යෙදුමෙන් කියවන්න

චවනසුත‍්තං

5. 1. 1. 8.

5. 1. 1. 8.

[චවනසුත‍්තං]

[චවන සූත්‍රය]

8. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. කතමෙහි පඤ‍්චහි:

8. මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:

අස‍්සද‍්ධො භික‍්ඛවෙ භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. අහිරිකො භික‍්ඛවෙ භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. අනොත‍්තප‍්පී භික‍්ඛවෙ භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. කුසීතො භික‍්ඛවෙ භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. දුප‍්පඤ‍්ඤො භික‍්ඛවෙ භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ.

මහණෙනි, සැදැහැ නැති මහණ (ගුණදහමින්) ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, විළිනැති මහණ ච්‍යුත වෙයි, සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් නැති මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, මැළි මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු චවති, නප‍්පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ.

මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත වෙයි: ශාසනසද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු න චවති, පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත නො වෙයි. ශාසනසද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:

සද‍්ධො භික‍්ඛවෙ භික‍්ඛු න චවති, පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ හිරිමා භික‍්ඛවෙ භික‍්ඛු න චවති, පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. ඔත‍්තප‍්පී භික‍්ඛවෙ භික‍්ඛු න චවති පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ ආරද‍්ධවිරියො භික‍්ඛවෙ භික‍්ඛු න චවති, පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ. පඤ‍්ඤවා භික‍්ඛවෙ භික‍්ඛු න චවති, පතිට‍්ඨාති සද‍්ධම‍්මෙ.

මහණෙනි, සැදැහැති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, විළි ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, රුකුළු වැර ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, ප්‍රඥා ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛූ න චවති පතිට‍්ඨාති සද‍්ධම‍්මෙති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත නො වේ. සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ.