යෙදුමෙන් කියවන්න

අනුග‍්ගහීතසුත‍්තං

5. 1. 3. 5.

5. 1. 3. 5.

[අනුග‍්ගහීතසුත‍්තං]

[අනුග්ගහිත සූත්‍රය]

25. පඤ‍්චහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි අනුග‍්ගහිතා සම‍්මාදිට‍්ඨි චෙතො විමුත‍්තිඵලා ච හොති, චෙතොවිමුත‍්තිඵලානිසංසා ච, පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොති පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා ච. කතමෙහි පඤ‍්චහි:

25. මහණෙනි, කරුණු පසෙකින් අනුගෘහීත වූ (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය මාර්‍ගඵල සමාධිය ඵල කොට ඇත්තී ද මාර්‍ගඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වෙයි. ප්‍රඥාවිමුක්තිසඞ්ඛ්‍යාත ඵලඥානය ඵල කොට ඇත්තී ද ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තී ද වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ සම‍්මාදිට‍්ඨි සීලානුග‍්ගහිතා ච හොති. සුතානුග‍්ගහිතා ච හොති. සාකච‍්ඡානුග‍්ගහිතා ච හොති. සමථානුග‍්ගහිතා ච හොති. විපස‍්සනානුග‍්ගහිතා ච හොති.

මහණෙනි, මෙ සස්නෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලයෙන් අනුගෘහීත ද වෙයි. ශ්‍රැතයෙන් අනුගෘහීත ද වෙයි. ධර්‍මසාකච්ඡායෙන් අනුගෘහීත ද වෙයි. (චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත) ශමථයෙන් අනුගෘහීත ද වෙයි. විදර්‍ශනායෙන් අනුගෘහීත ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි අඞ‍්ගෙහි අනුග‍්ගහිතා සම‍්මාදිට‍්ඨි චෙතොවිමුත‍්තිඵලා ච හොති. චෙතොවිමුත‍්තිඵලානිසංසා ච, පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොති, පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා චාති.

මහණෙනි, මේ පසඟින් අනුගෘහීත වූ සම්‍යග්දෘෂ්ටිය චිත්තවිමුක්තිය ඵලය කොට ඇත්තීත් චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තීත් ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තීත් වේ ය යි.