පඨමඅගාරවසුත්තං
5. 1. 1. 9.
5. 1. 1. 9.
[පඨමඅගාරවසුත්තං]
[පඨමඅගාරව සූත්‍රය]
9. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. කතමෙහි පඤ්චහි:
9. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය (බුද්ධාදීන් කෙරෙහි යටත්වැටුම්) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
අස්සද්ධො භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ. අහිරිකො භික්ඛවෙ භික්ඛු -පෙ- අනොත්තප්පී භික්ඛවෙ භික්ඛු -පෙ- කුසීතො භික්ඛවෙ භික්ඛු -පෙ- දුප්පඤ්ඤො භික්ඛවෙ භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ.
මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය (දෙටුවකු) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නොපිහිටුනේ වෙයි. මහණෙනි, විළි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ ච්‍යුත වේ. සද්ධර්මයෙහි නොපිහිටුනේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අගාරවො අප්පතිස්සො චවති, නප්පතිට්ඨාති සද්ධම්මෙ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, (ගුණෙන්) ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නොපිහිටුනේ වෙ යි.
පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති, පතිට්ඨාති සද්ධම්මෙ. කතමෙහි පඤ්චහි:
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, ච්‍යුත නො වේ, සද්ධර්මයෙහි පිහිටුනේ වේ. කවර පසෙකින යත්:
සද්ධො භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති පතිට්ඨාති සද්ධම්මෙ. හිරිමා භික්ඛවෙ භික්ඛු -පෙ- ඔත්තප්පී භික්ඛවෙ භික්ඛු -පෙ- ආරද්ධවිරියො භික්ඛවෙ භික්ඛු -පෙ- සප්පඤ්ඤො භික්ඛවෙ භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති, පතිට්ඨාති සද්ධම්මෙ.
මහණෙනි, සැදැහැති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, ච්‍යුත නො වේ. සද්ධර්මයෙහි පිහිටුනේ වේ. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, ඇරැඹු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, (ගුණෙන්) ච්‍යුත නො වෙයි. සද්ධර්මයෙහි පිහිටුනේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සගාරවො සප්පතිස්සො න චවති, පතිට්ඨාති සද්ධම්මෙති.
missing trans