යෙදුමෙන් කියවන්න

1. සෙඛබලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සෙඛබල වර්ගය

1. සෙඛබලසඞ‍්ඛිත‍්තසුත‍්තවණ‍්ණනා

1. සෙඛබලසඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව

පඤ‍්චකනිපාතස‍්ස පඨමෙ සත‍්තන‍්නං සෙඛානං බලානීති සෙඛබලානි. සද‍්ධාබලාදීසු අස‍්සද‍්ධියෙ න කම‍්පතීති සද‍්ධාබලං. අහිරිකෙ න කම‍්පතීති හිරීබලං. අනොත‍්තප‍්පෙ න කම‍්පතීති ඔත‍්තප‍්පබලං. කොසජ‍්ජෙ න කම‍්පතීති වීරියබලං. අවිජ‍්ජාය න කම‍්පතීති පඤ‍්ඤාබලං. තස‍්මාති යස‍්මා ඉමානි සත‍්තන‍්නං සෙඛානං බලානි, තස‍්මා.

පඤ්චක නිපාතයේ පළමුවැනි සූත්‍රයෙහි ශෛක්ෂයන් සත්දෙනාගේ බලයෝනුයි සෙඛබලානි නමි, සද්ධාබල ආදියෙහි මිථ්‍යා විශ්වාසයෙන් නොසැලේනුයි සද්ධාබලං නමි, ලජ්ජා නැති බවින් නොසැලේනුයි හිරිබලං නමි, බිය නැති බවින් නොසැලේනුයි ඔත්තප්පබලං නමි, කුසීතබවින් නොසැලෙනුයි විරියබලං නමි, අවිද්‍යාවෙන් නොසැලේනුයි, පඤ්ඤාබලං නමි, තස්මා යනු යම් හෙයකින් මේ ශෛක්ෂයන්ගේ බලයෝ වෙත් ද එහෙයිනි.

2-5. සෙඛබලවිත්‍ථතසුත‍්තාදිවණ‍්ණනා

2-5. සෙඛබලවිත්ථත ආදි සූත්‍ර වර්ණනා

දුතියෙ කායදුච‍්චරිතෙනාතිආදීසු උපයොගත්‍ථෙ කරණවචනං, හිරීයිතබ‍්බානි කායදුච‍්චරිතාදීනි හිරීයති ජිගුච‍්ඡතීති අත්‍ථො. ඔත‍්තප‍්පනිද‍්දෙසෙ හෙත්‍වත්‍ථෙ කරණවචනං, කායදුච‍්චරිතාදීහි ඔත‍්තප‍්පස‍්ස හෙතුභූතෙහි ඔත‍්තප‍්පති භායතීති අත්‍ථො.

දෙවැනි සූත්‍රයෙහි කායදුච්චරිතෙන යනු සම්බන්ධාර්‍ත්‍ථයෙහි කරණ විභක්ති වචනයි. ලජ්ජා කටයුතු කාය දුශ්චරිතාදියේ ලජ්ජාවෙයි පිළිකුල් කරයි යන අර්‍ත්‍ථයයි, ඔත්තප්ප නිර්දේශයෙහි හෙත්‍වර්‍ත්‍ථයෙහි කරණ විභක්ති වවනයි, කායදුශ්චරිතාදී වූ ඔත්තප්පයට හේතුවූ දෙයින් බියවෙයි යන අර්‍ත්‍ථයයි,

ආරද‍්ධවීරියොති පග‍්ගහිතවීරියො අනොසක‍්කිතමානසො. පහානායාති පහානත්‍ථාය. උපසම‍්පදායාති පටිලාභත්‍ථාය. ථාමවාති වීරියථාමෙන සමන‍්නාගතො. දළ‍්හපරක‍්කමොති ථිරපරක‍්කමො. අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසූති කුසලෙසු ධම‍්මෙසු අනොරොපිතධුරො අනොසක‍්කිතවීරියො.

ආරද්ධවිරියො යනු දැඩිසේ ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ නොබසුබස්නා සිත් ඇත්තේයි, පහානාය යනු දුරුකිරීම සඳහායි, උපසම්පදාය යනු ලැබීම සඳහායි, ථාමවා යනු වීර්ය ජවයෙන් යුක්තවූයේයි, දළ්හ පරක්කමො යනු ස්ථීර පරාක්‍රමය ඇත්තේයි, අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු යනු කුසල ධර්‍මයන්හි බහා නොතැබු වගකීම් ඇත්තේ නොපසුබස්නා වීර්ය ඇත්තේයි,

උදයත්‍ථගාමිනියාති පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයවයගාමිනියා උදයඤ‍්ච වයඤ‍්ච පටිවිජ‍්ඣිතුං සමත්‍ථාය. පඤ‍්ඤාය සමන‍්නාගතොති විපස‍්සනාපඤ‍්ඤාය චෙව මග‍්ගපඤ‍්ඤාය ච සමඞ‍්ගිභූතො. අරියායාති වික‍්ඛම‍්භනවසෙන ච සමුච‍්ඡෙදවසෙන ච කිලෙසෙහි ආරකා ඨිතාය පරිසුද‍්ධාය. නිබ‍්බෙධිකායාති සා ච අභිනිවිජ‍්ඣනතො නිබ‍්බෙධිකාති වුච‍්චති, තාය සමන‍්නාගතොති අත්‍ථො. තත්‍ථ මග‍්ගපඤ‍්ඤා සමුච‍්ඡෙදවසෙන අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං දොසක‍්ඛන්‍ධං මොහක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකා, විපස‍්සනාපඤ‍්ඤා තදඞ‍්ගවසෙන නිබ‍්බෙධිකා, මග‍්ගපඤ‍්ඤාය පටිලාභසංවත‍්තනතො තබ‍්බිපස‍්සනා නිබ‍්බෙධිකාති වත‍්තුං වට‍්ටති. සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියාති ඉධාපි මග‍්ගපඤ‍්ඤා සම‍්මා හෙතුනා නයෙන වට‍්ටදුක‍්ඛඤ‍්ච කිලෙසදුක‍්ඛඤ‍්ච ඛෙපයමානා ගච‍්ඡතීති සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනී නාම, විපස‍්සනාපඤ‍්ඤා තදඞ‍්ගවසෙන වට‍්ටදුක‍්ඛඤ‍්ච කිලෙසදුක‍්ඛඤ‍්ච ඛෙපයමානා ගච‍්ඡතීති දුක‍්ඛක‍්ඛයගාමිනී. දුක‍්ඛක‍්ඛයගාමිනියා වා මග‍්ගපඤ‍්ඤාය පටිලාභාය සංවත‍්තනතොපෙසා දුක‍්ඛක‍්ඛයගාමිනීති වෙදිතබ‍්බා. ඉති ඉමස‍්මිං සුත‍්තෙ පඤ‍්ච බලානි මිස‍්සකානෙව කථිතානි, තථා පඤ‍්චමෙ.

උදයත්‍ථගාමිනියා යනු පඤ්චස්කන්ධයන්ගේ හටගැනීම හා විනාශය ඇති කරන්නාවූ හටගැනීම ද, විනාශය ද අවබෝධ කිරීමට සමර්‍ත්‍ථවූයි, අරියාය යනු යටපත් කිරීම් වශයෙන් ද මුලිනුදුරා දැමීම් වශයෙන් ද කෙලෙසුන්ගෙන් දුරුව සිටීමෙන් පිරිසුදුවූයි, පඤ්ඤාය සමන්නාගතො යනු විදර්‍ශනා ප්‍රඥාවෙන් මෙන්ම මාර්‍ග ප්‍රඥාවෙන් ද යුක්ත වූයේයි, නිබ්බෙධිකාය යනු එම ප්‍රඥාවම නිර්‍වේදයට පත්වන බැවින් නිබ්බෙධිකායි කියනු ලැබේ, එයින් යුක්තවූයේය යන අර්‍ත්‍ථයි, එහි මාර්‍ග ප්‍රඥාව මුළුමනින් සිඳලීම් වශයෙන් සිඳලිය නොහැකිවිරූ වූ පලාලිය නොහැකිවිරූ වූ ලොභස්කන්ධය, ද්වෙශ ස්කන්ධය හා මොහස්කන්ධය සිඳලයි සසර දුක ද කෙලෙස් දුක ද පලාලයි යන්නෙන් නිබ්බෙධිකා නමි, විදර්‍ශනා ප්‍රඥාව තාවකාලිකව යටපත් කිරීම් වශයෙන් නිබ්බෙධිකා නමි, මාර්‍ගප්‍රඥාව ලැබීමට හේතුවීම් හෝ වශයෙන් ද විදර්‍ශනාව නිබ්බෙධිකායි කීමට වටියි, සම්මා දුක්ඛක්ඛය ගාමිනියා යනු මෙහි ද මාර්‍ග ප්‍රඥාව මනා හේතුවෙන් ක්‍රමයෙන් සසර දුක හා කෙලෙස් දුක ගෙවමින් යේනුයි සම්මා දුක්ඛක්ඛයගාමිනි නමි, විදර්‍ශනාව තදඞ්ග වශයෙන් සසර දුක ද කෙලෙස් දුක ද ගෙවමින් යන්නේනුයි දුක්ඛක්ඛයගාමීනියි, දුක්දුරු කිරීම ඇති කරවන්නා වූ මාර්‍ග ප්‍රඥාව ලැබීම සඳහා පවතින බැවින් ද මෙය දුක්ඛක්ඛයගාමිනීයි දතයුතුය, මෙසේ මේ සූත්‍රයෙහි පඤ්ච බල මිශ්‍රකවම කියන ලදි, පස්වැනි සූත්‍රයෙහි ද එසේමය,

6. අකුසලසමාපත‍්තිසුත‍්තවණ‍්ණනා

6. අකුසලසමාපත්ති සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අකුසලස‍්ස සමාපත‍්තීති අකුසලධම‍්මස‍්ස සමාපජ‍්ජනා, තෙන සද‍්ධිං සමඞ‍්ගිභාවොති අත්‍ථො. පරියුට‍්ඨාය තිට‍්ඨතීති පරියොනන්‍ධිත්‍වා තිට‍්ඨති.

සවැනි සූත්‍රයෙහි අකුසලස්ස සමාපත්ති යනු අකුශල ධර්‍මයන්ගේ යෙදීමයි, අකුශලධර්‍මය සමඟ එක්වූයේය යන අර්‍ත්‍ථයි, පරියුට්ඨාය තිට්ඨති යනු නැඟී සිටියි.

7. කාමෙසුපලාළිතසුත‍්තවණ‍්ණනා

7. කාමෙසුපලාළිත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ කාමෙසු ලළිතාති වත්‍ථුකාමකිලෙසකාමෙසු ලළිතා අභිරතා. අසිතබ්‍යාභඞ‍්ගින‍්ති තිණලායනඅසිතඤ‍්චෙව තිණවහනකාජඤ‍්ච. කුලපුත‍්තොති ආචාරකුලපුත‍්තො. ඔහායාති පහාය. අලං වචනායාති යුත‍්තං වචනාය. ලබ‍්භාති සුලභා සක‍්කා ලභිතුං. හීනා කාමාති පඤ‍්චන‍්නං නීචකුලානං කාමා. මජ‍්ඣිමා කාමාති මජ‍්ඣිමසත‍්තානං කාමා. පණීතා කාමාති රාජරාජමහාමත‍්තානං කාමා. කාමාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්තීති කාමනවසෙන කාමෙතබ‍්බවසෙන ච කාමාඉච‍්චෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. වුද‍්ධො හොතීති මහල‍්ලකො හොති. අලංපඤ‍්ඤොති යුත‍්තපඤ‍්ඤො. අත‍්තගුත‍්තොති අත‍්තනාව ගුත‍්තො රක‍්ඛිතො, අත‍්තානං වා ගොපෙතුං රක‍්ඛිතුං සමත්‍ථො. නාලං පමාදායාති න යුත‍්තො පමජ‍්ජිතුං. සද‍්ධාය අකතං හොතීති යං සද‍්ධාය කුසලෙසු ධම‍්මෙසු කාතුං යුත‍්තං, තං න කතං හොති. සෙසපදෙසුපි එසෙව නයො. අනපෙක‍්ඛො දානාහං, භික‍්ඛවෙ, තස‍්මිං භික‍්ඛුස‍්මිං හොමීති එවං සද‍්ධාදීහි කාතබ‍්බං කත්‍වාව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතෙ තස‍්මිං පුග‍්ගලෙ අනපෙක‍්ඛො හොමීති දස‍්සෙති. ඉමස‍්මිං සුත‍්තෙ සොතාපත‍්තිමග‍්ගො කථිතො.

සත්වැනි සූතයෙහි කාමෙසු පළාලිතා යනු වස්තු කාම ක්ලේශකාමයන්හි ලොල් වූවාහු ඇඑනාහුයි, අසිතව්‍යාභඞ්ගිං යනු තණ කපන දෑකැත්ත මෙන්ම තණ ගෙනයන කදයි, කුලපුත්තො යනු සදාචාරවත් කුලපුත්‍රයායි, ඔහාය යනු අතහැරයි, අලං වචනාය යනු සුදුසු වචනයටයි, ලබ්හා යනු සුලබවූයි, ලැබීමට හැකි වූයි, හීනා කාමා යනු පස්වැදෑරුම් පහත් කුලයන්ගේ කාමයෝයි, මජ්ඣිමා කාමා යනු මධ්‍යම සත්ත්වයන්ගේ කාමයෝයි, පණිතා කාමා යනු රාජ රාජ මහා මාත්‍යයන්ගේ කාමයෝයි, කාමාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති යනු කැමැතිවීම් වශයෙන් ද කැමති විය යුතු වශයෙන් ද කාමයෝයි. මෙසේ ප්‍රසිද්ධියට යත්, වුද්ධො හොති යනු මහල්ලෙක් වෙයි, අලම්පඤ්ඤො යනු සුදුසු නුවණ ඇත්තේයි. අත්තගුත්තො යනු තමා විසින්ම ගෝපනය කරන කරන ලද්දේ, රක්නා ලද්දේයි, තමාවම හෝ ගෝපනය කිරීමට රැකීමට සමත්වූයේයි, නාලං පමාදාය යනු පමාවීමට නුසුදුසුවූයේයි, සද්ධාය අකතං හොති යනු ශ්‍රද්ධාවෙන් කුශල ධර්‍මයන්හි යමක් කළයුතුද එය නොකරන ලද්දේ වෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, අනපෙඛොදානාහං භික්ඛවෙ තස්මිං භික්ඛුස්මිං හොමි යනු මෙසේ ශ්‍රද්ධාදියෙන් කළයුත්ත කොට සෝවාන් පෙලෙහි පිහිටි ඒ පුද්ගලයා කෙරෙහි බලාපොරොත්තු රහිතවූයේ වෙමියි දවයි, මේ සූත්‍රයෙහි සෝවාන් මාර්‍ගය කියන ලදි.

8. චවනසුත‍්තවණ‍්ණනා

8. චවන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සද‍්ධම‍්මෙති සාසනසද‍්ධම‍්මෙ. අස‍්සද‍්ධොති ඔකප‍්පනසද‍්ධාය ච පක‍්ඛන්‍දනසද‍්ධාය චාති ද‍්වීහිපි සද‍්ධාහි විරහිතො. චවති නප‍්පතිට‍්ඨාතීති ඉමස‍්මිං සාසනෙ ගුණෙහි චවති, පතිට‍්ඨාතුං න සක‍්කොති. ඉති ඉමස‍්මිං සුත‍්තෙ අප‍්පතිට‍්ඨානඤ‍්ච පතිට‍්ඨානඤ‍්ච කථිතං.

අටවැන්නෙහි සද්ධම්මෙ යනු ශාසනික සද්ධර්‍මයෙහියි, අස්සද්ධො යනු විශ්වාසයෙන් ඇතිවූ ශ්‍රද්ධාවෙන් හා ප්‍රත්‍යක්‍ෂ ශ්‍රද්ධාවෙන් යන දෙවැදෑරුම් ශ්‍රද්ධාවෙන් තොරවූයේයි, චවති න පතිට්ඨාති යනු සසුනෙහි ගුණයෙන් පිරිහෙයි, පිහිටීමට නොහැකිවෙයි, මෙසේ මේ සූත්‍රයෙහි නොපිහිටීම ද පිහිටීම ද කියන ලදි,

9. පඨමඅගාරවසුත‍්තවණ‍්ණනා

9. පඨමඅගාරව සූත්‍ර වර්ණනාව

නවමෙ නාස‍්ස ගාරවොති අගාරවො. නාස‍්ස පතිස‍්සොති අප‍්පතිස‍්සො, අජෙට‍්ඨකො අනීචවුත‍්ති. සෙසමෙත්‍ථ පුරිමසදිසමෙව.

නවවැන්නෙහි ඔහුට ගෞරවය නැත්තේනුයි අගාරවො නමි, ඔහුට කීකරු බවක් නැත්තේනුයි අප්පතිස්සො නමි, ජ්‍යෙෂ්ඨ නොවූයේ පහත් පැවැතුම් නැත්තේයි, මෙහි සෙස්ස කලින් සඳහන් කරන ලද්දට සමානය,

10. දුතියඅගාරවසුත‍්තවණ‍්ණනා

10. දුතියඅගාරව සූත්‍ර වර්ණනාව

දසමෙ අභබ‍්බොති අභාජනං. වුද‍්ධින‍්ති වඩ‍්ඪිං. විරූළ‍්හින‍්ති විරූළ‍්හමූලතාය නිච‍්චලභාවං. වෙපුල‍්ලන‍්ති මහන‍්තභාවං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දසවැන්නෙහි අභබ්බො යනු පාත්‍ර නොවූයේයි, වුද්ධිං යනු වැඩයි, විරූළ්හිං යනු වැඩුණු මුල් ඇති බැවින් නිශ්චලභාවයයි, වෙපුල්ලං යනු මහත්බවයි, සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේයි.

සෙඛබලවග‍්ගො පඨමො.

පළමුවැනි සෙඛබල වර්‍ගයයි