බලවිත්‍ථතසුත‍්තං
5. 1. 2. 4.
5. 1. 2. 4.
[බලවිත්‍ථතසුත‍්තං]
[බලවිත්‍ථත සූත්‍රය]
14. පඤ‍්චිමානි භික‍්ඛවෙ බලානි. කතමානි පඤ‍්ච: සද‍්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ‍්ඤාබලං.
14. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
කතමඤ‍්ච භික‍්ඛවෙ සද‍්ධාබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො සද‍්ධො හොති. සද‍්දහති තථාගතස‍්ස බොධිං: ඉතිපි සො භගවා අරහං -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සද‍්ධාබලං.
මහණෙනි, ශ්‍රද්ධාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්‍යක්සම්බෝධිය හදහයි. “ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනුදු රහත්හ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ. භගවත්හ”යි. මහණෙනි, මේ ශ්‍රද්ධාබල යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ විරියබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො ආරද‍්ධ විරියො විහරති අකුසලානං ධම‍්මානං පහාණාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ විරියබලං.
මහණෙනි, වීර්‍ය්‍යබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතිව වෙසෙයි. ස්ථාමවත් වූයේ, දළපැරකුම් ඇතියේ, කුසල්දහම්හි නො හළ ධුර ඇතියේ වෙයි. මහණෙනි, මේ වීර්‍ය්‍යබල යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ සතිබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවතො සතිමා හොති: පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සතිබලං.
මහණෙනි, ස්මෘතිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ස්මෘතිමත් වෙයි: පරම වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වූයේ, චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරණුයේ වෙයි. මහණෙනි, මේ ස්මෘතිබල යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ සමාධිබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො විවිච‍්චෙව කාමෙහි -පෙ- [පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ-] චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සමාධිබලං.
මහණෙනි, සමාධිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධිබල යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ පඤ‍්ඤාබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ පඤ‍්ඤාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච බලානීති.
මහණෙනි, ප්‍රඥාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ප්‍රඥාවත් වෙයි. උදය - වය කරා යන ආර්‍ය්‍ය වූ නිබ්බේධික වූ මොනොවට දුඃඛක්‍ෂය කරමින් යන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබලය යි කියනු ලැබේ.