අකුසලසමාපත‍්තිසුත‍්තං
5. 1. 1. 6.
5. 1. 1. 6.
[අකුසලසමාපත‍්තිසුත‍්තං]
[අකුසලසමාපත්ති සූත්‍රය]
6. න තාව භික‍්ඛවෙ අකුසලස‍්ස සමාපත‍්ති හොති. යාව සද‍්ධා පච‍්චුපට‍්ඨිතා හොති කුසලෙසු ධම‍්මෙසු. යතො ච ඛො භික‍්ඛවෙ සද‍්ධා අන‍්තරහිතා හොති, අස‍්සද‍්ධියං පරියුට‍්ඨාය තිට‍්ඨති, අථ අකුසලස‍්ස සමාපත‍්ති හොති.
6. මහණෙනි, කුශලධර්‍මයෙහි යම් තාක් ශ්‍රද්ධා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලයාගේ සමාපත්තියෙක් (වැදගැන්මෙක්) නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ශ්‍රද්ධා අතුරුදන් වේ ද, අශ්‍රද්ධාභාවය මතුව නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලයාගේ සමාපත්තිය වෙයි.
න තාව භික‍්ඛවෙ අකුසලස‍්ස සමාපත‍්ති හොති, යාව හිරි පච‍්චුපට‍්ඨිතා හොති කුසලෙසු ධම‍්මෙසු. යතො ච ඛො භික‍්ඛවෙ හිරි අන‍්තරහිතා හොති, අහිරිකං පරියුට‍්ඨාය තිට‍්ඨති, අථ අකුසලස‍්ස සමාපත‍්ති හොති.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි හිරි එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තියෙක් නො වේ. මහණෙනි, යම් හෙයෙකින් හිරි අතුරුදන් වේ ද, අහිරික භාවය නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
න තාව භික‍්ඛවෙ අකුසලස‍්ස සමාපත‍්ති හොති යාව ඔත‍්තප‍්පං පච‍්චුපට‍්ඨිතං හොති කුසලෙසු ධම‍්මෙසු. යතො ච ඛො භික‍්ඛවෙ ඔත‍්තප‍්පං අන‍්තරහිතං හොති. අනොත‍්තප‍්පං පරියුට‍්ඨාය තිට‍්ඨති, අථ අකුසලස‍්ස සමාපත‍්ති හොති.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි ඔතප් එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ, මහණෙනි, යම් හෙයෙකින් ඔතප් අතුරුදන් වේ ද, අපත්‍රපා නැඟගෙණ සිටුනී වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
න තාව භික‍්ඛවෙ අකුසලස‍්ස සමාපත‍්ති හොති යාව විරියං පච‍්චුපට‍්ඨිතං හොති කුසලෙසු ධම‍්මෙසු. යතො ච ඛො භික‍්ඛවෙ විරියං අන‍්තරහිතං හොති, කොසජ‍්ජං පරියුට‍්ඨාය තිට‍්ඨති, අථ අකුසලස‍්ස සමාපත‍්ති හොති.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් වීර්‍ය්‍ය අතුරුදන් වේ ද, කුසීතභාවය නැඟගෙණ සිටුනේ ද, එකල්හි අකුශල සමාපත්තිය වේ.
න තාව භික‍්ඛවෙ අකුසලස‍්ස සමාපත‍්ති හොති යාව පඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති කුසලෙසු ධම‍්මෙසු. යතො ච ඛො භික‍්ඛවෙ පඤ‍්ඤා අන‍්තරහිතා හොති, දුප‍්පඤ‍්ඤා පරියුට‍්ඨාය තිට‍්ඨති, අථ අකුසලස‍්ස සමාපත‍්ති හොතීති.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි ප්‍රඥා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රඥා අතුරුදන් වේ ද, දුෂ්ප්‍රඥා නැඟගෙණ සිටුනී ද, එකල්හි අකුශල සමාපත්තිය වේ ය යි.