යෙදුමෙන් කියවන්න

යථාභතසුත‍්තං

5. 1. 1. 4.

5. 1. 1. 4.

[යථාභතසුත‍්තං]

[යථාභත සූත්‍රය]

4 පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි පඤ‍්චහි:

4. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, කුසීතො හොති, දුප‍්පඤ‍්ඤො හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, හිරි නැති වෙයි. ඔතප් නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි තැබුනේ වේ.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, ආරද‍්ධවිරියො හොති, පඤ‍්ඤවා හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. පැණැති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලද්දේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ ය යි.