තථාගතබලසුත්තං
5. 1. 2. 1.
5. 1. 2. 1.
[තථාගතබලසුත්තං]
[තථාගතබල සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. පුබ්බාහං භික්ඛවෙ අනනුස්සුතෙසු ධම්මෙසු අභිඤ්ඤාවොසානපාරමිප්පත්තො පටිජානාමි.
11. මහණෙනි, මම පෙර නො ඇසූ සියුසස් දහම්හි (සොළොස් කරණී විසින්) වෙසෙසින් දැන (කෘතකෘත්‍ය වන බැවින්) පර්ය්යවසානභාවසඞ්ඛ්යාත පරතෙර පැමිණියෙමි යි පිළිණ කරමි.
පඤ්චිමානි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
මහණෙනි, යම් බලයකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි සිංහනාද කරණ සේක්ද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ තථාගතබලයෝ (ඥානබලයෝ) පස්දෙනෙකි.
කතමානි පඤ්ච: සද්ධාබලං, හිරිබලං ඔත්තප්පබලං, විරියබලං, පඤ්ඤාබලං.
කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි.
ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතීති.
මහණෙනි, යම් බලයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි අභීතනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන්වහන්සේගේ එ තථාගතබලයෝ මොහු පස්දෙන වෙති.
5. 1. 2. 2.
5. 1. 2. 2.
[සෙඛබලඅග්ගසුත්තං]
[සේඛබලඅග්ග සූත්‍රය]
12. පඤ්චිමානි භික්ඛවෙ සෙඛබලානි. කතමානි පඤ්ච: සද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, විරියබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සෙඛබලානි.
12. මහණෙනි, තෙල සෙඛබලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක, යත්: ශ්රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබලයි. මහණෙනි තුලුහු පඤ්චශෛක්ෂබලයෝ යි.
ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං සෙඛබලානං එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං පඤ්ඤාබලං.
මහණෙනි, මේ පඤ්ච ශෛක්ෂබලයන් අතුරින් තෙල අග්‍රය තෙල (ගෝනැස් ගන්නා කූටය සෙයින්) සාඞ්ග්‍රාහිකය (සගන්) වේ. තෙල සන්ධි (මුළුලු) කරන්නේ වේ. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
සෙය්යථාපි භික්ඛවෙ කූටාගාරස්ස එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං කූටං, එවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං සෙඛබලානං එතං අග්ගං, එතං සඞ්ගාහිකං, එතං සඞ්ඝාතනියං යදිදං පඤ්ඤාබලං.
මහණෙනි, යම් සේ කුළුගෙයි තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහිකය වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එ කිමෙක යත්: කූටය (මුදුන-කැණිමඬල) යි. මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් සේඛබලයන් අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: සද්ධාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙන, හිරිබලෙන -පෙ- ඔත්තප්පබලෙන -පෙ- විරියබලෙන -පෙ- පඤ්ඤාබලෙන සමන්නාගතා භවිස්සාම සෙඛබලෙනාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබල වූ ශ්‍රද්ධා බලයෙන් සමන්වාගත වම්හ ... හිරිබලයෙන් ... අපත්‍රපාබලයෙන් ... වීර්‍ය්‍යබලයෙන් ... ශෛක්‍ෂබල වූ ප්‍රඥාබලයෙන් සමන්වාගත වම්හ යි මහණෙනි, මෙසේම තොප හික්මෙන්නේ ය.
5. 1. 2. 3.
5. 1. 2. 3.
[බලසඞ්ඛිත්තසුත්තං]
[බලසඞ්ඛිත්ත සූත්‍රය]
13. පඤ්චිමානි භික්ඛවෙ බලානි. කතමානි පඤ්ච:
13. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්:
සද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානීති.
ශ්රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ යි.