යෙදුමෙන් කියවන්න

බලදට‍්ඨබ‍්බසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 1. 2. 5.

5. 1. 2. 5.

[බලදට‍්ඨබ‍්බසුත‍්තං]

[බලදට්ඨබ්බ සූත්‍රය]

15. පඤ‍්චිමානි භික‍්ඛවෙ බලානි. කතමානි පඤ‍්ච: සද‍්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං.

15. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.

කත්‍ථ ච භික‍්ඛවෙ සද‍්ධාබලං දට‍්ඨබ‍්බං: චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු එත්‍ථ සද‍්ධාබලං දට‍්ඨබ‍්බං.

මහණෙනි, ශ්‍රද්ධාබලය කොතන්හි දැක්ක යුතු ද? සතර සෝතාපත්‍යඞ්ගයෙහි ය. (අධිමෝක්‍ෂලක්‍ෂණ) ශ්‍රද්ධාබල එහි දැක්ක යුතු යි.

කත්‍ථ ච භික‍්ඛවෙ විරියබලං දට‍්ඨබ‍්බං: චතුසු සම‍්මප‍්පධානෙසු. එත්‍ථ විරියබලං දට‍්ඨබ‍්බං.

මහණෙනි, වීර්‍ය්‍යබල කොතන්හි දැක්ක යුතු ද? සතර සම්‍යක්ප්‍රධානයෙහි ය. (ප්‍රග්‍රහලක්‍ෂණ) වීර්‍ය්‍යබල එහි දැක්ක යුතු යි.

කත්‍ථ ච භික‍්ඛවෙ සතිබලං දට‍්ඨබ‍්බං: චතුසු සතිපට‍්ඨානෙසු. එත්‍ථ සතිබලං දට‍්ඨබ‍්බං.

මහණෙනි, ස්මෘතිබල කොතන්හි දැක්ක යුතු ද? සතර සීවටනෙහි ය. (උපස්ථාන ලක්‍ෂණ) ස්මෘතිබල එහි දැක්ක යුතුයි.

කත්‍ථ ච භික‍්ඛවෙ සමාධිබලං දට‍්ඨබ‍්බං: චතුසු ඣානෙසු. එත්‍ථ සමාධිබලං දට‍්ඨබ‍්බං.

මහණෙනි, සමාධිබල කොහි දැක්ක යුතු ද? සියුදැහැනෙහි ය. (අවික්‍ෂේප ලක්‍ෂණ) සමාධිබල එහි දැක්ක යුතු යි.

කත්‍ථ ච භික‍්ඛවෙ පඤ‍්ඤාබලං දට‍්ඨබ‍්බං: චතුසු අරියසච‍්චෙසු. එත්‍ථ පඤ‍්ඤාබලං දට‍්ඨබ‍්බං.

මහණෙනි, ප්‍රඥාබල කොහි දැක්ක යුතු ද? සතර ආර්‍ය්‍යසත්‍යයෙහි ය. (ප්‍රජානනලක්‍ෂණ) ප්‍රඥාබල එහි දැක්ක යුතු යි.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චබලානීති.

මහණෙනි, මේ පඤ්චබලයෝ යි.

5. 1. 2. 6.

5. 1. 2. 6.

[බලඅග‍්ග සුත‍්තං]

[බලඅග්ග සූත්‍රය]

16. පඤ‍්චිමානි භික‍්ඛවෙ බලානි. කතමානි පඤ‍්ච:

16. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක.

සද‍්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං. පඤ‍්ඤාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චබලානි.

කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං බලානං එතං අග‍්ගං, එතං සඞ‍්ගාහිකං, එතං සඞ‍්ඝාතනියං යදිදං පඤ‍්ඤාබලං.

මහණෙනි, මේ පඤ්චබලයෝ වෙත්. මහණෙනි, මේ පස්බල අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කිමෙක යත්: ප්‍රඥාබල යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ කූටාගාරස‍්ස එතං අග‍්ගං, එතං සඞ‍්ගාහිකං, එතං සඞ‍්ඝාතනියං යදිදං කූටං.

මහණෙනි, යම්සේ කූටාගාරයාගේ තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහික වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එනම් කූටය යි.

එවමෙව ඛො භික‍්ඛවෙ ඉමෙසං පඤ‍්චන‍්නං බලානං එතං අග‍්ගං, එතං සඞ‍්ගාහිකං, එතං සඞ‍්ඝාතනියං යදිදං පඤ‍්ඤාබලන‍්ති.

මහණෙනි, එපරිදි ම මේ පඤ්චබලයන් අතුරින් තෙල අග්‍රය වෙයි, තෙල සාඞ්ග්‍රාහිකය වෙයි, තෙල සඞ්ඝාතනිය වෙයි. එනම්, ප්‍රඥාබල යි.

5. 1. 2. 7.

5. 1. 2. 7.

[අත‍්තහිතසුත‍්තං]

[අත්තහිත සූත්‍රය]

17. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අත‍්තහිතාය පටිපන‍්නො හොති, නො පරහිතාය. කතමෙහි පඤ‍්චහි?

17. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, පරහිතපිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අත‍්තනා සීලසම‍්පන‍්නො හොති, නො පරං සීල සම‍්පදාය සමාදපෙති. අත‍්තනා සමාධිසම‍්පන‍්නො හොති, නො පරං සමාධිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, නො පරං පඤ‍්ඤාසම‍්පදාය සමාදපෙති. අත‍්තනා විමුත‍්තිසම‍්පන‍්නො හොති, නො පරං විමුත‍්තිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති, නො පරං විමුත‍්තිතිඤාණදස‍්සනසම‍්පදාය සමාදපෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සිල්සපන් වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න වෙයි, මෙරමා විමුක්ති සම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න (ප්‍රත්‍යවේක්‍ෂණඥානසම්පන්න) වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගකො භික‍්ඛු අත‍්ත හිතාය පටිපන‍්නො හොති, නො පරහිතායාති.

මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේ නො වෙයි.

5. 1. 2. 8.

5. 1. 2. 8.

[පරහිතසුත‍්තං]

[පරහිත සූත්‍රය]

18. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු පරහිතාය පටිපන‍්නො හොති, නො අත‍්තහිතාය. කතමෙහි පඤ‍්චහි:

18. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි, ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අත‍්තනා න සීලසම‍්පන‍්නො හොති, පරං සීල සම‍්පදාය සමාදපෙති. අත‍්තනා න සමාධිසම‍්පන‍්නො හොති, පරං සමාධිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා න පඤ‍්ඤා සම‍්පන‍්නො හොති, පරං පඤ‍්ඤා සම‍්පදාය සමාදපෙති. අත‍්තනා න විමුත‍්තිසම‍්පන‍්නො හොති, පරං විමුත‍්තිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා න විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නනො හොති, පරං විමුත‍්තිඤාණ දස‍්සන සම‍්පදාය සමාදපෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි. මෙරමා සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ සමාධිසම්පන්න නොවෙයි, මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු පරහිතාය පටිපන‍්නො හොති, නො අත‍්තහිතායාති.

මහණෙනි, මෙ පස්දහමින් සමන්‍වාගත (දුශ්ශීල බහුශ්‍රුත) මහණ මෙරමා හිත පිණිස පිළිපන්නේ වෙයි. ආත්මහිත පිණිස පිළිපන්නේ නො වෙයි.

5. 1. 2. 9.

5. 1. 2. 9.

[නෙව අත‍්තහිත - නො පරහිතසුත‍්තං]

[නේව අත්තහිත - නො පරහිත සූත්‍රය]

19. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු නෙව අත‍්තහිතාය පටිපන‍්නො හොති, නො පරහිතාය. කතමෙහි පඤ‍්චහි:

19. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් නො වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අත‍්තනා න සීලසම‍්පන‍්නො හොති, නො පරං සීල සම‍්පදාය සමාදපෙති. අත‍්තනා න සමාධිසම‍්පන‍්නො හොති, නො පරං සමාධිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා න පඤ‍්ඤා සම‍්පන‍්නො හොති, නො පරං පඤ‍්ඤා සම‍්පදාය සමාදපෙති. අත‍්තනා න විමුත‍්තිසම‍්පන‍්නො හොති, නො පරං විමුත‍්තිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා න විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති, නො පරං විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාය සමාදපෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි. මෙරමා විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් නො කරවයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු නෙව අත‍්තහිතාය පටිපන‍්නො හොති, නො පරහිතායාති.

මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (අල්පශ්‍රැත දුශ්ශීල) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් නො වෙයි.

5. 1. 2. 10.

5. 1. 2. 10.

[අත‍්තහිත-පරහිතසුත‍්තං]

[අත්තහිත - පරහිත සූත්‍රය]

20. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අත‍්තහිතාය ච පටිපන‍්නො හොති පරහිතාය ච. කතමෙහි පඤ‍්චහි:

20. මහණෙනි, පස් දහමෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් වෙයි. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අත‍්තනා ච සීලසම‍්පන‍්නො හොති, පරඤ‍්ච සීලසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච සමාධිසම‍්පන‍්නො හොති, පරඤ‍්ච සමාධිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, පරඤ‍්ච පඤ‍්ඤාසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච විමුත‍්තිසම‍්පන‍්නො හොති, පරඤ‍්ච විමුත‍්තිසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො හොති, පරඤ‍්ච විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාය සමාදපෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සීලසම්පන්න වෙයි. මෙරමාත් සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, මෙරමාත් සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමාත් ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්ති සම්පන්න වෙයි, මෙරමාත් විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. මෙරමාත් විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අත‍්තහිතාය ච පටිපන‍්නො හොති පරහිතාය චාති.

මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (බහුශ්‍රුත ක්‍ෂීණාස්‍රව) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් වෙයි.

බලවග‍්ගො දුතියො.

බලවර්‍ගය දෙ වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අනනුස‍්සුතකූටඤ‍්ච සඞ‍්ඛිත‍්තං විත්‍ථතෙන ච, දට‍්ඨබ‍්බඤ‍්ච පුන කූටං චත‍්තාරොපි හිතෙන චාති.

අනනුස්සුත සූත්‍රය, කූට සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, විත්‍ථත සූත්‍රය, දට්ඨබ්බ සූත්‍රය, පුනකූට සූත්‍රය, හිත සූත සතර දැ යි දසයෙක.