යෙදුමෙන් කියවන්න

සෙඛබලවිත්‍ථතසුත‍්තං

5. 1. 1. 2.

5. 1. 1. 2.

[සෙඛබලවිත්‍ථතසුත‍්තං]

[සේඛබලවිත්‍ථත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. පඤ‍්චිමානි භික‍්ඛවෙ සෙඛබලානි. කතමානි පඤ‍්ච: සද‍්ධාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං විරියබලං පඤ‍්ඤාබලං.

2. මහණෙනි, මෙ ශෛක්‍ෂබල පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය හිරිබලය ඔත්තප්පබලය විරියබලය පඤ්ඤාබල යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ සද‍්ධාබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො සද‍්ධො හොති. සද‍්දහති තථාගතස‍්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සද‍්ධාබලං.

මහණෙනි, සද්ධාබල කවරේ ය: මහණෙනි, මේ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. “මෙකරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) හදහන්නේ ය. මහණෙනි, මෙ ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ හිරිබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො හිරිමා හොති. හිරීයති කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ හිරිබලං.

මහණෙනි, හිරිබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇති වෙයි. කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය ගරහයි. ලමු අකුසල්දහමුන්ගේ සමාපත්තිය (ආගමනය) ගරහයි. මහණෙනි, මේ හ්‍රී බලයැ” යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ ඔත‍්තප‍්පබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො ඔත‍්තප‍්පී හොති. ඔත‍්තප‍්පති කායදුච‍්චරිතෙන, වචීදුච‍්චරිතෙන, මනොදුච‍්චරිතෙන. ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ඔත‍්තප‍්පබලං.

මහණෙනි, ඔත්තප්පබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අපත්‍රපා ඇති වෙයි. කායදුශ්චරිතහේතුයෙන් වාග්දුශ්චරිතහෙතුයෙන් මනෝදුශ්චරිතහේතුයෙන් බානේ ය. ලාමකඅකුශලධර්‍මයන්ගේ සමාපත්ති හේතුයෙන් බානේ ය. මහණෙනි, මේ අපත්‍රපාබල යැ යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ විරියබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ විරියබලං.

මහණෙනි, විරියබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් (ප්‍රතිලාභ) පිණිස රුකුළුවැර ඇතියේ, ශක්ති ඇතියේ, දළපැරකුම් ඇතියේ, කුශලධර්‍මයෙහි නොබහාලු ප්‍රධන්කිස ඇතියේ වාස කරන්නේ ය. මහණෙනි, මේ විරියබල යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ පඤ‍්ඤාබලං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො පඤ‍්ඤවා හොති, උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ පඤ‍්ඤාබලං.

මහණෙනි, පඤ්ඤාබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු (ස්කන්‍ධයන්ගේ) උදාවිය පිළිවිදුනට සමත් ආර්‍ය්‍ය (කෙලෙසුන් කෙරෙන් වෙන් ව සිටුනා හෙයින් පරිශුද්ධ) වූ නිර්වේධිකා වූ (කෙලෙස් බිඳුනට සමත්) සම්‍යග්හෙතුනය විසින් වටකෙලෙස්දුක් ගෙවමින් යන (විදර්‍ශනාමාර්‍ග) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබල යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චසෙඛබලානි.

මහණෙනි, මොහු පඤ්ඤශෛක්‍ෂබලයෝ යි.

තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: සද‍්ධාබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන. හිරිබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන. ඔත‍්තප‍්පබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන. විරියබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන. පඤ‍්ඤාබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙනාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “ශෛක්‍ෂබලය වූ ශ්‍රද්ධාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හ්‍රීබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ අපත්‍රපාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ වීර්‍ය්‍යබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගතවම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.