යෙදුමෙන් කියවන්න

සමාධිසුත‍්තං

5. 1. 3. 7.

5. 1. 3. 7.

[සමාධිසුත‍්තං]

[සමාධි සූත්‍රය]

27. සමාධිං භික‍්ඛවෙ භාවෙථ අප‍්පමාණං නිපකා පතිස‍්සතා. සමාධිං භික‍්ඛවෙ භාවයතං අප‍්පමාණං නිපකානං පතිස‍්සතානං පඤ‍්ච ඤාණානි පච‍්චත‍්තං යෙව උප‍්පජ‍්ජන‍්ති. කතමානි පඤ‍්ච:

27. මහණෙනි, අප්‍රමාණ (ලෝකුත්තර) වූ සමාධිය නුවණැති ව ස්මෘතිසමන්‍වාගතව වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති ව ස්මෘතියෙන් යුක්තව අප්‍රමාණ සමාධිය වඩනවුනට තමා කෙරෙහි ම ප්‍රත්‍යවේක්‍ෂාඥාන පස් දෙනෙක් උපදනාහ. කවර පස්දෙනෙක යත්:

අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙව ආයතිං ච සුඛවිපාකොති පච‍්චත‍්තං යෙව ඤාණං උප‍්පජ‍්ජති. අයං සමාධි අරියො නිරාමිසොති පච‍්චත‍්තං යෙව ඤාණං උප‍්පජ‍්ජති. අයං සමාධි අකාපුරිසසෙවිතො’ති පච‍්චත‍්තං යෙව ඤාණං උප‍්පජ‍්ජති. අයං සමාධි සන‍්තො පණීතො පටිප‍්පස‍්සද‍්ධලද‍්ධො එකොදිභාවාධිගතො න ච සසංඛාරනිග‍්ගය‍්හවාරිතවතො’ති පච‍්චත‍්තං යෙව ඤාණං උප‍්පජ‍්ජති. සො ඛො පනාහං ඉමං සමාධිං සතො ව සමාපජ‍්ජාමි සතො ව උට‍්ඨහාමී’ති පච‍්චත‍්තං යෙව ඤාණං උප‍්පජ‍්ජති.

“මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්න (අධිගත ක්‍ෂණයෙහිත්) සුඛ ඇතියේ ය’යි ද මතුයෙහිත් සුඛවිපාක ඇතියේ ය”යි ද තමා කෙරෙහි ම ඤාණය උපදනේ ය. “මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලෝකාමිසයෙන් තොරය” යි ද තමා තුළම ඤාණය උපදනේය. මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ලද ය”යී තමා තුළම ඤාණය උපදනේය. “මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, කෙලෙස් සන්සිඳවූවහු විසින් ලබන ලදය, එකාග්‍රතායෙන් ලබන ලදය, සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීක ධර්‍මයන් නිගෙණ (සාසවසමාධි මෙන්) උත්සාහයෙන් කෙලෙස් වළහා ලද්දේ නො වේ ය”යි තමා තුළ ම ඤාණය උපදනේ ය. “එ මම සිහි ඇතියෙම් ම මෙ සමාධියට සමවදිමි. සිහි ඇතියෙම් ම ඉන් නැගෙමි”යි තමා තුළම ඤාණය උපදනේය.

සමාධිං භික‍්ඛවෙ භාවෙථ අප‍්පමාණං නිපකා පතිස‍්සතා. සමාධිං භික‍්ඛවෙ භාවයතං අප‍්පමාණං නිපකානං පතිස‍්සතානං ඉමානි පඤ‍්ච ඤාණානි පච‍්චත‍්තං යෙව උප‍්පජ‍්ජන‍්තී’ති,

මහණෙනි, නුවණැති ව එළඹ සිටි සිහි ඇති ව අප්‍රමාණසමාධිය වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති එළඹ සිටි සිහි ඇති අප්‍රමාණසමාධිය වඩනවුනට මේ පඤ්චඤාණයෝ තමා තුළ ම උපදනාහයි.