යෙදුමෙන් කියවන්න

සෙඛබලසඞ‍්ඛිත‍්තසුත‍්තං

5. 1. 1. 1.

5. 1. 1. 1.

[සෙඛබලසඞ‍්ඛිත‍්තසුත‍්තං]

[සේඛබලසඞ්ඛිත්ත සූත්‍රය]

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් බැණවූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

පඤ‍්චිමානි භික‍්ඛවෙ සෙඛබලානි. කතමානි පඤ‍්ච: සද‍්ධාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං විරියබලං පඤ‍්ඤාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච සෙඛබලානි.

මහණෙනි, මේ ශෛක්‍ෂ (සෝවාන් ආදි හික්මෙන සත්දෙනගේ) බලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය, හිරිබලය, ඔත්තප්පබලය, විරියබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මොහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.

තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: “සද‍්ධාබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන, හිරිබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන, ඔත‍්තප‍්පබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන, විරියබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙන, පඤ‍්ඤාබලෙන සමන‍්නාගතා භවිස‍්සාම සෙඛබලෙනා”ති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබලය වූ සද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හිරිබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ඔත්තප්පබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ විරියබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ පඤ්ඤාබලයෙන් සමන්‍වාගත වම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.