උපක‍්කිලෙසසුත‍්තං
5. 1. 3. 3.
5. 1. 3. 3.
[උපක‍්කිලෙසසුත‍්තං]
[උපක්කිලේස සූත්‍රය]
23. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ජාතරූපස‍්ස උපක‍්කිලෙසා, යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම‍්මනියං, න ච පභස‍්සරං, පභඞ‍්ගු ච, න ච සම‍්මා උපෙති කම‍්මාය.
23. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදු නො වේ නම්, කර්‍මණ්‍ය ද නො වේ නම්, ප්‍රභාස්වර ද නො වේ නම්, බිඳෙනසුලු වේ නම්, මොනොවට කර්‍මයට නො පැමිණේ නම්, ස්වර්‍ණයාගේ මේ ඒ උපක්ලේශයෝ පස් දෙනෙකි.
කතමෙ පඤ‍්ච? අයො ලොහං තිපු සීසං සජ‍්ඣු.
කවර පස් දෙනෙක යත්: අයස් (කළුලෝහො) ය, ලොහොය, තුබූ (ඊයම්) ය, සීස (සුදුඊයම්) ය, රජත යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච ජාතරූපස‍්ස උපක‍්කිලෙසා, යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම‍්මනියං න ච පභස‍්සරං, පභඞ‍්ගු ච, න ච සම‍්මා උපෙති කම‍්මාය.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මැනැවින් කර්‍මයට නො පැමිණේ නම්, මේ ස්වර්‍ණයාගේ ඒ පඤ්ච උපක්ලේශයෝ යි.
යතො ච ඛො භික‍්ඛවෙ ජාතරූපං ඉමෙහි පඤ‍්චහි උපක‍්කිලෙසෙහි විප‍්පමුත‍්තං හොති, තං හොති ජාතරූපං මුදු ච කම‍්මනියඤ‍්ච පභස‍්සරං ච, න ච පභඞ‍්ගු, සම‍්මා උපෙති කම‍්මාය යස‍්සා යස‍්සා ච පිලන්‍ධනවිකතියා ආකඞ‍්ඛති: යදි මුද‍්දිකාය යදි කුණ‍්ඩලාය යදි ගීවෙය්‍යකාය යදි සුවණ‍්ණමාලකාය. තඤ‍්චස‍්ස අත්‍ථං අනුහොති.
මහණෙනි, යම් හෙයෙකින් ස්වර්‍ණය මේ පඤ්චඋපක්ලේශයෙන් මිදුනේ වේ නම්, ඒ ස්වර්‍ණය මෘදු ද කර්‍මණ්‍ය ද ප්‍රභාස්වර ද නො බිඳෙන සුලු ද වෙයි. (යමෙක්) මුඳුවකට වේ වයි, කොඬොලකට වේ වයි, ගෙලපළඳනකට වේ වයි, රන්මාලාවකට වේ වයි, යම් යම් පළඳනා වෙසෙසක් සඳහා කැමැති වේ නම්, ඒ කර්‍මයට මැනැවින් පැමිණෙයි. එ අර්‍ත්‍ථය ද (හෙ) වළඳනේ ය.
එවමෙව ඛො භික‍්ඛවෙ පඤ‍්චිමෙ චිත‍්තස‍්ස උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං චිත‍්තං නචෙව මුදු හොති, න ච කම‍්මනියං. න ච පභස‍්සරං, පභඞ‍්ගු ච, න ච සම‍්මාසමාධීයති ආසවානං ඛයාය.
මහණෙනි, එ පරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම්, මේ (චාතුර්භූමක) කුශලචිත්තය පිළිබඳ එබඳු උපක්ලේශයෝ පස්දෙනෙක.
කතමෙ පඤ‍්ච? කාමච‍්ඡන්‍දො ව්‍යාපාදො ථීනමිද‍්ධං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං විචිකිච‍්ඡා.
කවර පස්දෙනෙක යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච චිත‍්තස‍්ස උපක‍්කිලෙසා යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං චිත‍්තං න චෙව මුදු හොති, න ච කම‍්මනියං, න ච පභස‍්සරං. පභඞ‍්ගු ච, න ච සම‍්මාසමාධීයති ආසවානං ඛයාය.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම් කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, (අරමුණෙහි) බිඳෙන සැහැවිත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම් චිත්තය පිළිබඳ මේ එබඳු උපක්ලේශයෝ පස්දෙන යි.
යතො ච ඛො භික‍්ඛවෙ චිත‍්තං ඉමෙහි පඤ‍්චහි උපක‍්කිලෙසෙහි විප‍්පමුත‍්තං හොති, තං හොති චිත‍්තං මුදු ච කම‍්මනියඤ‍්ච පභස‍්සරඤ‍්ච, න ච පභඞ‍්ගු, සම‍්මාසමාධීයති ආසවානං ඛයාය. යස‍්ස යස‍්ස ච අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤා සච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
මහණෙනි, යම් හෙයෙකින් සිත මේ පඤ්ච උපක්ලේශයෙන් විමුක්ත වේ නම්, එ සිත මෘදුත් වෙයි, කර්‍මණ්‍යත් වෙයි, නො බිඳෙන සැහැවිත් වෙයි. ආස්‍රවක්‍ෂය පිණිස මොනොවට සමාහිත ද වෙයි. අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම දහම්වෙසෙසක් සඳහා විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත්කරණයට සිත නැඹුරු වේ නම්, ඒ විශෙෂයෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂ (කිරීමෙහි භව්‍ය) භාවයට පැමිණෙයි.
සො සචෙ ආකඞ‍්ඛති: “අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවෙය්‍යං, එකොපි හුත්‍වා බහුධා අස‍්සං -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙය්‍යන‍්ති” තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
හේ ඉදින් ‘අනේකවිධ ඍද්ධිවිධඥානය අනුභව කරන්නෙමි’යි එකක්ව ම බහුප්‍රකාරයෙන් වන්නෙමි යි ... බඹලොව්දු තෙක් කයින් වසය පවත්වන්නෙමි”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
සො සචෙ ආකඞ‍්ඛති: “දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණෙය්‍යං දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ යෙ සන‍්තිකෙ චා”ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
හේ ඉදින් මිනිස්කන ඉක්ම සිටි පිරිසිදු දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරුතන්හි වූ ද සමීපයෙහි වූ ද උභයශබ්දයන් අසන්නෙමි’යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
සො සචෙ ආකඞ‍්ඛති “පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානෙය්‍යං සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති -පෙ- විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍යං, අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍ය”න‍්ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
හේ ඉදින් “පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත චේතෝපරියායඤාණයෙන් සරාගචිත්තය සරාගචිත්තය විසින් දන්නෙමි යි ... විමුත්ත වූ හෝ සිත විමුත්ත චිත්තය යි දන්නෙමැයි, අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිත ය යි දන්නෙ මැ යි” කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
සො සචෙ ආකඞ‍්ඛති “අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යං - සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං ස උද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
හේ ඉදින් “අනේකවිධපූර්‍වේනිවාසය සිහි කෙරෙමැයි එනම්; එක් ජාතියක් ද ජාති දෙකක් ද ... (කියා) මෙසේ අනේකවිධපූර්‍වේනිවාසය සිහි කෙරෙමැ”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
සො සචෙ ආකඞ‍්ඛති “දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍ය”න‍්ති තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.
හේ ඉදින් “මිනිසැස ඉක්ම පවත්නා විශුද්ධ දිවැසින් ... කම් වූ පරිද්දෙන් මිය යන සත්ත්‍වයන් දැනගන්නෙමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
සො සචෙ ආකඞ‍්ඛති “ආසවානං ඛයා (අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං) -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙති.
හේ ඉදින් “ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත චිත්තවිමුත්තිය, ප්‍රඥාවිමුක්තිය ... ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරමි”යි කැමැති වේ නම් ඒ ඒ කරුණෙහි හේතු ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ ය යි.