විමුත්තායතන සුත්තං
5. 1. 3. 6.
5. 1. 3. 6.
[විමුත්තායතන සුත්තං]
[විමුත්තායතන සූත්‍රය]
26. පඤ්චිමානි භික්ඛවෙ විමුත්තායතනානි, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. කතමානි පඤ්ච?
26. මහණෙනි, යම් විමුත්තිකාරණයන්හි අප්‍රමත්තව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනුත්පන්න හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම් (එබඳුවූ) විමුත්තායතනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
(1) ඉධ භික්ඛවෙ භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. යථා යථා භික්ඛවෙ තස්ස භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති, ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ පඨමං විමුත්තායතනං, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේ ව යි චතුස්සත්යධර්මය දේශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් පිළිවිදුනේ ද වෙයි. අර්ත්ථය පිළිවිදුනා ධර්මය පිළිවිදුනා ඔහට ප්‍රමෝදය (තරුණප්‍රීතිය) උපදනේ ය. ප්‍රමුදිතයා හට බලවත් ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිත් ඇත්තහුගේ නාමකය සින්හිඳෙයි. සන්හුන් කය අතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත (අර්හත් ඵල සමාධියෙහි) සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්ත වූ, කෙලෙස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ චිත්තය හෝ විමුක්ත නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ හෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට (අර්හත්ත්වයට) අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ ප්‍රථම විමුක්තායතන යි.
(2) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. අපි ච ඛො යථාසුතං යථා පරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති. ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
(2) තවද මහණෙනි, භික්ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ ධර්මය නො ම දෙසන්නේය. එතෙකුදු වුව ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විතර විසින් පරහට දෙසන්නේ ය. මහණෙනි, යම් යම් පරිද්දෙකින් ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විතර විසින් පරහට දෙසා නම්, ඒ ඒ පරිදි හෙ ඒ ධර්මයෙහි අර්ත්ථය පිළිවිදුනේ ද, ධර්මය පිළිවිදුනේ ද වෙයි. අර්ත්ථය පිළිවිදුනා ධර්මය පිළිවිදුනා ඔහට ප්‍රමෝදය උපදනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිතැතියාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි.
ඉදං භික්ඛවෙ දුතියං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව වැර ඇතිව ප්‍රහිතාත්ම ව වාසය කරණ භික්ෂුහුගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යෝගක්ෂේමය අනුප්‍රාප්ත වේ නම්, මේ එ ද්විතීය විමුක්තායතන යි.
(3) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති යථා යථා භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති, ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ තතියං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
(3) තවද මහණෙනි, මහණකුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ දහම් නො ම දෙසන්නේ ය. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් පරහට නො ද දෙසන්නේ ය. වැලිදු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. මහණෙනි, යම් යම් පරිදි මහණකු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් සජ්ඣායනා කෙරේ නම්, එ එ පරිදි හේ එ දහම්හි අරුත් පිළිවිදුනේත් දහම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා දහම් පිළිවිදුනා ඕහට ප්‍රමෝදය උපදනේ ය. ප්‍රමුදිතයා හට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව ලබන්නේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව අතාපී ව ප්‍රහිතාත්ම ව වෙසෙන භික්ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරීක්ෂණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ තෘතීය විමුක්තායතනය යි.
(4) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. යථා යථා භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ චතුත්ථං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
(4) තවද මහණෙනි, භික්ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රේක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රේක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමෝදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.
(5) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහීතං හොති, සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය.
(5) තවද මහණෙනි, භික්ෂුහට ශාස්තෘ වේවයි; අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේවයි, ධර්මය නො ම දෙසන්නේය. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය විතරවිසින් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය විතරවිසින් සජ්ඣායනා නො ද කරන්නේය. යථාශ්‍රැත යථාපර්ය්යාප්තව ධර්මය සිතින් නො ද අනුවිතර්‍කන කරන්නේය. අනුවිචරණය නො කරන්නේය. සිතින් අනුප්‍රේක්‍ෂා නො කරන්නේය. එතෙකුදු වුව, ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් (කමටහනක්) මොනොවට උගන්නා ලද්දේ වෙයි. මොනොවට මෙනෙහි කරණ ලද වෙයි. මොනොවට උපධාරිත වෙයි. ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද වෙයි.
යථා යථා භික්ඛවෙ භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ඉදං භික්ඛවෙ පඤ්චමං විමුත්තායතනං යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
මහණෙනි, යම් යම් පරිදි භික්ෂූහු විසින් අන්‍යතර සමාධිනිමිත්තක් සුගෘහීත ද, මැනැවින් මෙනෙහි කරණ ලද ද, මැනැවින් උපධාරිත ද ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ ද වේ නම්, හෙ ඒ ඒ පරිදි ඒ ධර්මයෙහි අර්ත්ථප්රතිසංවේදී හා ධර්‍මප්‍රතිසංවෙදී හා වෙයි. අර්ත්ථප්රතිසංවේදී වූ ධර්‍මප්‍රතිසංවෙදී වූ ඔහට ප්‍රමෝදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්සුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පස්වන විමුක්තායතනයි.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච විමුත්තායතනානි. යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී’ති.
මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්ෂුහුගේ අවිමුක්ත වූ හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයෝගක්‍ෂේමය අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පඤ්චවිමුක්තායතනයි.