යෙදුමෙන් කියවන්න

සික‍්ඛාපච‍්චක‍්ඛානසුත‍්තං

5. 1. 1. 5.

5. 1. 1. 5.

[සික‍්ඛාපච‍්චක‍්ඛානසුත‍්තං]

[සික්ඛාපච්චක්ඛාන සූත්‍රය]

5. යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුණී වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති, තස‍්ස දිට‍්ඨෙ චෙව ධම‍්මෙ පඤ‍්ච සහධම‍්මිකා වාදානුපාතා ගාරය‍්හා ඨානා ආගච‍්ඡන‍්ති. කතමෙ පඤ‍්ච:

5. මහණෙනි, යම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට (ගිහිබවට) වැටේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ සහේතුක වාදප්‍රවෘත්ති (මෙරමා නගන කතා) පසෙක් එළඹේ. කවර පසෙක යත්:

“සද‍්ධාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. හිරීපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. ඔත‍්තප‍්පම‍්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. විරියම‍්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු. පඤ‍්ඤාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම‍්මෙසු.”

“තට කුසල්දහම්හි සැදැහැ ද නො වී. තට කුසල්දහම්හි හිරි ද නො වී. තට කුසල්දහම්හි ඔතප් ද නො වී. තට කුසල්දහම්හි වැර ද නො වී. තට කුසල්දහම්හි පැණ ද නො වී” ය යි.

යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුණී වා සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති, තස‍්ස දිට‍්ඨෙ චෙව ධම‍්මෙ ඉමෙ පඤ‍්ච සහධම‍්මිකා වාදානුපාතා ගාරය‍්හා ඨානා ආගච‍්ඡන‍්ති.

මහණෙනි, යම් කිසි මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටේ නම් ඔහුට දිටුදැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකවාද ප්‍රවෘත්තිහු එළඹෙත්.

යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුණී වා සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අස‍්සුමුඛො රුදමානො පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති, තස‍්ස දිට‍්ඨෙ චෙව ධම‍්මෙ පඤ‍්ච සහධම‍්මිකා පාසංසා ඨානා ආගච‍්ඡන‍්ති. කතමෙ පඤ‍්ච:

මහණෙනි, කිසියම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම පඤ්චසහධාර්මික ප්‍රසංසාස්ථාන කෙනෙක් එත්. කවර පස්දෙනෙක යත්:

සද‍්ධාපි නාම තෙ අහොසි කුසලෙසු ධම‍්මෙසු. හිරීපි නාම තෙ අහොසි කුසලෙසු ධම‍්මෙසු. ඔත‍්තප‍්පම‍්පි නාම තෙ අහොසි කුසලෙසු ධම‍්මෙසු. විරියම‍්පි නාම තෙ අහොසි කුසලෙසු ධම‍්මෙසු. පඤ‍්ඤාපි නාම තෙ අහොසි කුසලෙසු ධම‍්මෙසු.”

“තට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නමුදු වී. තට කුශලධර්‍මයෙහි හිරි නමුදු වී. තට කුශලධර්‍මයෙහි ඔතප් නමුදු වී. තට කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නමුදු වී. තට කුශලධර්‍මයෙහි ප්‍රඥා නමුදු වී” ය යි.

යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු වා භික‍්ඛුණී වා සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අස‍්සුමුඛො රුදමානො පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති තස‍්ස දිට‍්ඨෙ චෙව ධම‍්මෙ ඉමෙ පඤ‍්ච සහධම‍්මිකා. පාසංසා ඨානා ආගච‍්ඡන‍්තීති.

මහණෙනි, කිසියම් මහණෙක් වේ වයි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම් ඔහට වත්මනු බෙවෙහි ම පැසසිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකයෝ පැමිණෙති.