යෙදුමෙන් කියවන්න

පඤ‍්චඞ‍්ගිකසමාධිසුත‍්තං

5. 1. 3. 8.

5. 1. 3. 8.

[පඤ‍්චඞ‍්ගිකසමාධිසුත‍්තං]

පඤ්චඞ්ගිකසමාධි සූත්‍රය

28. අරියස‍්ස භික‍්ඛවෙ පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මා සමාධිස‍්ස භාවනං දෙසිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමී’ති. එවං භන‍්තෙති’ති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච.

28. මහණෙනි, පසඟින් යුත් ආර්‍ය්‍ය වූ සම්‍යක්සමාධිහුගේ භාවනාව දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය, වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

කතමා ච භික‍්ඛවෙ අරියස‍්ස පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මාසමාධිස‍්ස භාවනා?

මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ග සමන්‍වාගත සම්‍යක් සමාධිහුගේ භාවනා කවර යත්:

(1) ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි (සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං) පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්‍දෙති පරිසන්‍දෙති පරිපූරෙති පරිප‍්ඵරති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස විවෙකජෙන පීතිසුඛෙන අප‍්ඵුටං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ දක‍්ඛො නහාපකො වා නහාපකන‍්තෙවාසී වා කංසථාලෙ නහානියචුණ‍්ණානි ආකිරිත්‍වා උදකෙන පරිප‍්ඵොසකං පරිප‍්ඵොසකං සන‍්නෙය්‍ය, සායං නහානියපිණ‍්ඩි ස‍්නෙහානුගතා ස‍්නෙහපරෙතා සන‍්තරබාහිරා ඵුටා ස‍්නෙහෙන න ච පග‍්ඝරති. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්‍දෙති පරිසන්‍දෙති පරිපූරෙති පරිප‍්ඵරති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස විවෙකජෙන පීතිසුඛෙන අප‍්ඵුටං හොති අරියස‍්ස භික‍්ඛවෙ පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මා සමාධිස‍්ස අයං පඨමා භාවනා.

(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. හෙ මෙ කරජකය ම ප්‍රථමධ්‍යාන විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් තෙත් ගන්වයි. හාත්පස තෙමයි. හාත්පසින් පුරවයි. වටා පතුරුවයි. ඔහුගේ හැම ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කායයාගේ කිසිවක් විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, දක්‍ෂ වූ නැවෑමියෙක් වේවයි නැවෑමි අතවැස්සෙක් වේවයි කස්තලියෙහි නහනසුණු හෙළා දියෙන් ඉස ඉස යම් සේ හනා ද, ඔහුගේ ස්නානීයපිණ්ඩය උදකස්නේහය අනුව ගියේ ස්නෙහ පරිගත වූයේ ඇතුළත - පිටත දියෙන් පහස්නා ලද්දේ නො ද වැගිරෙයි. මහණෙනි, එ පරිදි ම මහණ මේ කරජකය විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමා ලයි. වටා තෙමා ලයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. සර්‍වාඞ්ගයෙන් යුතු ඔහුගේ කායයාගේ කිසිත් විවෙකජප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, පඤ්චාඞ්ග සමන්‍වාගත ආර්‍ය්‍ය සම්‍යක්සමාධිහුගේ මේ ප්‍රථම භාවනාවයි.

(2) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- (සමාධිජං පීතිසුඛං) දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්‍දෙති පරිසන්‍දෙති පරිපූරෙති පරිප‍්ඵරති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස සමාධිජෙන පීතිසුඛෙන අප‍්ඵුටං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ උදකරහදො උබ‍්භිදොදකො, තස‍්ස නෙවස‍්ස පුරත්‍ථිමාය දිසාය උදකස‍්ස ආයමුඛං, න පච‍්ඡිමාය දිසාය උදකස‍්ස ආයමුඛං, න උත‍්තරාය දිසාය උදකස‍්ස ආයමුඛං, න දක‍්ඛිණාය දිසාය උදකස‍්ස ආයමුඛං, දෙවො ච කාලෙන කාලං සම‍්මා ධාරං නානුප‍්පවෙච‍්ඡෙය්‍ය, අථ ඛො තම‍්හා ච උදකරහදා සීතා වාරිධාරා උබ‍්භිජ‍්ජිත්‍වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්‍දෙය්‍ය පරිසන්‍දෙය්‍ය පරිපූරෙය්‍ය පරිප‍්ඵරෙය්‍ය, නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො උදකරහදස‍්ස සීතෙන වාරිනා අප‍්ඵුටං අස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඉමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්‍දෙති පරිසන්‍දෙති පරිපූරෙති පරිප‍්ඵරති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස සමාධිජෙන පීතිසුඛෙන අප‍්ඵුටං හොති. අරියස‍්ස භික‍්ඛවෙ පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මාසමාධිස‍්ස අයං දුතියා භාවනා.

(2) තවද මහණෙනි, මහණ විතර්‍ක - විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ කරජකය ම සමාධිජ ප්‍රීතිසුඛයෙන් මැනැවින් තෙමයි. හාත්පසින් තෙමයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. ඔහුගේ සියලු ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කිසිදු ශරීරාඞ්ගයෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ඇතුළත උනන දිය ඇති දිය විලෙක් යම් බඳු වේ නම්, එයට පැදුම් දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. පැළදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. උතුරුදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. දකුණු දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. මේඝය ද කලින් කල සම්‍යක් වර්‍ෂාධාරාව නො වස්වන්නේ ය. වැලිත්, එ දියවිලින් සීතවාරිධාරායෙක් බිඳ නැගී එ දියවිල ම සිහිල් දියෙන් තෙමන්නේය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. වටා පතුරුවන්නේ ය. එ සියලු දියවිල්හි කිසිවක් සිහිල්දියෙන් නො පහළේ නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම සමාධිජප්‍රීතිසුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේය. පතුරන්නේ ය. ඔහුගේ සියලු සිරිරි පිළිබඳ කිසිදු තැනක් සමාධිජප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මේ ද්විතීය භාවනා යි.

(3) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු පීතියා ච විරාගා -පෙ- (සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති -පෙ-) තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉමමෙව කායං නිප‍්පීතිකෙන සුඛෙන අභිසන්‍දෙති පරිසන්‍දෙති පරිපූරෙති පරිප‍්ඵරති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස නිප‍්පීතිකෙන අප‍්ඵුටං හොති. -

(3) තවද මහණෙනි, මහණ ප්‍රීතිහුගේත් විරාගයෙන් ... සුඛයද කයින් විඳී ... ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිවක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ උප‍්පලිනියං වා පදුමිනියං වා පුණ‍්ඩරීකිනියං වා අප‍්පෙකච‍්චානි උප‍්පලානි වා පදුමානි වා පුණ‍්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද‍්ධානි උදකානුග‍්ගතානි අන‍්තො නිමුග‍්ගපොසීනි, තානි යාවග‍්ගා යාව මූලා සීතෙන වාරිනා අභිසන‍්නානි පරිසන‍්නානි පරිපූරානි පරිප‍්ඵුටානි. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතං උප‍්පලානං වා පදුමානං වා පුණ‍්ඩරීකානං වා සීතෙන වාරිනා අප‍්ඵුටං අස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඉමමෙව කායං නිප‍්පීතිකෙන සුඛෙන අභිසන්‍දෙති පරිසන්‍දෙති පරිපූරෙති පරිප‍්ඵරති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස නිප‍්පීතිකෙන සුඛෙන අප‍්ඵුටං හොති. අරියස‍්ස භික‍්ඛවෙ පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මාසමාධිස‍්ස අයං තතියා භාවනා.

මහණෙනි, නිලුපුල් විලෙක් වේවයි, පියුමාරෙක වේවයි, පඬෙරවිලෙක වේවයි, ඇතැම් උත්පලයෝ හෝ පද්මයෝ හෝ පුණ්ඩරීකයෝ හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් නො නැගුණාහු ජලතල ඇතුළත ම නිමග්නව වඩනා හ. ඔහු අග පටන් මුල දක්වා සිහිල් දියෙන් තෙමුනාහු හාත්පසින් තෙමුනාහු පිරිපුන් වූවාහු හාත්පසින් පහළාහු වෙත්. එ විල්හුගේ සියලු උපුලන්ගේ වේවයි පද්මයන්ගේ වේවයි පුණ්ඩරීකයන්ගේ වේවයි සිහිල් දියෙන් හාත්පස නො පහළ කිසිදු නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. පතුරුවන්නේ ය. ඔහුගේ සියලු කායයාගේ කිසිවක් ම නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මෙ තෘතීයභාවනා යි.

(4) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සුඛස‍්ස ච පාහාණා -පෙ- (උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං) චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද‍්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්‍වා නිසින‍්නො හොති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස පරිසුද‍්ධෙන චෙතසා පරියොදාතෙන අප‍්ඵුටං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො ඔදාතෙන වත්‍ථෙන සසීසං පාරුපිත්‍වා නිසින‍්නො අස‍්ස, නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස ඔදාතෙන වත්‍ථෙන අප‍්ඵුටං අස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඉමමෙව කායං පරිසුද‍්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්‍වා නිසින‍්නො හොති. නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස පරිසුද‍්ධෙන චෙතසා පරියොදාතෙන අප‍්ඵුටං හොති. අරියස‍්ස භික‍්ඛවෙ පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මාසමාධිස‍්ස අයං චතුත්‍ථා භාවනා.

(4) තවද මහණෙනි, මහණ සුඛයාගේද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාවෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වෙසෙයි. හෙ මෙකය ම පරිශුද්ධ පර්‍ය්‍යවදාත චතුර්‍ත්‍ථධ්‍යාන සිතින් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු කායයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂයෙක් සුදුවතින් හිසින් වටා පෙරව ගෙණ හුන්නේ වේද, ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් අවදාතවස්ත්‍රයෙන් නො පහළේ නො වන්නේ ය. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් පතුරුවා ගෙණ හුන්නේ වෙයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිදු දැයෙක් පරිශුද්ධ පර්‍ය්‍යවදාත චිත්තයෙන් නො පහළේ නො වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ චතුර්‍ත්‍ථභාවනා යි.

(5) පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛණානිමිත‍්තං සුග‍්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං, සුප‍්පටිවිද‍්ධං පඤ‍්ඤාය. සෙය්‍යථාපි භික‍්ඛවෙ අඤ‍්ඤො වා අඤ‍්ඤං පච‍්චවෙක‍්ඛෙය්‍ය, ඨිතො වා නිසින‍්නං පච‍්චවෙක‍්ඛෙය්‍ය, නිසින‍්නො වා නිපන‍්නං පච‍්චවෙක‍්ඛෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛණානිමිත‍්තං සුග‍්ගහීතං හොති සුමනසිකතං සූපධාරිතං, සුප‍්පටිවිද‍්ධං පඤ‍්ඤායා’ති. අරියස‍්ස භික‍්ඛවෙ පඤ‍්චඞ‍්ගිකස‍්ස සම‍්මාසමාධිස‍්ස අයං පඤ‍්චමී භාවනා

(5) තවද මහණෙනි, මහණහු විසින් ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත (ඥානය) මොනොවට ගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරණ ලද්දේ, මොනොවට බලන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. මහණෙනි, යම්සේ අනෙකෙක් හෝ අනෙකකු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, සිටගත්තෙක් හෝ හුන්නක්හු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, හුන්නෙක් හෝ හෝනක්හු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත මොනොවට උගන්නා ලදුයේ, මොනොවට මෙනෙහි කරණ ලදුයේ, මොනොවට බලන ලදුයේ, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලදුයේ වෙයි. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්ඤාඞ්ගික සම්‍යක් සමාධිහුගේ මේ පඤ්චම භාවනා යි.

එවං භාවිතෙ ඛො භික‍්ඛවෙ භික‍්ඛු අරියෙ පඤ‍්චඞ‍්ගිකෙ සම‍්මා සමාධිම‍්හි එවං බහුලීකතෙ යස‍්ස යස‍්ස අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤා සච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

මහණෙනි, මහණ මෙසේ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය භාවිත කල්හි මෙසේ බහුලීකෘත කල්හි අභිඥායෙන් පසක් කටයුතු යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස චිත්තය නැඹුරු කරන්නේ ය. කාරණ (අභිඥා) ඇති වත් ම ඒ ඒ විෂයෙහි ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නේ ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ උදකමණිකො ආධාරෙ ඨපිතො පූරො උදකස‍්ස සමතිත‍්තිකො කාකපෙය්‍යො, තමෙනං බලවා පුරිසො යතො යතො ආවජ‍්ජෙය්‍ය, ආගච‍්ඡෙය්‍ය උදකන‍්ති? ‘එවං භන‍්තෙ’.-

මහණෙනි, යම් සේ දියසැළෙක් ආධාරයෙහි තබන ලදුයේ දිය පිරුණේ, සම්භෘත වූයේ (මුව හා සමව පුරුවන ලදුයේ), කාකපෙය වූයේ (කවුඩන් විසින් ගෙල නොනමා පිය හැකි වූයේ) වේ ද, බලවත් පුරුෂයෙක් තෙල දියසැළ යම් යම් පසෙක සිසාරන්නේ වේ නම්, (ඒ ඒ පසෙහි ඒකාන්තයෙන්) දියනැගේ ද? ‘එසේ ය වහන්ස’.

එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු එවං භාවිතෙ අරියෙ පඤ‍්චඞ‍්ගිකෙ සම‍්මා සමාධිම‍්හි එවං බහුලීකතෙ යස‍්ස යස‍්ස අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤා සච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

මහණෙනි, එ පරිදි ම මහණ ආර්‍ය්‍යපඤ්චාඞ්ගික සම්‍යක්සමාධිය මෙ සේ භාවිතවත් ම මෙසේ බහුලිකෘතවත් ම අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් පසක් කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ සමෙ භූමිභාගෙ පොක‍්ඛරණී චතුරස‍්සා ආලිබද‍්ධා පූරා උදකස‍්ස සමතිත‍්තිකා කාකපෙය්‍යා, තමෙනං බලවා පුරිසො යතො යතො ආලිං මුඤ‍්චෙය්‍ය, ආගච‍්ඡෙය්‍ය උදකන‍්ති?. ‘එවං භන‍්තෙ’. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු එවං භාවිතෙ අරියෙ පඤ‍්චඞ‍්ගිකෙ සම‍්මාසමාධිම‍්හි එවං බහුලීකතෙ යස‍්ස යස‍්ස අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤා සච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

මහණෙනි, යම්පරිදි සමභූමිභාගයෙක්හි සිවුරැස් වූ, මියර බැඳි, දිය පිරි, මුවතෙක් පිරි, කවුඩනට (ගෙල නොනමා) පිය හැකි පොකුණෙක් වේ ද, බලවත් පුරුෂයෙක් තෙල මියර බිඳුනේ නම් (එකැතින්) දිය නැගේ ද? ‘එසේය, වහන්ස.’ මහණෙනි, එ පරිදි ම මහණ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ සුභූමියං චාතුම‍්මහාපථෙ ආජඤ‍්ඤරථො යුත‍්තො අස‍්ස ඨිතො ඔධස‍්තපතොදො, තමෙනං දක‍්ඛො යොග‍්ගාචරියො අස‍්සදම‍්මසාරථි අභිරූහිත්‍වා වාමෙන හත්‍ථෙන රස‍්මියො ගහෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන පතොදං ගහෙත්‍වා යෙනිච‍්ඡකං යදිච‍්ඡකං සාරෙය්‍යපි පච‍්චාසාරෙය්‍යපි. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු එවං භාවිතෙ අරියෙ පඤ‍්චඞ‍්ගිකෙ සම‍්මා සමාධිම‍්හි එවං බහුලීකතෙ යස‍්ස යස‍්ස අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤා සච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

මහණෙනි, යම් පරිදි සමබිමෙක්හි සිවුමංසන්‍ධියෙක විනීත අශ්වයන් යෙදූ රථයෙක් (ගමනට) යුතු කොට තැබූ (වහා ගන්නට නිසිසේ සරස්හි) බහාතැබූ කැහිටි ඇතියේ වේ නම්, තෙල රථය දක්‍ෂ වූ අස්දම් සැරි අසැදුරෙක් නැග වමතින් රැහැන් ගෙණ දකුණතින් කැහැටි ගෙණ කැමැති මඟකින් කැමැති වේගයකින් යවන්නේත් නවත්වන්නේත් වෙයි. මහණෙනි, එසේ ම මහණ ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක් සමාධිය මෙසේ භාවිතවත් ම, මෙසේ බහුලීකෘතවත් ම, අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් යම් ධර්‍මයකට විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා සිත නැඹුරු කෙරේ නම්, අභිඥා ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති: “අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවෙය්‍යං: එකොපි හුත්‍වා බහුධා අස‍්සං -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙය්‍ය”න‍්ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

ඉදින් හෙ “අනේකවිධ ඍද්ධිවිධඥානය වළඳම් වයි - එකක්ව ම බහුප්‍රකාර වෙම් වයි ... බඹලොව දක්වා කයින් වසය වටම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ඍද්ධිවිධයෙහි ම අභිඥායතන ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති: “දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය -පෙ- අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණෙය්‍යං දිබ‍්බෙ ච මානුසකෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චා”ති, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

හෙ ඉදින් “විශිෂ්ට වූ ... දිවසෝධයින් දුර වූ ද ලඟ වූ ද, දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද, උභයශබ්දයන් අසම්ව”යි කැමැති වේ නම්, ඒ ඒ ශ්‍රවණයෙහි දිවසෝධා ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති: “පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානෙය්‍යං. සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානෙය්‍යං -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍ය”න‍්ති තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

හෙ ඉදින් “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නෙම් වයි - සරාග වූ හෝ චිත්තය සරාග චිත්තය යි දන්නෙම් වයි ... අවිමුත්ත වූ හෝ චිත්තය අවිමුත්ත චිත්තය යි දන්නෙම්ව”යි ... කැමැති වේ නම්, පරචිත්තඥානය ඇතිවත් ම ඒ ඒ චිත්ත ඥානයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති: “අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යං- සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍ය”න‍්ති තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

හෙ ඉදින් “අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙම්ව යි - එනම්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙම්ව”යි කැමැති වේ නම්, පූර්වේනිවාසඥානය ඇතිවත් ම ඒ ඒ නිවාසයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති: “දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථා කම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍ය”න‍්ති තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ.

හෙ ඉදින් “මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් ... කම් වූ පරිදි මිය යන සත්ත්‍වයන් දනිම්ව”යි කැමැති වේ නම්, දිව්‍යචක්‍ෂුර්ඥානය ඇතිවත් ම ඒ ඒ ඥානාඞ්ගයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.

සො සචෙ ආකඞ‍්ඛති: “ආසවානං ඛයා අනාසවං චෙතො විමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය”න‍්ති තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙති.

හෙ ඉදින් “ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්තප්‍රඥාව) ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැදී වෙසෙම්ව”යි කැමැති වේ නම්, ප්‍රත්‍යය ඇතිවත් ම ඒ ඒ විමුක්තියෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.