3. පඤ්චඞ්ගිකවග්ගො අට්ඨකථා
3. පඤ්චඞ්ගික වර්ගය
1. පඨම අගාරව සුත්තවණ්ණනා
1. පඨමඅගාරව සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ අසභාගවුත්තිකොති අසභාගාය විසදිසාය ජීවිතවුත්තියා සමන්නාගතො. ආභිසමාචාරිකං ධම්මන්ති උත්තමසමාචාරභූතං වත්තවසෙන පඤ්ඤත්තසීලං. සෙඛං ධම්මන්ති සෙඛපණ්ණත්තිසීලං. සීලානීති චත්තාරි මහාසීලානි. සම්මාදිට්ඨින්ති විපස්සනාසම්මාදිට්ඨිං. සම්මාසමාධින්ති මග්ගසමාධිඤ්චෙව ඵලසමාධිඤ්ච. ඉමස්මිං සුත්තෙ සීලාදීනි මිස්සකානි කථිතානි.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අසභාගවුත්තිකො යනු සභාග නොවූ අසමාන වූ ජීවන වෘත්තියෙන් යුක්තවූයේයි, ආභිසමාචාරිකං ධම්මං යනු උතුම් හැසිරීම වූ වත් වශයෙන් පනවන ලද ශීලයයි, සෙඛං ධම්මං යනු ශෛක්ෂයන් වශයෙන් පනවන ලද ශීලයයි, සීලානි යනු සතර මහ සිල්ය, සම්මාදිට්ඨිං යනු විදර්ශනා සම්‍යග්දෘෂ්ටියයි, සම්මාසමාධි යනු මාර්ග සමාධිය හා ඵලසමාධියයි, මේ සූත්‍රයෙහි ශීලයෝ මිශ්‍රකව කියන ලදහ.
2. දුතියඅගාරවසුත්තවණ්ණනා
2. දුතියඅගාරව සූත්‍ර වර්ණනාව
දුතියෙ සීලක්ඛන්ධන්ති සීලරාසිං. සෙසද්වයෙපි එසෙව නයො. ඉමෙ පන තයොපි ඛන්ධා මිස්සකාව කථිතාති.
දෙවැන්නෙහි සීලක්ඛන්ධං යනු සිල්රැසයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, මේ සමූහ තුනම මිශ්‍රකව කියන ලදි.
3. උපක්කිලෙසසුත්තවණ්ණනා
3. උපක්කීලෙස සූත්‍ර වර්ණනාව
තතියෙ න ච පභස්සරන්ති න ච පභාවන්තං. පභඞ්ගු චාති පභිජ්ජනසභාවං. අයොති කාළලොහං. ලොහන්ති ඨපෙත්වා ඉධ වුත්තානි චත්තාරි අවසෙසං ලොහං. සජ්ඣන්ති රජතං. චිත්තස්සාති චාතුභූමකකුසලචිත්තස්ස. තෙභූමකස්ස තාව උපක්කිලෙසා හොන්තු, ලොකුත්තරස්ස කථං හොන්තීති? උප්පජ්ජිතුං අප්පදානෙන. යදග්ගෙන හි උප්පජ්ජිතුං න දෙන්ති, තදග්ගෙනෙව තෙ ලොකියස්සපි ලොකුත්තරස්සපි උපක්කිලෙසා නාම හොන්ති. පභඞ්ගු චාති ආරම්මණෙ චුණ්ණවිචුණ්ණභාවූපගමනෙන භිජ්ජනසභාවං. සම්මා සමාධියති ආසවානං ඛයායාති ආසවානං ඛයසඞ්ඛාතස්ස අරහත්තස්ස අත්ථාය හෙතුනා කාරණෙන සමාධියති. එත්තාවතා චිත්තං විසොධෙත්වා අරහත්තෙ පතිට්ඨිතං ඛීණාසවං දස්සෙති. ඉදානිස්ස අභිඤ්ඤාපටිවෙධං දස්සෙන්තො යස්ස යස්ස චාතිආදිමාහ. තං උත්තානත්ථමෙවාති.
තෙවැන්නෙහි න ච පභස්සරං යනු ප්‍රභාමත් නොවූයි, පභඞ්ගු ච යනු බිඳෙනසුලුවූයි, අයො යනු කළු ලෝහයයි, ලොහං යනු මෙහි කියන ලද සතර හැර සෙසු ලෝහයයි, සජක්ඛුං යනු රිදියි, චිත්තස්ස යනු චතුභූමික කුශලචිත්තයාගෙයි, ත්‍රෛභූමක සිතට උපක්ලේශ වියහැකි වුවද ලෝකෝත්තර සිතට කෙසේනම් උපක්ලේශයෝ වෙත්ද යත්? ඉපදීමට නොදීමෙන් යම් ලෙසකින් ඉපදීමට ඉඩ නොදෙත්ද එලෙසින්ම ලෞකික සිතට ද ලෝකෝත්තර සිතට ද ඔවුහු උපක්ලේශයෝ නම් වෙති, පභඞ්ගු ච යනු අරමුණෙහි සුණුවිසුණු බවට එළඹීමෙන් බිඳෙන බවයි, සම්මා සමාධියති ආසවානං ඛයාය යනු ආශ්‍රවයන්ගේ ක්ෂයවීම් සංඛ්‍යාත අරහත්බව සඳහා හේතුවෙන් කරුණින් එකඟබවට පමුණුවයි, පෙමණකින්, සිත පිරිසුදු කොට රහත් බවෙහි පිහිටි ක්ෂීණාශ්රවයා දැක්වීය, දැන් ඔහුට අභිඥාප්රතිවෙධය දක්වමින් යස්ස යස්ස ච යනාදිය කීය, එය පැහැදිලි අරුත් ඇත්තේමය.
4. දුස්සීලසුත්තවණ්ණනා
4. දුස්සීල සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ හතූපනිසොති හතඋපනිස්සයො හතකාරණො. යථාභූතඤාණදස්සනන්ති නාමරූපපරිච්ඡෙදඤාණං ආදිං කත්වා තරුණවිපස්සනා. නිබ්බිදාවිරාගොති නිබ්බිදා ච විරාගො ච. තත්ථ නිබ්බිදා බලවවිපස්සනා, විරාගො මග්ගො. විමුත්තිඤාණදස්සනන්ති ඵලවිමුත්ති ච පච්චවෙක්ඛණඤාණඤ්ච.
සිවුවැන්නෙහි හතුපනිසො යනු නැසූ උපනිශ්‍රය ඇත්තේ නැසූ කරුණු ඇත්තේයි. යථාභූතං ඤාණදස්සනං යනු නාමරූප පරිච්ඡෙද ඥානය ආදි කොට ඇති තරුණ අවස්ථාවෙහි වූ විදර්ශනාවයි. නිබ්බිදාවිරාගො යනු කළකිරීම හා අතහැරීමයි, එහි නිබ්බිදාව බලවත් විදර්ශනාවයි, විරාගය වූ කලී මාර්ගයයි, විමුත්තිඤාණදස්සනං යනු ඵලවිමුක්තිය හා ප්රත්යවෙක්ෂණ ඥානයයි.
5. අනුග්ගහීතසුත්තවණ්ණනා
5. අනුග්ගහිත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සම්මාදිට්ඨීති විපස්සනාසම්මාදිට්ඨි. චෙතොවිමුත්තිඵලාතිආදීසු චෙතොවිමුත්තීති මග්ගඵලසමාධි. පඤ්ඤාවිමුත්තීති ඵලඤාණං. සීලානුග්ගහිතාති සීලෙන අනුග්ගහිතා අනුරක්ඛිතා. සුතානුග්ගහිතාති බාහුසච්චෙන අනුග්ගහිතා. සාකච්ඡානුග්ගහිතාති ධම්මසාකච්ඡාය අනුග්ගහිතා. සමථානුග්ගහිතාති චිත්තෙකග්ගතාය අනුග්ගහිතා.
පස්වැන්නෙහි සම්මාදිට්ඨි යනු විදර්ශනා සම්‍යග්දෘෂ්ටියයි, චෙතොවිමුත්තිඵලා යනාදියෙහි චෙතොවිමුත්ති යනු මාර්ගඵලසමාධියයි, පඤ්ඤාවිමුත්ති යනු ඵලඥානයයි, සීලානුග්ගහිතා යනු ශීලයෙන් අනුග්‍රහ කරන ලද්දේ රක්නා ලද්දේයි, සුතානුග්ගහිතා යනු බහුශ්රැතභාවයෙන් රක්නා ලද්දේයි, සාකච්ඡානුග්ගහිතා යනු ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන ලද්දේයි, සමථානුග්ගහිතා යනු සිතෙහි එකඟ බවින් රක්නා ලද්දේයි,
ඉමස්ස පනත්ථස්ස ආවිභාවත්ථං මධුරම්බබීජං රොපෙත්වා සමන්තා මරියාදං බන්ධිත්වා කාලානුකාලං උදකං ආසිඤ්චිත්වා කාලානුකාලං මූලානි සොධෙත්වා කාලානුකාලං පතිතපාණකෙ හාරෙත්වා කාලානුකාලං මක්කටජාලං ලුඤ්චිත්වා අම්බං පටිජග්ගන්තො පුරිසො දස්සෙතබ්බො. තස්ස හි පුරිසස්ස මධුරම්බබීජරොපනං විය විපස්සනාසම්මාදිට්ඨි දට්ඨබ්බා, මරියාදබන්ධනං විය සීලෙන අනුග්ගණ්හනං, උදකාසෙචනං විය සුතෙන අනුග්ගණ්හනං, මූලපරිසොධනං විය සාකච්ඡාය අනුග්ගණ්හනං, පාණකහරණං විය ඣානවිපස්සනාපාරිපන්ථිකසොධනවසෙන සමථානුග්ගණ්හනං, මක්කටජාලලුඤ්චනං විය බලවවිපස්සනානුග්ගණ්හනං, එවං අනුග්ගහිතස්ස රුක්ඛස්ස ඛිප්පමෙව වඩ්ඪිත්වා ඵලප්පදානං විය ඉමෙහි සීලාදීහි අනුග්ගහිතාය මූලසම්මාදිට්ඨියා ඛිප්පමෙව මග්ගවසෙන වඩ්ඪිත්වා චෙතොවිමුත්තිපඤ්ඤාවිමුත්තිඵලප්පදානං වෙදිතබ්බං.
මේ කරුණ ප්රකටවීම සඳහා මිහිරි අඹ ඇටයක් සිටුවා හාත්පස සීමාව බැඳ කලින් කලට දිය ඉස, කලින් කලට මුල් පිරිසුදු කොට කලින් කලට වැටුණු පණුවන් ඉවත් කොට කලින් කලට මකුළුදැල් හැර අඹ පිළිදැගුම් කරන පුරුෂයෙක් දැක්විය යුත්තේය, එම පුරුෂයාගේ මිහිරි අඹ ඇටය සිටුවීම මෙන් විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය දැක්විය යුතුය, සීමා බැඳීම මෙන් ශීලයෙන් ආරක්ෂා කිරීම දැක්විය යුතුය, දියවත්කිරීම මෙන් ධර්මය ඇසීමෙන් ආරක්ෂා කිරීමයි, මුල් පිරිසුදු කිරීම මෙන් ධර්ම සාකච්ඡාවෙන් ආරක්ෂා කිරීමයි, පණුවන් ඉවත් කිරීම මෙන් ධ්‍යාන විදර්ශනාවන්ට අනතුරු ඉවත්කිරීම් වශයෙන් සමථයෙන් ආරක්ෂා කිරීමයි, මකුළුදැල් මිදවීම මෙන් බලවත් විදර්ශනා වශයෙන් විදර්ශනාවෙන් අනුග්‍රහ කිරීමයි, මෙසේ රක්නාලද ගස් ඉක්මණින් වැඩී ගෙඩි ගෙනදීම මෙන් මේ ශීලාදියෙන් රක්නාලද මූලසම්යග් දෘෂ්ටියෙන් ඉක්මණින්ම මාර්ග වශයෙන් වඩා චෙතොවිමුත්ති පඤ්ඤාවිමුත්ති ඵල ලබාදීම දතයුතුය.
6. විමුත්තායතන සුත්තවණ්ණනා
6. විමුත්තායතන සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ විමුත්තායතනානීති විමුච්චනකාරණානි. යත්ථාති යෙසු විමුත්තායතනෙසු. සත්ථා ධම්මං දෙසෙතීති චතුසච්චධම්මං දෙසෙති. අත්ථපටිසංවෙදිනොති පාළිඅත්ථං ජානන්තස්ස. ධම්මපටිසංවෙදිනොති පාළිං ජානන්තස්ස. පාමොජ්ජන්ති තරුණපීති. පීතීති තුට්ඨාකාරභූතා බලවපීති. කායොති නාමකායො. පස්සම්භතීති පටිප්පස්සම්භති. සුඛං වෙදෙතීති සුඛං පටිලභති. චිත්තං සමාධියතීති අරහත්තඵලසමාධිනා සමාධියති. අයඤ්හි තං ධම්මං සුණන්තො ආගතාගතට්ඨානෙ ඣානවිපස්සනාමග්ගඵලානි ජානාති, තස්ස එවං ජානතො පීති උප්පජ්ජති. සො තස්සා පීතියා අන්තරා ඔසක්කිතුං න දෙන්තො උපචාරකම්මට්ඨානිකො හුත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණාති. තං සන්ධාය වුත්තං – “චිත්තං සමාධියතී”ති. සෙසෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – සමාධිනිමිත්තන්ති අට්ඨතිංසාය ආරම්මණෙසු අඤ්ඤතරො සමාධියෙව සමාධිනිමිත්තං. සුග්ගහිතං හොතීතිආදිසු ආචරියස්ස සන්තිකෙ කම්මට්ඨානං උග්ගණ්හන්තෙන සුට්ඨු ගහිතං හොති සුට්ඨු මනසිකතං සුට්ඨු උපධාරිතං. සුප්පටිවිද්ධං පඤ්ඤායාති පඤ්ඤාය සුට්ඨු පච්චක්ඛං කතං. තස්මිං ධම්මෙති තස්මිං කම්මට්ඨානපාළිධම්මෙ. ඉති ඉමස්මිං සුත්තෙ පඤ්චපි විමුත්තායතනානි අරහත්තං පාපෙත්වා කථිතානීති.
සයවැන්නෙහි විමුත්තායතනානි යනු මිදීම ඇතිකරන කරුණුයි, යත්ථ යනු යම් විමුක්තිය ඇතිකරන කරුණුවලයි, සත්ථා ධම්මං දෙසෙති යනු සිවුසස් දහම් දෙසන සේක, අත්ථපටිසංවෙදිනො යනු පෙළ අරුත දන්නහුගේයි, ධම්මපටිසංවෙදිනො යනු පෙළ දන්නහුගේයි, පාමුජ්ජං යනු තරුණ ප්‍රීතියයි, පීති යනු සතුටු ආකාරය ඇත්තා වූ බලවත් ප්‍රීතියයි, කායො යනු නාමකායයයි, පස්සමහති යනු සංසිදීමට පැමිණෙයි, සුඛං වෙදෙති යනු සුවය ලබයි, චිත්තං සමාධියති යනු අරහත් ඵල සමාධියෙන් එකඟතාවට පැමිණෙයි, ඒ ධර්මය අසන්නා වූ මෙතෙම පැමිණි පැමිණි තැන ධ්‍යාන විදර්ශනා මාර්ගඵල දනියි, එසේ දන්නාවූ ඔහුට ප්‍රීතිය උපදියි, හෙතෙම ප්‍රීතියෙන් අනතුරුව පහතට වැටීමට නොදෙමින් උපචාර කර්මස්ථානිකයෙක් වී විදසුන් වඩා රහත් බවට පැමිණෙයි, ඒ සඳහා “චිත්තං සමාධියති”යි කියන ලදි. සෙස්සෙහි ද එම ක්‍රමයමයි, මෙහි මේ විශේෂයයි, සමාධිනිමිත්තං යනු අරමුණු තිස් අට අතුරෙන් එක්තරා සමාධියක්ම සමාධි නිමිත්තයි, සුග්ගහිතං හොති යනාදියෙහි ඇඳුරුවරයාගේ සමීපයෙහි කමටහන් උගන්නහු විසින් මනාව ගන්නා ලද්දේ වෙයි, මනාව මෙනෙහි කරන ලද්දේ මනාව මතකයෙහි තබන ලද්දේ වෙයි, සුප්පටිවිද්ධං පඤ්ඤාය යනු ප්‍රඥාවෙන් මනාව ප්රත්යක්ෂ කරන ලදි, තස්මිං ධම්මෙ යනු ඒ කමටහන් පෙළදහමෙහිය, මෙසේ මේ සූත්‍රයෙහි පස් විමුත්තායතනයෝ රහත් බවට පමුණුවා කියන ලද්දාහුය.
7. සමාධිසුත්තවණ්ණනා
7. සමාධි සූත්‍ර වර්ණනාව
සත්තමෙ අප්පමාණන්ති පමාණකරධම්මරහිතං ලොකුත්තරං. නිපකා පතිස්සතාති නෙපක්කෙන ච සතියා ච සමන්නාගතා හුත්වා. පඤ්ච ඤාණානීති පඤ්ච පච්චවෙක්ඛණඤාණානි. පච්චත්තඤ්ඤෙව උප්පජ්ජන්තීති අත්තනියෙව උප්පජ්ජන්ති. අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙවාතිආදීසු අරහත්තඵලසමාධි අධිප්පෙතො. මග්ගසමාධීතිපි වදන්තියෙව. සො හි අප්පිතප්පිතක්ඛණෙ සුඛත්තා පච්චුප්පන්නසුඛො, පුරිමො පුරිමො පච්ඡිමස්ස පච්ඡිමස්ස සමාධිසුඛස්ස පච්චයත්තා ආයතිං සුඛවිපාකො, කිලෙසෙහි ආරකත්තා අරියො, කාමාමිසවට්ටාමිසලොකාමිසානං අභාවා නිරාමිසො. බුද්ධාදීහි මහාපුරිසෙහි සෙවිතත්තා අකාපුරිසසෙවිතො. අඞ්ගසන්තතාය ආරම්මණසන්තතාය සබ්බකිලෙසදරථසන්තතාය ච සන්තො, අතප්පනියට්ඨෙන පණීතො. කිලෙසප්පටිප්පස්සද්ධියා ලද්ධත්තා කිලෙසප්පටිප්පස්සද්ධිභාවං වා ලද්ධත්තා පටිප්පස්සද්ධලද්ධො. පටිප්පස්සද්ධං පටිප්පස්සද්ධීති හි ඉදං අත්ථතො එකං. පටිප්පස්සද්ධකිලෙසෙන වා අරහතා ලද්ධත්තාපි පටිප්පස්සද්ධලද්ධො, එකොදිභාවෙන අධිගතත්තා එකොදිභාවමෙව වා අධිගතත්තා එකොදිභාවාධිගතො. අප්පගුණසාසවසමාධි විය සසඞ්ඛාරෙන සප්පයොගෙන චිත්තෙන පච්චනීකධම්මෙ නිග්ගය්හ කිලෙසෙ වාරෙත්වා අනධිගතත්තා න සසඞ්ඛාරනිග්ගය්හවාරිතගතො. තං සමාධිං සමාපජ්ජන්තො තතො වා වුට්ඨහන්තො සතිවෙපුල්ලප්පත්තත්තා සතොව සමාපජ්ජති, සතොව වුට්ඨහති. යථාපරිච්ඡින්නකාලවසෙන වා සතො සමාපජ්ජති, සතො වුට්ඨහති. තස්මා යදෙත්ථ “අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො චා”ති එවං පච්චවෙක්ඛමානස්ස පච්චත්තංයෙව අපරප්පච්චයඤාණං උප්පජ්ජති, තං එකං ඤාණං. එසෙව නයො සෙසෙසු. එවං ඉමානි පඤ්ච ඤාණානි පච්චත්තඤ්ඤෙව උප්පජ්ජන්තීති.
සත්වැන්නෙහි අප්පමාණං යනු ප්‍රමාණ කරන ධර්මයන්ගෙන් තොරවූ ලෝකෝත්තරත්වයයි, නිපකා පතිස්සතා යනු නුවණින් ද සිහියෙන් ද යුක්ත වූවාහු වීයි, පඤ්චඤාණානි යනු පස් වැදෑරුම් ප්රත්යවෙක්ෂණ ඥානයෝයි, පච්චත්තංයෙව උප්පජ්ජන්ති යනු තමා කෙරෙහිම උපදිත්, අයං සමාධී පච්චුප්පන්නසුඛො චෙව යනාදියෙහි අරහත්ඵල සමාධිය අදහස් කරන ලදි, මාර්ග සමාධියයි ද කියත්, එය වනාහි (සමාධියට) නැංවු නැංවූ කෙණෙහි සුව ඇති බැවින් පච්චුප්පන්නසුඛො නමි, කලින් කලින් වූ දෙය පසුව පසුව වන සමාධි සුඛයට ප්‍රත්‍යය වන බැවින් ආයතිං සුඛවිපාකො නමි, කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් අරියො නමි, කාමාමිෂ සංසාරාමිෂ ලෝකාමිෂයන්ගේ නැතිවීමෙන් නිරාමිසො නමි, බුද්ධාදී මහා පුරුෂයන් විසින් සෙවුනාලද බැවින් අකාපුරිසසෙවිතො නමි, අවයව සංසිඳීමෙන් ද අරමුණු සංසිදීමෙන් ද සියලු කෙලෙස් තැවුල් සංසිඳීමෙන් ද සන්තො නමි, නොතැවෙන අරුතින් පණිතො නමි, කෙලෙස් සංසිඳීමෙන් ලද බැවින්, කෙලෙස් සංසිඳීම ලද බැවින් හෝ පටිප්පස්සද්ධිලද්ධො නමි, පටිප්පස්සද්ධං පටිප්පස්සද්ධි යන මෙය අර්ත්ථ වශයෙන් එකකි, සංසිඳුනු කෙලෙසුන් ඇති රහතන් වහන්සේ විසින් ලද බැවින් ද පටිප්පස්සද්ධලද්ධො නමි, එකඟ බවින් අවබෝධ කළ බවින් හෝ එකඟ බවම ලද බවින් එකොදිභාවාධිගතො නමි, නොවඩනලද ආශ්‍රව සහිත සමාධිය මෙන් අනුන්ගේ මෙහෙයවීම ඇති ප්‍රයෝග සහිත සිතින් විරුද්ධ ධර්මයන් පෙළා කෙලෙසුන් වළක්වා අවබෝධ නොකළ බැවින් න ස සඞ්ඛාරනිග්ගය්හවාරිතවතො නමි, ඒ සමාධියට සමවදින්නේ එයින් නැඟී සිටින්නේ හෝ සිහිය මහත්බවට පත් බැවින් සිහියෙන්ම සමවදියි, සිහියෙන්ම නැගිටියි, යම්සේ සීමා කළ කාලවශයෙන් හෝ සිහියෙන් සමවදියි ද සිහියෙන් නැඟී සිටියි ද එබැවින් මෙහි මෙම සමාධිය වර්තමාන සැප ඇත්තේ මෙන්ම අනාගතයෙහි සැප විපාක ඇත්තේ යයි මෙසේ ප්රත්යවෙක්ෂා කරන්නහුට ඉහාත්මයෙහිම අපරප්පච්චය ඤාණය උපදියි, එය එක් ඥානයකි, සෙසුතන්හි ද මෙම ක්‍රමයයි, මෙසේ මේ ඥාන පස ඉහාත්මයෙහිම උපදියි.
8. පඤ්චඞ්ගිකසමාධිසුත්තවණ්ණනා
8. පඤ්චඞ්ගිකසමාධි සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අරියස්සාති වික්ඛම්භනවසෙන පහීනකිලෙසෙහි ආරකා ඨිතස්ස. භාවනං දෙසෙස්සාමීති බ්රූහනං වඩ්ඪනං පකාසයිස්සාමි. ඉමමෙව කායන්ති ඉමං කරජකායං. අභිසන්දෙතීති තෙමෙති ස්නෙහෙති, සබ්බත්ථ පවත්තපීතිසුඛං කරොති. පරිසන්දෙතීති සමන්තතො සන්දෙති. පරිපූරෙතීති වායුනා භස්තං විය පූරෙති. පරිප්ඵරතීති සමන්තතො ඵුසති. සබ්බාවතො කායස්සාති අස්ස භික්ඛුනො සබ්බකොට්ඨාසවතො කායස්ස කිඤ්චි උපාදින්නකසන්තතිපවත්තිට්ඨානෙ ඡවිමංසලොහිතානුගතං අණුමත්තම්පි ඨානං පඨමජ්ඣානසුඛෙන අඵුටං නාම න හොති.
අටවැන්නෙහි අරියස්ස යනු යටපත් කිරීම් වශයෙන් ප්‍රහීන වූ කෙලෙසුන්ගෙන් දුරුව සිටියහුගේයි, භාවනං දෙසෙස්සාමි යනු වැඩීම, දියුණුව ප්‍රකාශ කරන්නෙමි, ඉමමෙව කායං යනු මේ භෞතික ශරීරයයි, අභිසන්දෙති යනු තෙමයි, තෙත්කරයි, හැමතැනම පැවති ප්‍රීතිසුඛය ඇතිකරයි, පරිසන්දෙති යනු හාත්පසින් තමයි, පරිපූරෙති යනු සුළඟින් පසුම්බියක් මෙන් කරයි, පරිප්ඵරති යනු හාත්පසින් ස්පර්ශ කරයි, සබ්බාවතො කායස්ස යනු ඒ භික්ෂුවගේ සියලු කොටස් ඇති ශරීරයේයි, උපාදින්නරූප (භෞතික) සන්තතිය පැවති තැන්හි සම්-මස්-ලේ අනුව ගිය අණුමාත්‍ර වූ ද, තැනක් ප්‍රථමධ්‍යාන සුවයෙන් නොපැහැසී සිටියේ නම් නොවෙයි,
දක්ඛොති ඡෙකො පටිබලො න්හානීයචුණ්ණානි කාතුඤ්චෙව යොජෙතුඤ්ච සන්නෙතුඤ්ච. කංසථාලෙති යෙන කෙනචි ලොහෙන කතභාජනෙ. මත්තිකාභාජනං පන ථිරං න හොති, සන්නෙන්තස්ස භිජ්ජති. තස්මා තං න දස්සෙසි. පරිප්ඵොසකං පරිප්ඵොසකන්ති සිඤ්චිත්වා සිඤ්චිත්වා. සන්නෙය්යාති වාමහත්ථෙන කංසථාලං ගහෙත්වා දක්ඛිණහත්ථෙන පමාණයුත්තං උදකං සිඤ්චිත්වා සිඤ්චිත්වා පරිමද්දන්තො පිණ්ඩං කරෙය්ය. ස්නෙහානුගතාති උදකසිනෙහෙන අනුගතා. ස්නෙහපරෙතාති උදකසිනෙහෙන පරිග්ගහිතා. සන්තරබාහිරාති සද්ධිං අන්තොපදෙසෙන චෙව බහිපදෙසෙන ච, සබ්බත්ථකමෙව උදකසිනෙහෙන ඵුටාති අත්ථො. න ච පග්ඝරිණීති න බින්දු බින්දු උදකං පග්ඝරති, සක්කා හොති හත්ථෙනපි ද්වීහිපි අඞ්ගුලීහි ගහෙතුං ඔවට්ටිකායපි කාතුන්ති අත්ථො.
දක්ඛො යනු නහනසුණු කිරීමට ද, යෙදීමට ද, ඇතිල්ලීමට ද දක්ෂ වූ හැකියාව ඇත්තායි, කංසථාලෙ යනු යම් කිසි ලෝහයකින් කළ බඳුනෙකයි, මැටි බඳුන වනාහි ස්ථිර නොවෙයි, අතුල්ලනවිට බිඳෙයි, එබැවින් එය නොදැක්වූයේය. පරිප්ඵොසාකං පරිප්ඵොසාකං යනු තෙම තෙමා (ඉසඉස)යි, සන්නෙය්ය යනු වමතින් රන්තලිය ගෙන දකුණු අතින් ඇති පමණ දිය ඉස ඉස මඩිමින් ගුලියක් කරන්නේය, සෙනහානුගතා යනු දිය තෙතමනයට අනුගතවූයි, සෙනහපරෙතා යනු දිය තෙතමනින් යුක්තවූයි, සන්තරබාහිරා යනු ඇතුල් පෙදෙස මෙන්ම පිට පෙදෙස ද සමගය, හැම තැන්හිම දිය තෙතමනින් පැහැසී සිටියේයි අරුත්ය, න ච පග්ඝරති යනු මෙයින් දිය නොවැගිරෙයි, අතිනුදු දෙඇඟිලිවලිනුදු ගැනීමට, කුසපටෙහි දැමීමට ද හැකි වෙයි, යන අර්ථයයි,
දුතියජ්ඣානසුඛඋපමායං උබ්භිදොදකොති උබ්භින්නඋදකො, න හෙට්ඨා උබ්භිජ්ජිත්වා උග්ගච්ඡනඋදකො, අන්තොයෙව පන උප්පජ්ජනඋදකොති අත්ථො. ආයමුඛන්ති ආගමනමග්ගො. දෙවොති මෙඝො. කාලෙන කාලන්ති කාලෙ කාලෙ, අන්වඩ්ඪමාසං වා අනුදසාහං වාති අත්ථො. ධාරන්ති වුට්ඨිං. නානුප්පවෙච්ඡෙය්යාති නප්පවෙසෙය්ය, න වස්සෙය්යාති අත්ථො. සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වාති සීතා වාරිධාරා තං රහදං පූරයමානා උබ්භිජ්ජිත්වා. හෙට්ඨා උග්ගච්ඡනඋදකඤ්හි උග්ගන්ත්වා භිජ්ජන්තං උදකං ඛොභෙති, චතූහි දිසාහි පවිසනඋදකං පුරාණපණ්ණතිණකට්ඨදණ්ඩකාදීහි උදකං ඛොභෙති. වුට්ඨිඋදකං ධාරානිපාතබුබ්බුළකෙහි උදකං ඛොභෙති, සන්නිසින්නමෙව පන හුත්වා ඉද්ධිනිම්මිතමිව උප්පජ්ජමානං උදකං ඉමං පදෙසං ඵරති, ඉමං න ඵරතීති නත්ථි. තෙන අඵුටොකාසො නාම න හොති. තත්ථ රහදො විය කරජකායො, උදකං විය දුතියජ්ඣානසුඛං, සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
ද්විතීය ධ්‍යාන සුඛය පිළිබඳ උපමාවෙහි උබ්හිදොදකො යනු උඩට මතුවන දියයි, යටින් මතුව උඩට එන දිය නොව ඇතුළතම උපදින දිය යන අරුත්ය, ආයමුඛං යන එන මාර්ගයයි, දෙවො යන වළාවයි, කාලෙන කාලං යනු අඩමසකට වරක් හෝ දසදිනකට වරක් හෝ යන අරුත්ය, ධාරං යනු වැස්සයි, නානුප්පවෙච්ඡෙය්ය යනු නොපිවිසෙයි, නොවසින්නේය යන අරුත්ය, සීතා වාරිධාරා උබ්හිජ්ජිත්වා යනු සීතල ජලදහර ඒ විල පුරවමින් ඉපිදයි, යටින් මතුවන ජලය මතුවී බිඳෙන ජලය කලඹයි, සිවු දිගින් පිවිසෙන ජලය පැරණි කොල තණ ලී දඬු ආදියෙන් දිය කලඹයි, වැසිදිය දහර වැටීමෙන් ඇතිවන බුබුලින් දිය කළඹයි, හුන් පරිද්දෙන්ම වී සෘද්ධියෙන් නිමවූවක් මෙන් උපදින දිය මේ පෙදෙස පැතිර සිටියි, මෙපෙදෙස පැතිර නොපවතියි නම් නොවෙයි, එම දියෙන් නොපැහැසුණු තැනක් නම් නොවෙයි, එහි විල මෙන් කරජකායයි, දිය මෙන් ද්විතීය ධ්‍යාන සුවයයි, සෙස්ස මුල්ක්රමයෙන් ම දතයුතුයි,
තතියජ්ඣානසුඛඋපමායං උප්පලානි එත්ථ සන්තීති උප්පලිනී. සෙසපදද්වයෙපි එසෙව නයො. එත්ථ ච සෙතරත්තනීලෙසු යංකිඤ්චි උප්පලමෙව, ඌනකසතපත්තං පුණ්ඩරීකං, සතපත්තං පදුමං. පත්තනියමං වා විනාපි සෙතං පදුමං, රත්තං පුණ්ඩරීකන්ති අයමෙත්ථ විනිච්ඡයො. උදකානුග්ගතානීති උදකතො න උග්ගතානි. අන්තොනිමුග්ගපොසීනීති උදකතලස්ස අන්තො නිමුග්ගානියෙව හුත්වා පොසන්ති වඩ්ඪන්තීති අත්ථො. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
තෘතීය ධ්‍යාන සුඛය පිළිබඳ උපමාවෙහි උපුල් මෙහි ඇතැයි උප්පලිනී නමි, සෙසුපද දෙකෙහි ද මේ ක්‍රමයමයි, මෙහි ද සුදු රතු නිල් ආදිය අතුරෙහි යම් කිසිවක් වේද එය උපුලමය, උනුසියපත පුණ්ඩරීක යයි සියපත පදුමයයි, පත් නියමක් නැතිව වුවද සුදු පදුමය රතු පුණ්ඩරීක යයි යන මෙය මෙහි විනිශ්චයයි, උදකා අනුග්ගතානි යනු දියෙන් මතු නොවුයි, අන්තොනිමුග්ගපොසිනී යනු දිය තලයේ ඇතුළත නිමග්න වී පෝෂණය වෙත් වැඩෙත් යනු අර්‍ත්‍ථයි, සෙස්ස මුල් ක්‍රමයෙන්ම දතයුතුය,
චතුත්ථජ්ඣානඋපමායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙනාති එත්ථ නිරුපක්කිලෙසට්ඨෙන පරිසුද්ධං, පභස්සරට්ඨෙන පරියොදාතං වෙදිතබ්බං. ඔදාතෙන වත්ථෙනාති ඉදං උතුඵරණත්ථං වුත්තං. කිලිට්ඨවත්ථෙන හි උතුඵරණං න හොති, තඞ්ඛණධොතපරිසුද්ධෙන උතුඵරණං බලවං හොති. ඉමිස්සා හි උපමාය වත්ථං විය කරජකායො, උතුඵරණං විය චතුත්ථජ්ඣානසුඛං. තස්මා යථා සුන්හාතස්ස පුරිසස්ස පරිසුද්ධං වත්ථං සසීසං පාරුපිත්වා නිසින්නස්ස සරීරතො උතු සබ්බමෙව වත්ථං ඵරති, න කොචි වත්ථස්ස අඵුටොකාසො හොති, එවං චතුත්ථජ්ඣානසුඛෙන භික්ඛුනො කරජකායස්ස න කොචි ඔකාසො අඵුටො හොතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. චතුත්ථජ්ඣානචිත්තමෙව වා වත්ථං විය, තංසමුට්ඨානරූපං උතුඵරණං විය. යථා හි කත්ථචි කත්ථචි ඔදාතවත්ථෙ කායං අඵුසන්තෙපි තංසමුට්ඨානෙන උතුනා සබ්බත්ථකමෙව කායො ඵුටො හොති, එවං චතුත්ථජ්ඣානසමුට්ඨාපිතෙන සුඛුමරූපෙන සබ්බත්ථකමෙව භික්ඛුනො කායො ඵුටො හොතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
චතුර්ථධ්යාන උපමාවෙහි: පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන යන මෙහි උපක්ලෙශ නැත යන අරිතින් පිරිසුදුවූයි, පැහැසරය යන අරුතින් පරියොදාත නම් වූයේයි දතයුතුය, ඔදාතෙන වත්ථෙන යනු මෙය ඍතු පැතිරීම සඳහා කියන ලදි, කිළිටි වස්ත්‍රයෙන් සෘතු (දහදිය) පැතිරීමක් නොවෙයි, එකෙණෙහි සේදූ පිරිසුදු වතින් සෘතු පැතිරීම බලවත් වෙයි, මේ උපමාවේ වස්ත්‍රය මෙන් භෞතික ශරීරයයි, සෘතු පැතිරීම මෙන් චතුර්ථධ්යාන සුඛයයි, එබැවින් යම් හෙයකින් පිරිසුදු වස්ත්‍රයක් හිසසිට පොරවා හුන් මනාව නා පිරිසුදු වූ පුරුෂයකුගේ ශරීරයෙන් සෘතු සියල්ලම වස්ත්‍රයෙහි පැතිරෙයි ද වස්ත්‍රයෙහි කිසියම් නොපැහැසුණු තැනක් නැත්ද එසේ චතුර්ථධ්යාන සුඛයෙන් භික්ෂුවගේ භෞතික ශරීරයෙහි නොපැහැසුණු කිසි ඉඩක් නැත්තේ යයි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුය, චතුර්ථ ධ්‍යාන චිත්තයම හෝ වස්ත්‍රය මෙනි, එයින් හටගත් රූපය සෘතුපැතිරීම මෙනි, යම්සේ සුදු වස්ත්‍රය යම් යම් තැනක ශරීරය නොපහසිනේ වුවද එයින් හටගත් සෘතුවෙන් ශරීරයේ සෑම තැනකම පැහැසුණේ වෙයිද එසේ චතුර්ථ ධ්‍යානයෙන් හටගන්වනලද සියුම් රූපයෙන් භික්ෂුවගේ සියලු සිරුර පැහැසියේ වේ යයි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුයි,
පච්චවෙක්ඛණනිමිත්තන්ති පච්චවෙක්ඛණඤාණමෙව. සුග්ගහිතං හොතීති යථා තෙන ඣානවිපස්සනාමග්ගා සුට්ඨු ගහිතා හොන්ති, එවං පච්චවෙක්ඛණනිමිත්තං අපරාපරෙන පච්චවෙක්ඛණනිමිත්තෙන සුට්ඨු ගහිතං හොති. අඤ්ඤො වා අඤ්ඤන්ති අඤ්ඤො එකො අඤ්ඤං එකං, අත්තනොයෙව හි අත්තා න පාකටො හොති. ඨිතො වා නිසින්නන්ති ඨිතකස්සාපි නිසින්නො පාකටො හොති, තෙනෙවං වුත්තං. සෙසෙසුපි එසෙව නයො. උදකමණිකොති සමෙඛලා උදකචාටි. සමතිත්තිකොති සමභරිතො. කාකපෙය්යාති මුඛවට්ටියං නිසීදිත්වා කාකෙන ගීවං අනාමෙත්වාව පාතබ්බො.
පච්චවෙක්ඛනනිමිත්තං යනු ප්රත්යවෙක්ෂණ ඥානයමයි, සුග්ගහීතං හොති යනු යම්සේ එයින් ධ්‍යාන විදර්ශනා මාර්ගයෝ මනාව ගන්නා ලද්දෝ වෙත්, මෙසේ ප්රත්යවෙක්ෂණ නිමිත්ත අපරාපර වූ ප්රත්යවෙක්ෂණ නිමිත්තෙන්ම මනාව ගන්නා ලද්දේ වෙයි, අඤ්ඤො චා අඤ්ඤං යනු අනිකෙක් අනිකකුට තමාටම තමා ප්‍රකට වෙයි. ඨිතො වා නිසින්නං යනු සිටියහුට ද හුන් තැනැත්තා ප්‍රකට වෙයි, එහෙයින් කියන ලදි. සෙස්සෙහි ද මේ ක්‍රමයයි, උදකමණිකො යනු මෙවුල (වැටිය) සහිත දිය සැලියයි, සමතිත්තිකො යනු සමබරවූයි, කාකපෙය්යා යනු මුවවිට හිඳ කවුඩකු විසින් ගෙල පහත් නොකරම බීමට හැකිවූයි,
සුභූමියන්ති සමභූමියං. “සුභූමෙ සුඛෙත්තෙ විහතඛාණුකෙ බීජානි පතිට්ඨාපෙය්යා”ති (දී· නි· 2.438) එත්ථ පන මණ්ඩභූමි සුභූමීති ආගතා. චතුමහාපථෙති ද්වින්නං මහාමග්ගානං විනිවිජ්ඣිත්වා ගතට්ඨානෙ. ආජඤ්ඤරථොති විනීතඅස්සරථො. ඔධස්තපතොදොති යථා රථං අභිරුහිත්වා ඨිතෙන සක්කා හොති ගණ්හිතුං, එවං ආලම්බනං නිස්සාය තිරියතො ඨපිතපතොදො. යොග්ගාචරියොති අස්සාචරියො. ස්වෙව අස්සදම්මෙ සාරෙතීති අස්සදම්මසාරථි. යෙනිච්ඡකන්ති යෙන යෙන මග්ගෙන ඉච්ඡති. යදිච්ඡකන්ති යං යං ගතිං ඉච්ඡති. සාරෙය්යාති උජුකං පුරතො පෙසෙය්ය. පච්චාසාරෙය්යාති පටිනිවත්තෙය්ය.
සුභූමීයං යනු සම බිමෙහිය, “සුභුමෙ සුඛෙත්තෙ විහත ඛාණුකෙ බීජානි පතිට්ඨාපෙය්ය” යන මෙහි පැහැදිලි බිම සුභූමියි ආයේය, චාතුම්මහාපථෙ යනු මහාමාර්ග දෙකක් විනිවිදගිය තැනයි, ආජඤ්ඤරථො යනු හික්මවන ලද අසුන් යෙදුරියයි, ඔධස්තපතොදො යනු යම්සේ රියට නැග සිටියහු විසින් ගන්නට හැකිවේද එසේ ආධාරකය නිසා හරහට තැබූ කෙවිටයි, යොග්ගාචරියො යනු අශ්වරථාචාර්ය්යවරයායි, හෙතෙමේම අසුන් දමනයෙහි මෙහෙයවන්නේනුයි අස්සදම්මසාරථී නමි. යෙනිච්ඡකං යනු යම්යම් ගතියක් කැමති වෙයි, සාරෙය්ය යනු සෘජුව ඉදිරියෙන් යවන්නේය, පච්චාසාරෙය්ය යනු හැරී සිටින්නේය,
එවං හෙට්ඨා පඤ්චහි අඞ්ගෙහි සමාපත්තිපරිකම්මං කථෙත්වා ඉමාහි තීහි උපමාහි පගුණසමාපත්තියා ආනිසංසං දස්සෙත්වා ඉදානි ඛීණාසවස්ස අභිඤ්ඤාපටිපාටිං දස්සෙතුං සො සචෙ ආකඞ්ඛතීතිආදිමාහ. තං උත්තානත්ථමෙවාති.
මෙසේ යට අංග පසින් සමාපත්ති පරිකර්මය කියා මේතුන් උපමාවන්ගෙන් ප්‍රගුණ කළ සමාපත්තියෙහි අනුසස් දක්වා දැන් ක්ෂීණාශ්රවයාගේ අභිඥා පිළිවෙළ දැක්වීමට “සො සචෙ ආකඞ්ඛති” යනාදිය කීය. එය පැහැදිලි අරුත් ඇත්තේමය.
9. චඞ්කමානිසංසසුත්තවණ්ණනා
9. චඞ්කමානිසංස සූත්‍ර වර්ණනාව
නවමෙ අද්ධානක්ඛමො හොතීති දූරං අද්ධානමග්ගං ගච්ඡන්තො ඛමති, අධිවාසෙතුං සක්කොති. පධානක්ඛමොති වීරියක්ඛමො. චඞ්කමාධිගතො සමාධීති චඞ්කමං අධිට්ඨහන්තෙන අධිගතො අට්ඨන්නං සමාපත්තීනං අඤ්ඤතරසමාධි. චිරට්ඨිතිකො හොතීති චිරං තිට්ඨති. ඨිතකෙන ගහිතනිමිත්තඤ්හි නිසින්නස්ස නස්සති, නිසින්නෙන ගහිතනිමිත්තං නිපන්නස්ස. චඞ්කමං අධිට්ඨහන්තෙන චලිතාරම්මණෙ ගහිතනිමිත්තං පන ඨිතස්සපි නිසින්නස්සපි නිපන්නස්සපි න නස්සතීති.
නවවැන්නෙහි අද්ධානක්ඛමො හොති යනු දුර වූ ඈත මග යන්නේ ඉවසයි, ඉවසීමට හැකිවෙයි, පධානක්ඛමො යනු පධන් වීර්යය ඉසිලීමට හැකිවන්නායි, චඞ්කමාධිගතො සමාධි යනු සක්මන ඉටන්නා විසින් ලබනලද අටවැදෑරුම් සමවත්වලින් එක් සමාධියකි, චිරට්ඨිතිකො හොති යනු බොහෝ කලක් සිටියි, සිටියහු විසින් ගන්නා ලද නිමිත්ත හුන්නහුගේ නසයි, හුන්නහු විසින් ගන්නා ලද නිමිත්ත වැද හොත්තහුගේ නසයි, සක්මන ඉටන්නහු විසින් සෙලවුණු නිමිත්තෙහි ගත් අරමුණ සිටියහුගේ ද හුන්නහුගේද හොවින්නහුගේ ද නොනසයි.
10. නාගිතසුත්තවණ්ණනා
10. නාගිත සූත්‍ර වර්ණනාව
දසමෙ උද්ධං උග්ගතත්තා උච්චො, රාසිභාවෙන ච මහා සද්දො එතෙසන්ති උච්චාසද්දමහාසද්දා. තෙසු හි උග්ගතුග්ගතෙසු ඛත්තියමහාසාල-බ්රාහ්මණමහාසාලාදීසු මහාසක්කාරං ගහෙත්වා ආගතෙසු “අසුකස්ස ඔකාසං දෙථ, අසුකස්ස ඔකාසං දෙථා”ති වුත්තෙ “මයං පඨමතරං ආගතා, මය්හං පඨමතරං ආගතා, නත්ථි ඔකාසො”ති එවං අඤ්ඤමඤ්ඤං කථෙන්තානං සද්දො උච්චො චෙව මහා ච අහොසි. කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති කෙවට්ටා විය මච්ඡවිලොපෙ. තෙසඤ්හි මච්ඡපච්ඡිං ගහෙත්වා ආගතානං වික්කිණනට්ඨානෙ “මය්හං දෙථ මය්හං දෙථා”ති වදතො මහාජනස්ස එවරූපො සද්දො හොති. මීළ්හසුඛන්ති අසුචිසුඛං. මිද්ධසුඛන්ති නිද්දාසුඛං. ලාභසක්කාරසිලොකසුඛන්ති ලාභසක්කාරඤ්චෙව වණ්ණභණනඤ්ච නිස්සාය උප්පන්නසුඛං.
දසවැන්නෙහි උඩට නැගුණු බැවින් උස්වූත් ගොඩගැසීම් වශයෙන් ද මහා ශබ්දය මොවුන්ගේනුයි උච්චාසද්දමහාසද්දා නමි. ඒ නැගී ආ නැගී ආ ක්ෂත්රිය මහාසාල බ්‍රාහ්මණ මහාසාලාදීන් මහත් සත්කාර ගෙන ආකල්හි අසුවලාට ඉඩ දෙන්න අසුවලාට ඉඩ දෙන්නැයි කීකල අපි පළමුව ආවෙමු, අපි පළමුව ආවෙමු ඉඩක් නැතැයි මෙසේ ඔවුනොවුනට කියන්නවුන්ගේ ශබ්දය උස්වූයේත් මහත් වූයේත් විය. කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ යනු මසුන් මැරීමෙහිදී කෙවුලන් මෙනි, මාළු පැස ගෙන ආවාවූ ඔවුනට විකුණන තැන මට දෙව මට දෙවයි කියන මහජනයාගේ මෙබඳුවූ ශබ්දයක් වෙයි, මීළහ සුඛං යනු අසුචි සුඛයයි, මිද්ධසුඛං යන නිදිසුවයයි, ලාභසක්කාරසිලොක සුඛං යනු ලාභසත්කාර ද ගුණකීම ද නිසා උපන් සුවයයි,
තංනින්නාව ගමිස්සන්තීති තං තදෙව භගවතො ගතට්ඨානං ගමිස්සන්ති, අනුබන්ධිස්සන්තියෙවාති වුත්තං හොති. තථා හි, භන්තෙ, භගවතො සීලපඤ්ඤාණන්ති යස්මා තථාවිධං තුම්හාකං සීලඤ්ච ඤාණඤ්චාති අත්ථො. මා ච මයා යසොති මයා සද්ධිං යසොපි මා සමාගච්ඡතු. පියානන්ති පියජනානං. එසො තස්ස නිස්සන්දොති එසා පියභාවස්ස නිප්ඵත්ති. අසුභනිමිත්තානුයොගන්ති අසුභකම්මට්ඨානානුයොගං. සුභනිමිත්තෙති රාගට්ඨානියෙ ඉට්ඨාරම්මණෙ. එසො තස්ස නිස්සන්දොති එසා තස්ස අසුභනිමිත්තානුයොගස්ස නිප්ඵත්ති. එවමිමස්මිං සුත්තෙ ඉමෙසු පඤ්චසු ඨානෙසු විපස්සනාව කථිතාති.
තන්නින්නාව භවිස්සන්ති යනු භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ ඒ ඒ තැනට යන්නෙමි, ලුහුබඳින්නෙමැයි කියන ලද්දේ වෙයි. තථා හි භන්තෙ භගවතො සීලපඤ්ඤාණං යනු යම්හෙයකින් මෙබඳු වූ නුඹවහන්සේන්ගේ ශීලය ද ඥානය ද යන අර්‍ත්‍ථයි, මා ව මයා යසො යනු මා සමඟ කීර්තිය ද නොඒවායි, එසො තස්ස නිස්සන්දො යනු මෙය ඔහුගේ නිෂ්පත්තියයි, පියානං යනු ප්රියජනකවූවන්ගේයි, එසො තස්ස නිස්සන්දො යනු මේ ප්රියභාවයාගේ නිෂ්පත්තියයි, අසුභනිමිත්තානුයොගං යනු අසුභ කර්මස්ථානයට අනුයෝගවූයි. සුභනිමිත්තෙ යනු රාගයට කරුණු වූ ඉෂ්ටාරම්මණයෙහිය, එසො තස්ස නිස්සන්දො යනු මෙය ඒ අසුභ නිමිත්තානුයෝගයේ නිෂ්පත්තියයි, මෙසේ මේ සූත්‍රයෙහි මේ පස් තැන්හි විදර්ශනාවම කියන ලදි.
පඤ්චඞ්ගිකවග්ගො තතියො.
තුන්වැනි වූ පඤ්චඞ්ගික වර්ගයයි.