යෙදුමෙන් කියවන්න

දුස‍්සීලසුත‍්තං

5. 1. 3. 4.

5. 1. 3. 4.

[දුස‍්සීලසුත‍්තං]

[දුස්සීල සූත්‍රය]

24. දුස‍්සීලස‍්ස භික‍්ඛවෙ සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි අසති සම‍්මාසමාධිවිපන‍්නස‍්ස හතූපනිසං හොති යථාභූත ඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ අසති යථාභූත ඤාණදස‍්සනවිපන‍්නස‍්ස හතූපනිසො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ අසති නිබ‍්බිදාවිරාග විපන‍්නස‍්ස හතූපනිසං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

24. මහණෙනි, නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම නට සම්‍යක්සමාධිය ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. යථාභූත ඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාව හා විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ රුක‍්ඛො සාඛාපලාසවිපන‍්නො, තස‍්ස පපටිකා’පි න පාරිපූරිං ගච‍්ඡති. තචො’පි -පෙ- ඵෙග‍්ගු’ පි -පෙ- සාරො’පි න පාරිපූරිං ගච‍්ඡති.

මහණෙනි, අතු හා කොළින් විපන්න වූ රුකෙක් යම් පරිදි වේ නම්, එහි පොතුදු පරිපූර්තියට (වැඩීමට) නො යෙයි. සිවිදු, බොරුදු (එළය ද) හරය ද පරිපූර්තියට නො යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති සම‍්මාසමාධි -පෙ- විමුත‍්තිඤාණදස‍්සනං.

මහණෙනි, එපරිද්දෙන් ම නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි ... විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.

සීලවතො භික‍්ඛවෙ සීලසම‍්පන‍්නස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිස‍්සය සම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නො හොති නිබ‍්බිදා විරාගො. නිබ‍්බිදාවිරාගෙ සති නිබ‍්බිදාවිරාගසම‍්පන‍්නස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක් සමාධිසම්පන්නයාගේ යථාභූත ඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදා හා විරාගය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. නිබ්බිදා හා විරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.

සෙය්‍යථා’පි භික‍්ඛවෙ රුක‍්ඛො සාඛාපලාසසම‍්පන‍්නො, තස‍්ස පපටිකා’පි පාරිපූරිං ගච‍්ඡති. තචොපි පාරිපූරිං ගච‍්ඡති. ඵෙග‍්ගුපි පාරිපූරිං ගච‍්ඡති. සාරො’පි පාරිපූරිං ගච‍්ඡති.

මහණෙනි, අතුකොළ සපන් රුකෙක් යම් බඳු වේ නම්, එහි පොතුදු පරිපූර්තියට යෙයි. සිවිදු පරිපූර්තියට යෙයි. බොරුදු පරිපූර්තියට යෙයි. හරය ද පරිපූර්තියට යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ සීලවතො සීලසම‍්පන‍්නස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි -පෙ- විමුත‍්තිඤාණදස‍්සනන‍්ති.

මහණෙනි, එපරිද්දෙන් සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය (උපනිඃශ්‍රයසම්පන්න) වෙයි.