යෙදුමෙන් කියවන්න

කාමෙසුපලාළිතසුත‍්තං

5. 1. 1. 7.

5. 1. 1. 7.

[කාමෙසුපලාළිතසුත‍්තං]

[කාමෙසුපලාළිත සූත්‍රය]

7. යෙභුය්‍යෙන භික‍්ඛවෙ සත‍්තා කාමෙසු පලාළිතා. අසිතව්‍යාභඞ‍්ගිං භික‍්ඛවෙ කුලපුත‍්තො ඔහාය අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, ‘සද‍්ධාපබ‍්බජිතො කුලපුත‍්තො’ති අලං වචනාය. තං කිස‍්ස හෙතු:

7. මහණෙනි, බෙහෙවින් ම සත්ත්‍වයෝ වස්තුකාමක්ලේශකාමයෙහි ප්‍රකර්‍ෂයෙන් ඇලුනාහ. මහණෙනි, කුලපුත් (තණකපන) දෑකැත්ත හා තණ කද තබාපියා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, ‘සැදැහැයෙන් සසුන් වන් කුලපුත්හ’යි කියන්නට නිසි වෙයි. එ කවර හෙයින යත්:

ලබ‍්භා භික‍්ඛවෙ යොබ‍්බනෙන කාමා. තෙ ච ඛො යාදිසා වා තාදිසා වා යෙ ච භික‍්ඛවෙ හීනා කාමා, යෙ ච මජ‍්ඣිමා කාමා, යෙ ච පණීතා කාමා සබ‍්බෙ කාමා ‘කාමා‘ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති.

මහණෙනි, යොවුනෙන් කාමයෝ ලැබිය හෙති. ඔහුදු යම් යම් බඳු වෙති. මහණෙනි, යම් බඳු (පඤ්චහීනකුලයන්ගේ) හීනකාමයෝ වෙත් ද, යම් බඳු (මධ්‍යමසත්ත්‍වයන්ගේ) මධ්‍යමකාමයෝ වෙත් ද, යම් බඳු (රාජාදීන්ගේ) ප්‍රණීත කාමයෝ වෙත් ද, එ හැම කාමයෝ (කාමන විසින්) ‘කාමය හ’ යි ම සඞ්ඛ්‍යාවට යෙත්.

සෙය්‍යථාපි භික‍්ඛවෙ දහරො කුමාරො මන්‍දො උත‍්තානසෙය්‍යකො ධාතියා පමාදමන්‍වාය කට‍්ඨං වා කඨලං වා මුඛෙ ආහරෙය්‍ය, තමෙනං ධාති සීඝසීඝං මනසි කරෙය්‍ය, සීඝසීඝං මනසි කරිත්‍වා සීඝසීඝං ආහරෙය්‍ය, නො චෙ සක‍්කුණෙය්‍ය සීඝසීඝං ආහරිතුං වාමෙන හත්‍ථෙන සීසං පරිග‍්ගහෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන වඞ‍්කඞ‍්ගුලිං කරිත්‍වා සලොහිතම‍්පි ආහරෙය්‍ය. තං කිස‍්ස හෙතු: අත්‍ථෙසා භික‍්ඛවෙ කුමාරස‍්ස විහෙසා, නෙසා නත්‍ථීති වදාමි. කරණීයඤ‍්ච ඛො එතං භික‍්ඛවෙ ධාතියා අත්‍ථකාමාය හිතෙසිනියා අනුකම‍්පිකාය අනුකම‍්පං උපාදාය.

මහණෙනි, යම් පරිද්දෙකින් බොළඳ වූ, උඩුකුරුව හෝනා ලදරු කුමරෙක් කිරිමවගේ පමාදොස නිසා ලීකඩක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි බහාගන්නේ වේ නම් ධාතිතොමෝ වහවහා තෙල කරුණ මෙනෙහි කරයි. වහ වහා මෙනෙහි කොට වහ වහා එය බැහැර කරන්නී වෙයි. ඉදින් වහ වහා බැහැර කරන්නට නොහැකි වූ නම්, වමතින් හිස හම්නාගෙණ දකුණතින් වකැඟිලි කොට ලේ සහිත කොට ද බැහැර කරන්නී ය. එ කවර හෙයින යත්: මහණෙනි, කුමරහට තෙල වෙහෙස ඇත් මය, තෙල නැතැයි නො කියමි. මහණෙනි, (එහෙත්) අර්‍ත්‍ථ කැමැති හිතෛෂිණී අනුකම්පා ඇති ධාතිය විසින් අනුකම්පා පිණිස තෙල කටයුතු ම වෙයි.

යතො ච ඛො සො භික‍්ඛවෙ කුමාරො වුද‍්ධො හොති අලංපඤ‍්ඤො අනපෙක‍්ඛා පන භික‍්ඛවෙ ධාති තස‍්මිං කුමාරෙ හොති ‘අත‍්තගුත‍්තොදානි කුමාරො නාලං පමාදායා’ති.

මහණෙනි, යම් කලෙක පටන් ගෙණ එ කුමර යුතු පමණ පැණැති වෘද්ධයෙක් වේ ද, මහණෙනි, එ සඳ ධාතිය ඒ කුමර කෙරෙහි “දැන් කුමරු ආත්මගුප්ත වෙයි, (තෙමේ ම රැකෙයි.) ප්‍රමාදයට නො නිසි වෙති”යි අපේක්‍ෂාරහිත වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ යාවකීවඤ‍්ච භික‍්ඛුනො සද‍්ධාය අකතං හොති කුසලෙසු ධම‍්මෙසු, හිරියා අකතං හොති කුසලෙසු ධම‍්මෙසු, ඔත‍්තප‍්පෙන අකතං හොති කුසලෙසු ධම‍්මෙසු, විරියෙන අකතං හොති කුසලෙසු ධම‍්මෙසු, පඤ‍්ඤාය අකතං හොති කුසලෙසු ධම‍්මෙසු, අනුරක‍්ඛිතබ‍්බො තාව මෙ සො භික‍්ඛවෙ භික‍්ඛු හොති.

මහණෙනි, එපරිද්දෙන් ම මහණහු විසින් යම් පමණ කල් කුශල ධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි හිරියෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි අපත්‍රපායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, මහණෙනි, මා විසින් එ මහණ එතෙක් රැකිය යුතු වෙයි.

යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො සද‍්ධාය කතං හොති කුසලෙසු ධම‍්මෙසු, හිරියා කතං හොති කුසලෙසු ධම‍්මෙසු, ඔත‍්තප‍්පෙන කතං හොති කුසලෙසු ධම‍්මෙසු, විරියෙන කතං හොති කුසලෙසු ධම‍්මෙසු, පඤ‍්ඤාය කතං හොති කුසලෙසු ධම‍්මෙසු, අනපෙඛො දානාහං භික‍්ඛවෙ තස‍්මිං භික‍්ඛුස‍්මිං හොමි ‘අත‍්තගුත‍්තොදානි භික‍්ඛු නාලං පමාදායා’ති.

මහණෙනි, යම් කලෙක පටන් ගෙණ මහණහු විසින් කුශලධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැ කරණ ලද්දේ වේ ද, හිරියෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, අපත්‍රපායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, මහණෙනි, (සෝවන්පෙලෙහි සිටුනා) එ මහණහු කෙරෙහි “දැන් මහණ ආත්මගුප්ත වෙයි. පමාවට නො නිසි වෙති”යි. අපේක්‍ෂා නැතියෙම් වෙමි යි.