පඨම අගාරව සුත‍්තං
5. 1. 3. 1.
5. 1. 3. 1.
[පඨම අගාරව සුත‍්තං]
[පඨමඅගාරව සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
21. සො වත භික‍්ඛවෙ භික‍්ඛු අගාරවො අප‍්පතිස‍්සො අසභාගවුත‍්තිකො සබ්‍රහ‍්මචාරීසු ආභිසමාචාරිකං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. ආභිසමාචාරිකං ධම‍්මං අපරිපූරෙත්‍වා සෙඛං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සෙඛං ධම‍්මං අපරිපූරෙත්‍වා සීලානි පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සීලානි අපරිපූරෙත්‍වා සම‍්මාදිට‍්ඨිං පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මාදිට‍්ඨිං අපරිපූරෙත්‍වා සම‍්මාසමාධිං පරිපුරෙස‍්සතී’ ති නෙතං ඨානං විජ‍්ජති.
21. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති යටත් පැවතුම් නැති විසදෘශජීවිතවෘත්ති ඇති, එ මහණ එකැතියෙන් (වත් විසින් ප්‍රඥප්තශීලය වූ) ආභිසමාචාරික (උත්තමාචාර) ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. (උත්තමසමාචාර සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ති ශීලසඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා (සතරමහ) සිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සිල් නො පුරා (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග්දෘෂ්ටිය නො පුරා (මාර්‍ග-ඵල) සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො සභාගවුත‍්තිකො සබ්‍රහ‍්මචාරීසු ආභිසමාචාරිකං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති, ආභිසමාචාරිකං ධම‍්මං පරිපූරෙත්‍වා සෙඛං ධම‍්මං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සෙඛං ධම‍්මං පරිපූරෙත්‍වා සීලානි පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සීලානි පරිපූරෙත්‍වා සම‍්මාදිට‍්ඨිං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සම‍්මාදිට‍්ඨිං පරිපූරෙත්‍වා සම‍්මාසමාධිං පරිපූරෙස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය (=යටත් පැවැතුම්) ඇති, සභාගවෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරික ධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සිල් පුරා සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.