ සොහොයුරෝ ශ්රමණදිව්ය පුත්‍රයෝ වන්නාහුයි සිතා ඉදින් මම මොවුහු මෙසේ කියතියි මව්පියන්ට කියන්නෙම් නම් මොවුහු අමනුෂ්යයෝයි බැහැර කරවන්නාහුයයි (සිතා) මෙකරුණ අනෙකකුට නොකියා සැක සිඳින පුරුෂ රත්නයක වූ මගේ පියාණන් වූ මහා ගෞතම දශබලයන් වහන්සේගෙන්ම අසන්නෙමැයි වැළඳු උදා ආහාර ඇත්තී රජු වෙත එළඹ දශබලයන් වහන්සේගේ උවටැනට යන්නෙමැයි කීවාය. රජතෙමේ රිය පන්සියයක් යෙදවීය. දඹදිවු තෙලෙහි කුමරියෝ තිදෙනෙක්ම පියවරුන්ගේ සමීපයෙන් රිය පන්සියයක් ලැබූවාහුය. බිම්සර රජුන්ගේ දූ චුන්දී රජකුමරිය, ධනඤ්ජය සිටුදූ විශාඛා, මේ සුමනා රජකුමරිය යනු ඒ තිදෙනායි. ඕතොමෝ ගඳමල් රැගෙන රියෙහි සිටියි, පන්සියයක් රිය පිරිවර ඇත්තේ මේ ප්රශ්නය අසමැයි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය.
ඉධස්සූති ඉධ භවෙය්යුං. එකො දායකොති එකො අත්තනා ලද්ධලාභතො පරස්ස දත්වා පරිභුඤ්ජනකො සාරණීයධම්මපූරකො. එකො අදායකොති එකො අත්තනා ලද්ධං පරස්ස අදත්වා පරිභුඤ්ජනකො භත්තග්ගවත්තපූරකො. දෙවභූතානං පන නෙසන්ති දෙවභූතානං එතෙසං. අධිගණ්හාතීති අධිභවිත්වා ගණ්හාති අජ්ඣොත්ථරති අතිසෙති. ආධිපතෙය්යෙනාති ජෙට්ඨකකාරණෙන. ඉමෙහි පඤ්චහි ඨානෙහීති සෙසදෙවෙ සක්කො දෙවරාජා විය ඉමෙහි පඤ්චහි කාරණෙහි අධිගණ්හාති. මානුසකෙනාතිආදීසු ආයුනා මහාකස්සපත්ථෙරො විය බාකුලත්ථෙරො විය ආනන්දත්ථෙරො විය ච, වණ්ණෙන මහාගතිම්බඅභයත්ථෙරො විය භණ්ඩාගාරඅමච්චො විය ච, සුඛෙන රට්ඨපාලකුලපුත්තො විය සොණසෙට්ඨිපුත්තො විය යසදාරකො විය ච, යසෙන ධම්මාසොකො විය, තථා ආධිපච්චෙනාති ඉමෙහි පඤ්චහි කාරණෙහි අතිරෙකො ජෙට්ඨකො හොති.
ඉධස්සු යනු මෙහි වන්නාහුය. එකො දායකො යනු එක් තමන් ලද ලාභයෙන් අනුන්ට දී වළඳන්නාවූ සාරාණීය ධර්මය පුරන්නෙකි, එකො අදායකො යනු එක් තමන් ලද දෙය අනුන්ට නොදී වළඳන්නා වූ භත්තග්ගවත පුරන්නෙකි. දෙවභුතානං පනෙසං යනු දෙවියන් වූ මොවුන්ගේයි, අධිගණ්හාති යනු බලවත් වී ගනියි, පැතිරී සිටියි, ඉක්මවයි, ආධිපතෙය්යෙන යනු ජ්‍යෙෂ්ඨත්වයට පත්කරවන කරුණිනි, ඉමෙහි පඤ්චහි කාරණෙහි යනු සෙසු දෙවියන් සක්දෙව්රජ මෙන් මේ කරුණු පසින් ඉක්මවයි. මානුසකෙන යනාදියෙහි ආයුෂයෙන් මහා කාශ්‍යප තෙරුන් මෙන් ද බක්කුල තෙරුන් මෙන් ද අනඳ තෙරුන් මෙන් ද පැහැයෙන් මහාගතිම්බ අභය තෙරුන් මෙන්ද භාණ්ඩාගාර අමාත්‍යයා මෙන් ද, සැපයෙන් රට්ඨපාල කුලපුතුන් මෙන්ද සොණ සිටුපුත් මෙන් ද, යසකුල පුතු මෙන් ද, කීර්තියෙන් ධර්මාශෝක මෙන්ද එම ආධිපත්යයෙන්දැයි මේ කරුණු පසින් බලවතෙක් ජ්‍යෙෂ්ඨයෙක් වෙයි.
යාචිතොව බහුලන්ති බාකුලත්ථෙර-සීවලිත්ථෙර-ආනන්දත්ථෙරාදයො විය යාචිතොව බහුලං චීවරාදීනි පරිභුඤ්ජතීති ඉමෙහි කාරණෙහි අතිරෙකො හොති ජෙට්ඨකො. යදිදං විමුත්තියා විමුත්තින්ති යං එකස්ස විමුත්තියා සද්ධිං ඉතරස්ස විමුත්තිං ආරබ්භ නානාකරණං වත්තබ්බං භවෙය්ය, තං න වදාමීති අත්ථො. සත්තවස්සිකදාරකො වා හි විමුත්තිං පටිවිජ්ඣතු වස්සසතිකත්ථෙරො වා භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා දෙවො වා මාරො වා බ්රහ්මා වා, පටිවිද්ධලොකුත්තරමග්ගෙ නානත්තං නාම නත්ථි. අලමෙවාති යුත්තමෙව. යත්ර හි නාමාති යානි නාම.
යාචිතොච බහුලං යනු බක්කුල තෙරුන් සීවලී තෙරුන් අනඳ තෙරුන් මෙන් ඉල්ලූ විටම බොහෝ වූ සිවුරු ආදිය පරිභෝග කෙරේයයි මේ කරුණුවලින් බලවතෙක් වෙයි, ජ්‍යෙෂ්ඨයෙක් වෙයි. යදිදං විමුත්තියා විමුත්තිං යනු එකකුගේ විමුක්තිය සමඟ අනෙකකුගේ විමුත්තිය අරභයා යම් වෙනසක් කිවයුතු වන්නේද එය නොකියමියි අරුත්ය. සත්වසැති දරුවෙක් හෝ විමුක්තිය අවබෝධ කෙරේවා! සියක්වසැති තෙර කෙනෙක් හෝ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ දෙවියෙක් හෝ මහණෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ අවබෝධ කරත්වා! අවබෝධ කළ ලොවුතුරා මගෙහි වෙනසක් නම් නැත. අලමෙව යනු සුදුසුමය, යත්‍රහි නාම යනු යම්දේයි,
ගච්ඡං ආකාසධාතුයාති ආකාසෙන ගච්ඡන්තො. සද්ධොති රතනත්තයගුණානං සද්ධාතා. ථනයන්ති ගජ්ජන්තො. විජ්ජුමාලීති මාලාසදිසාය මෙඝමුඛෙ චරන්තියා විජ්ජුලතාය සමන්නාගතො. සතක්කකූති සතකූටො, ඉතො චිතො ච උට්ඨිතෙන වලාහකකූටසතෙන සමන්නාගතොති අත්ථො. දස්සනසම්පන්නොති සොතාපන්නො. භොගපරිබ්යූළ්හොති උදකොඝෙන විය දානවසෙන දීයමානෙහි භොගෙහි පරිබ්යූළ්හො, දෙවලොකං සම්පාපිතොති අත්ථො. පෙච්චාති පරලොකෙ. සග්ගෙ පමොදතීති යස්මිං සග්ගෙ උප්පජ්ජති, තත්ථෙව මොදතීති.
ගච්ඡං ආකාසධාතුයා යනු අහසින් යන්නේයි, සද්ධො යනු තෙරුවන් ගුණයන්ට සැදැහැ ඇත්තායි, ථනයං යනු යන්නේයි: විජ්ජුමාලි යනු මල්දමක් බඳුවූ වළාකුළෙහි හැසිරෙන විදුලියෙන් යුක්ත වූයි: සතක්කකු යනු කුළු සියයක් ඇත්තේයි, ඔබිනොබින් නැඟුණු වළාකුළු සියයෙන් යුක්ත වූයේය යන අරුත්ය. දස්සන සම්පන්නො යනු සෝවාන් වූයේයි, භොගපරිබ්බුළ්හො යනු දියවළාවෙන් මෙන් දාන වශයෙන් යොදනු ලබන වළාවන්ගෙන් ඉල්පුනේයි, දෙව්ලොවට පමුණුවන ලද්දේයි අරුත්ය. පෙච්ච යනු පරලොවෙහියි, සග්ගෙ ච මොදති යනු යම් ස්වර්ගයක උපදියි ද එහිම සතුටුවෙයි, ප්‍රමුදිත වෙයි.