යෙදුමෙන් කියවන්න

දුක‍්ඛසුත‍්තං

5. 1. 1. 3.

5. 1. 1. 3.

[දුක‍්ඛසුත‍්තං]

[දුක්ඛ සූත්‍රය]

3. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං, කායස‍්ස ච භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා. කතමෙහි පඤ‍්චහි:

3. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත (දුක්) සහිත උපායාස (දැඩි දුකින් උපන් ප්‍රතිඝ) සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, කුසීතො හොති, දුප‍්පඤ‍්ඤො හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා නැති වෙයි. හ්‍රී නැති වෙයි. අපත්‍රපා නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං විහරති සවිඝාතං සවුපායාසං සපරිළාහං, කායස‍්ස ච භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කරයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු යි.

පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස‍්ස ච භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛා. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, ආරද‍්ධවිරියො හොති, පඤ‍්ඤවා හොති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. ප්‍රඥා ඇති වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං, කායස‍්ස ච භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛාති.

මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ විඝාත රහිත උපායාස රහිත පරිදාහ රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු යි.