යෙදුමෙන් කියවන්න

2. බලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. බල වර්ගය

1. තථාගතබලසුත‍්තවණ‍්ණනා

1. තථාගතබල සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ පුබ‍්බාහං, භික‍්ඛවෙ, අනනුස‍්සුතෙසු ධම‍්මෙසූති අහං, භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු චතූසු සච‍්චධම‍්මෙසු. අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තො පටිජානාමීති චතූසු සච‍්චෙසු චතූහි මග‍්ගෙහි සොළසවිධස‍්ස කිච‍්චස‍්ස කරණෙන අභිජානිත්‍වා වොසානපාරමිං සබ‍්බෙසං කිච‍්චානං නිට‍්ඨිතත‍්තා කතකිච‍්චභාවං පාරං පත‍්තො පටිජානාමීති මහාබොධිපල‍්ලඞ‍්කෙ අත‍්තනො ආගමනීයගුණං දස‍්සෙති. තථාගතස‍්සාති අට‍්ඨහි කාරණෙහි තථාගතස‍්ස. තථාගතබලානීති යථා තෙහි ගන‍්තබ‍්බං, තථෙව ගතානි පවත‍්තානි ඤාණබලානි. ආසභං ඨානන‍්ති සෙට‍්ඨට‍්ඨානං. සීහනාදන‍්ති අභීතනාදං. බ්‍රහ‍්මචක‍්කන‍්ති සෙට‍්ඨචක‍්කං. පවත‍්තෙතීති කථෙති.

දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පුබ්බාහං භික්ඛවෙ අනනුස්සුතෙසු ධම්මෙසු යනු මම, මහණෙනි, පෙර නොඇසූ සිවුසස් දහම්හි යනුයි, අභිඤ්ඤාවොසාන පාරමිප්පත්තො පටිජානාමි යනු සිවුසස්හි සිවුමගින් සොළොස් වැදෑරුම් වූ කටයුතු කිරීමෙන් මනාව දැන අවසානයට පත්වීම නම් වූ සියලු කෘත්‍යයන් නිමවීමෙන් සපිරූ කටයුතු ඇතිබවෙහි පරතෙරට පත්වූයෙම් මනාව දනිමියි මහබෝ පළඟෙහි තමා වෙත පැමිණිය යුතු ගුණය දක්වයි, තථාගතස්ස යනු කරුණු අටකින් තථාගතයන් වහන්සේගේයි, තථාගතබලානි යනු යම්සේ එකරුණුවලින් යා යුතු ද එසේම ගියාවූ පැවතියා වූ ඥානබලයෝයි, ආසභංඨානං යනු ශ්‍රේෂ්ඨ ස්ථානයයි, සීහනාදං යනු අභීත නාදයයි, බ්‍රහ්මචක්කං යනු ශ්‍රේෂ්ඨ චක්‍රයයි, වත්තෙති යනු පැවැත්වීය. කීවේය,

2. සෙඛබලඅග‍්ගසුත‍්තවණ‍්ණනා

2. සෙඛබලඅග්ග සූත්‍ර වර්ණනාව

දුතියෙ සෙඛබලානීති සෙඛානං ඤාණබලානි. අග‍්ගන‍්ති උත‍්තමං. සෙසබලානි ගොපානසියො කූටං විය සඞ‍්ගණ‍්හාතීති සඞ‍්ගාහිකං. තානෙව බලානි සංහතානි කරොතීති සඞ‍්ඝාතනියං.

දෙවැන්නෙහි අග්ගං යනු උතුම් වූයි, සෙසු බලයන් ගොනැස්සෙහි මුදුන මෙන් එකට එක් කෙරේයයි සඞ්ගාහිකං නමි, ඒ බලයන්ම එකට එක්වූවක් කෙරේනුයි සඞ්ඝාතනියං නමි,

3. බලසඞ‍්ඛිත‍්තසුත‍්තවණ‍්ණනා

3. බලසඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ තත්‍ථ මුට‍්ඨස‍්සච‍්චෙ න කම‍්පතීති සතිබලං. උද‍්ධච‍්චෙ න කම‍්පතීති සමාධිබලං.

තෙවැන්නෙහි සෙඛබලානි යනු ශෛක්ෂයන්ගේ ඥානබලයෝයි, එහි සිහිමුළාවෙන් නොසැලේයයි සතිබලං නමි, විසුරුණු බවින් (උඩඟුවෙන්) නොකැලඹේනුයි සමාධිබලං නමි.

4. බලවිත්‍ථතසුත‍්තවණ‍්ණනා

4. බලවිත්ථත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සතිනෙපක‍්කෙනාති එත්‍ථ නෙපක‍්කං වුච‍්චති පඤ‍්ඤා, සා සතියා උපකාරකභාවෙන ගහිතා.

සිවුවැන්නෙහි සතිනෙපක්කෙන යනු මෙහි ප්‍රඥාව නෙපක්ක යයි කියනු ලැබේ, එය සිහියට උපකාරබවින් ගන්නා ලදි,

5-6. බලදට‍්ඨබ‍්බසුත‍්තාදිවණ‍්ණනා

5-6. බලදට්ඨබ්බ ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ සවිසයස‍්මිංයෙව ලොකියලොකුත‍්තරධම‍්මෙ කථෙතුං කත්‍ථ ච, භික‍්ඛවෙ, සද‍්ධාබලං දට‍්ඨබ‍්බන‍්තිආදිමාහ. යථා හි චත‍්තාරො සෙට‍්ඨිපුත‍්තා, රාජාති රාජපඤ‍්චමෙසු සහායෙසු “නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති වීථිං ඔතිණ‍්ණෙසු එකස‍්ස සෙට‍්ඨිපුත‍්තස‍්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්‍ධමාලාලඞ‍්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති. දුතියතතියචතුත්‍ථස‍්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්‍ධමාලාලඞ‍්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති. අථ සබ‍්බපච‍්ඡා රඤ‍්ඤො ගෙහං ගතකාලෙ කිඤ‍්චාපි රාජා සබ‍්බත්‍ථ ඉස‍්සරො, ඉමස‍්මිං පන කාලෙ අත‍්තනො ගෙහෙයෙව “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්‍ධමාලාලඞ‍්කාරාදීනි දෙථා”ති විචාරෙති, එවමෙවං සද‍්ධාපඤ‍්චමෙසු බලෙසු තෙසු සහායෙසු එකතො වීථිං ඔතරන‍්තෙසු විය එකාරම‍්මණෙ උප‍්පජ‍්ජමානෙසුපි යථා පඨමස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සොතාපත‍්තියඞ‍්ගානි පත්‍වා අධිමොක‍්ඛලක‍්ඛණං සද‍්ධාබලමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. යථා දුතියස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සම‍්මප‍්පධානානි පත්‍වා පග‍්ගහලක‍්ඛණං වීරියබලමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. යථා තතියස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සතිපට‍්ඨානානි පත්‍වා උපට‍්ඨානලක‍්ඛණං සතිබලමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. යථා චතුත්‍ථස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං ඣානවිමොක‍්ඛෙ පත්‍වා අවික‍්ඛෙපලක‍්ඛණං සමාධිබලමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. සබ‍්බපච‍්ඡා රඤ‍්ඤො ගෙහං ගතකාලෙ පන යථා ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, රාජාව ගෙහෙ විචාරෙති, එවමෙව අරියසච‍්චානි පත්‍වා පජානනලක‍්ඛණං පඤ‍්ඤාබලමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්තීති එවමිධ පඤ‍්ච බලානි මිස‍්සකානි කථිතානි. ඡට‍්ඨං උත‍්තානත්‍ථමෙව. එවං පුරිමවග‍්ගෙ ච ඉධ ච අට‍්ඨසු සුත‍්තෙසු සෙඛබලානෙව කථිතානි. කරණ‍්ඩකොලවාසී මහාදත‍්තත්‍ථෙරො පනාහ – “හෙට‍්ඨා චතූසු සුත‍්තෙසු සෙඛබලානි කථිතානි, උපරි චතූසු අසෙඛබලානී”ති.

පස්වැන්නෙහි ස්වකීය විෂයෙහිම ලෝකෝත්තර ධර්‍මයන් කීමට “කත්‍ථච භික්ඛවෙ සද්ධාබලං දට්ඨබ්බං” යනාදිය කීය. යම්සේ නම් සිටු පුතුන් සිවුදෙනකු හා රජු යන රජු පස්වැනි කොට ඇති යහළුවන් නැකැත් කෙළින්නෙම්හයි මගට බටකල්හි එක් සිටුපුතකුගේ ගෙට ගියවිට සෙසු සිවුදෙන නිහඬව සිටිත්ද ගෙහිමියාම මොවුන්ට කෑයුතුදෙය බිදිය යුතුදෙය දෙව්, ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් ගෙහි හැසිරෙයි ද දෙවැන්නාගේ, තෙවැන්නාගේ හා සතරවැන්නාගේ ගෙට ගිය විට ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම මොවුනට කෑ යුතු, බිඳියයුතු දෙය දෙව්, ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් හැසිරෙයිද? ඉක්බිති සියල්ලට පසුව රජුගේ ගෙට ගිය විට, රජු සියලු තන්හි අධිපතියා වුවද මෙවිට තමාගේ ගෙහිම මොවුනට කෑ යුතුදෙය බිදිය යුතු දෙය දෙව් ගඳමල් අබරණ ආදිය දෙව්යි කියමින් හැසිරෙයි ද, එපරිද්දෙන්ම ශ්‍රද්ධාව පස්වැනි කොට ඇති ඒ බලයන් යහළුවන් එක්ව මගට බස්නා කල්හි මෙන් එක් අරමුණක උපදනා කල්හි යම්සේ පළමුවැන්නාගේ ගෙහි ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද එසේ සෝවාන් අංගයන්ට පත්ව අධිමොක්‍ෂ ලක්ෂණ ඇති ශ්‍රද්ධා බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්. යම්සේ දෙවැන්නාගේ ගෙහි ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද මෙසේ සම්‍යග්ප්‍රධානයන්ට පත්ව දැඩිව ගැනීම් ලක්‍ෂණ කොට ඇති වීර්යබලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, යම්සේ තෙවැන්නාගේ ගෙහිදී ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද එසේ සතිපට්ඨානයන් බවට පත්ව උපස්ථාන ලක්‍ෂණය ඇති සතිබලයම ජ්‍යෙෂ්ඨයා වෙයි පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, යම්සේ සිවුවැන්නාගේ ගෙහිදී ඉතිරි සිවුදෙන නිහඬව හිඳිත්ද ගෙහිමියාම හැසිරෙයිද මෙසේ ධ්‍යාන විමොක්ෂයන් බවට පත්ව නොවිසිරීම ලක්ෂණකොට ඇති සමාධි බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙත්, සියල්ලට පසුව රජුගේ ගෙට ගියවිට යම්සේ ඉතිරි සිවුදෙනා නිහඬව හිඳිත්ද රජුම ගෙහි හැසිරෙයිද මෙසේ ආර්ය සත්‍යයන්ට පැමිණ මනාව දැනීම ලක්‍ෂණ කොට ඇති ප්‍රඥා බලයම ජ්‍යෙෂ්ඨයා වෙයි, පෙරටුව යන්නා වෙයි, සෙස්සෝ ඊට අනුකූල වෙතැයි මෙසේ මෙහි පඤ්චබලයෝ මිශ්‍රකවම කියන ලද්දාහ. සයවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, එසේ කලින් වර්‍ගයෙහි ද මෙහි ද සූත්‍ර අටෙහි ශෛක්ෂ බලයෝම කියන ලදහ. යට සූත්‍ර සතරෙහි ශෛක්ෂ බලයෝ කියන ලද්දාහුදැයිද මතු සූත්‍ර සතරෙහි අශෛක්ෂ බලයෝ කියන ලද්දාහුදැයිද කරණ්ඩකොල වාසී මහාදේව තෙරණුවෝ පැවසූහ.

7. අත‍්තහිතසුත‍්තවණ‍්ණනා

7. අත්තහිත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සීලාදයො මිස‍්සකාව කථිතා. විමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්තියෙව. විමුත‍්තිඤාණදස‍්සනං පච‍්චවෙක‍්ඛණඤාණං, තං ලොකියමෙව.

සත්වැන්නෙහි ශීල ආදිහු මිශ්‍රකව කියන ලදහ. විමුත්ති යනු අරහත්ඵල විමුක්තියමයි, විමුත්තිඤාණදස්සනං යනු ප්‍රත්‍යවෙක්ෂණ ඥානයයි, එය ලෞකිකමය,

8-10. පරහිතසුත‍්තාදිවණ‍්ණනා

8-10. පරහිත ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ දුස‍්සීලො බහුස‍්සුතො කථිතො, නවමෙ අප‍්පස‍්සුතො දුස‍්සීලො, දසමෙ බහුස‍්සුතො ඛීණාසවොති.

අටවැන්නෙහි දුශ්ශීල බහුශ්‍රැතයා කියන ලදි. නවවැන්නෙහි අල්පශ්‍රැත දුශ්ශීලයායි, දසවැන්නෙහි බහුශ්‍රැත ක්ෂීණාශ්‍රවයා කියන ලදි.

බලවග‍්ගො දුතියො.

දෙවැනි බල වර්‍ගයයි