යෙදුමෙන් කියවන්න

නාගිතසුත‍්තං

5. 1. 3. 10.

5. 1. 3. 10.

[නාගිතසුත‍්තං]

[නාගිත සූත්‍රය]

30. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන ඉච‍්ඡානඞ‍්ගලං නාම කොසලානං බ්‍රාහ‍්මණගාමො තදවසරි. තත්‍ර සුදං භගවා ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගල වනසණ‍්ඩෙ.

30. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි චාරිකා කරණ සේක් මහත් බික්සඟුන් හා ඉච්ඡානඞ්ගල නම් කෝශලයන්ගේ බ්‍රාහ්මණ ග්‍රාමයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩ වසන සේක.

අස‍්සොසුං ඛො ඉච‍්ඡානඞ‍්ගලකා බ්‍රාහ‍්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො ඉච‍්ඡානඞ‍්ගලං අනුප‍්පත‍්තො ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගලවනසණ‍්ඩෙ.-

ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරණ බ්‍රාහ්මණ ගෘහපතිහු “ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු ඉච්ඡානඞ්ගලයට ක්‍රමයෙන් ප්‍රාප්තවූවාහු ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි විහරණ කෙරෙති”යි -

”තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති”.-

“ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණකීරිතිඝෝෂයෙක් උස්ව නැංගේය. ඔහු දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දෙසන්නාහ.-

“සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං, බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී”ති.

“ඔහු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දහම් දෙසති. (එසේ දෙසමින් ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කෙරෙති. එබඳු අරහතුන්ගේ දර්‍ශනය මනා වේ යයි” ඇසූහ.

අථ ඛො ඉච‍්ඡානඞ‍්ගලකා බ්‍රාහ‍්මණගහපතිකා තස‍්සා රත‍්තියා අච‍්චයෙන පහූතං ඛාදනීයං භොජනීයං ආදාය යෙන ඉච‍්ඡානඞ‍්ගලවනසණ‍්ඩො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා බහිද‍්වාරකොට‍්ඨකෙ අට‍්ඨංසු උච‍්චාසද‍්දා මහාසද‍්දා.

ඉක්බිති ඉච්ඡානඞ්ගලවැසි බ්‍රාහ්මණගෘහපතිහු එ රැය ඇවෑමෙන් බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් රැගෙණ ඉච්ඡානඞ්ගලවනෂණ්ඩයට එළඹියහ. එළඹ බිහිදොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇත්තාහු සිටගත්හ.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා නාගිතො භගවතො උපට‍්ඨාකො හොති. අථ ඛො භගවා ආයස‍්මන‍්තං නාගිතං ආමන‍්තෙසි: කෙ පනෙතෙ නාගිත උච‍්චාසද‍්දා මහාසද‍්දා කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙති? “එතෙ භන‍්තෙ ඉච‍්ඡානඞ‍්ගලිකා බ්‍රාහ‍්මණගහපතිකා පහුතං ඛාදනීයං භොජනීයං ආදාය බහිද‍්වාරකොට‍්ඨකෙ ඨිතා භගවන‍්තං යෙව උද‍්දිස‍්ස භික‍්ඛුසඞ‍්ඝඤ‍්චා”ති.

එ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවත්හුගේ උපස්ථායක වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: “නාගිතයෙනි, මත්ස්‍ය විලෝපයෙහි (විකුණන තැන) කෛවර්‍තයන් බඳු උස් හඬ ඇති මහ හඬ ඇති ඔහු කවරහ?”යි. “වහන්ස, තෙල ඉච්ඡානඞ්ගල වාසී බ්‍රාහ්මණ ගෘහපතිහු බොහෝ ඛාද්‍යභෝජ්‍ය රැගෙණවුත් භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසඞ්ඝයා ද උදෙසා බිහිදොර කොටුයෙහි සිටියාහු ය”යි.

මාහං නාගිත යසෙන සමාගමො, මා ච මයා යසො. යො ඛො නාගිත නයිමස‍්ස නෙක‍්ඛම‍්මසුඛස‍්ස පවිවෙකසුඛස‍්ස උපසමසුඛස‍්ස සම‍්බොධසුඛස‍්ස නිකාමලාභී අස‍්ස අකිච‍්ඡලාභී අකසිරලාභී, යස‍්සාහං නෙක‍්ඛම‍්මසුඛස‍්ස පවිවෙකසුඛස‍්ස උපසමසුඛස‍්ස සම‍්බොධසුඛස‍්ස නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී, සො තං මීළ‍්හසුඛං මිද‍්ධසුඛං ලාභසක‍්කාරසිලොකසුඛං සාදියෙය්‍යාති.

නාගිතයෙනි, මම යශස් හා සමාගත නො වෙම්වා. යශස් ද මා හා සමාගත නොවේවා. නාගිතයෙනි, මම යම් නෙක්‍ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසමසුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලු වෙම් නම්, නිදුක් සේ ලබන සුලු වෙම් නම්, විපුල කොට ලබන සුලු වෙම් නම්, (එසේ මා ලබන) මේ නෙක්‍ඛම්මසුඛය පවිවේකසුඛය උපසමසුඛය සම්බෝධසුඛය යමෙක් කැමැති සේ ලබන සුලු නොවී නම්, නිදුක්සේ ලබන සුලු නොවී නම්, විපුල කොට ලබන සුලු නොවී නම්, හෙතෙම එ අශුචිසුඛය, නිද්‍රාසුඛය, ලාභසත්කාරයෙන් හා වර්‍ණභණනයෙන් උපන් සුඛය ඉවසන්නේය.

”අධිවාසෙතු’දානි භන‍්තෙ භගවා, අධිවාසෙතු සුගතො. අධිවාසන කාලො’දානි භන‍්තෙ භගවතො. යෙන යෙනෙව’දානි භන‍්තෙ භගවා ගමිස‍්සති, තන‍්නින‍්නාව භවිස‍්සන‍්ති බ්‍රාහ‍්මණ ගහපතිකා නෙගමා චෙව ජානපදා ච.

“වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, සුගතයන් වහන්සේ ඉවසන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට ඉවසන කාලයයි. වහන්ස, යම් ම දිගෙක භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණන් හා ගැහැවිහුදු නියම්ගම් වැස්සන් හා දනවුවැසියෝ ද එදිගට නැඹුරු වූවාහු ම වෙති.

සෙය්‍යථාපි භන‍්තෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ යථානින‍්නං උදකානි පවත‍්තන‍්ති, එවමෙව ඛො භන‍්තෙ යෙන යෙනෙව’දානි භගවා ගමිස‍්සති, තන‍්නින‍්නාව භවිස‍්සන‍්ති බ්‍රාහ‍්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච තං කිස‍්ස හෙතු? තථාහි භන‍්තෙ භගවතො සීලපඤ‍්ඤාණ”න‍්ති.

වහන්ස, යම් පරිදි මහ පොද ඇති වට වස්නා කල්හි නිම්නභූමිය අනුව ම උදකයෝ වටනාහු ද, වහන්ස, එපරිදි ම යම් ම දිගෙක්හි භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණුගෙහෙවියෝ ද නියම්ගම්දනවුවැස්සෝ ද එදිගට නැඹුරුවන්නාහ. එ කවර හෙයින යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ඥානය එබඳු ම (ජනප්‍රිය වනු ම) බැවිනි.

මාහං නාගිත යසෙන සමාගමො, මා ච මයා යසො. යො ඛො නාගිත නයිමස‍්ස නෙක‍්ඛම‍්මසුඛස‍්ස පවිවෙකසුඛස‍්ස උපසමසුඛස‍්ස සම‍්බොධසුඛස‍්ස නිකාමලාභී අස‍්ස අකිච‍්ඡලාභී අකසිරලාභී, යස‍්සාහං නෙක‍්ඛම‍්මසුඛස‍්ස පවිවෙකසුඛස‍්ස උපසමසුඛස‍්ස සම‍්බොධසුඛස‍්ස නිකාමලාභී අකිච‍්ඡලාභී අකසිරලාභී, සො තං මීළ‍්හසුඛං මිද‍්ධසුඛං ලාභසක‍්කාරසිලොකසුඛං සාදියෙය්‍ය. අසිතපීතඛායිතසායිතස‍්ස ඛො නාගිත උච‍්චාරපස‍්සාවො. එසො තස‍්ස නිස‍්සන්‍දො.

නාගිතයෙන්, මම් යශස හා නහමක් සමාගත යෙම්වා, යශස් ද මා හා නහමක් සමාගත වේවා. නාගිතයෙනි, මම් යම් ම නෛෂ්ක්‍රම්‍ය සුඛයක් ප්‍රවිවේක සුඛයක් ව්‍යපශම සුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුල්ලෙම්, නිදුකින් ලබන සුල්ලෙම්, විපුලසේ ලබන සුල්ලෙම් වෙම් ද, යමෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සුඛය, ප්‍රවිවේක සුඛය, ව්‍යපශමසුඛය, සම්බෝධසුඛය කැමැතිසේ නොලබන සුලුයේ, නිදුකින් නොලබන සුලුයේ විපුලසේ නොලබන සුලුයේ වේ නම්, හෙ ඒ අපවිත්‍ර සුඛය, නිද්‍රාසුඛය, ලාභ සත්කාරයෙන් හා වර්‍ණභණනයෙන් උපදනා සුඛය ඉවසන්නේය. නාගිතයෙනි, අසිත, පීත, ඛායිත සායිතයාගේ වනාහි මහවටත් සුලුවටත් (මලමූ) ම වෙයි. තෙල උහුගේ නිෂ්‍යන්‍ද (ඵලය) යි.

පියානං ඛො නාගිත විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙව දුක‍්ඛදොමනස‍්සුපායාසා. එසො තස‍්ස නිස‍්සන්‍දො.

නාගිතයෙනි, ප්‍රියජනයන්ගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, දෘඪආයාසයෝ උපදනාහ. තෙල ඒ ප්‍රියභාවයාගේ නිෂ්‍යන්‍දය වේ.

අසුභනිමිත‍්තානුයොගං අනුයුත‍්තස‍්ස ඛො නාගිත සුභනිමිත‍්තෙ පාටික‍්කූල්‍යතා සණ‍්ඨාති. එසො තස‍්ස නිස‍්සන්‍දො.

නාගිතයෙනි, අශුභනිමිත්තානුයෝගයෙහි අනුයුක්තයාහට (ඉෂ්ටාලම්බන සඞ්ඛ්‍යාත) ශුභ නිමිත්තයෙහි පිළිකුල්බව පිහිටනේ ය. තෙල ඒ අශුභනිමිත්තානුයෝගයාගේ නිෂ්පත්තිය වෙයි.

ඡස‍්සු ඛො නාගිතළු ඵස‍්සායතනෙසු අනිච‍්චානුපස‍්සිනො විහරතො ඵස‍්සෙ පාටික‍්කූල්‍යතා සණ‍්ඨාති. එසො තස‍්ස නිස‍්සන්‍දො.

නාගිතයෙනි, සවැදෑරුම් සපර්‍ශායතනයෙහි අනිත්‍යානුදර්ශීව වසනුවහට ස්පර්‍ශයෙහි පිළිකුල්බව පිහිටනේය. තෙල ඒ අනිත්‍යදර්‍ශනයාගේ නිෂ්පත්තියි.

පඤ‍්චසු ඛො නාගිත උපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සිනො විහරතො උපාදානෙ පාටික‍්කූල්‍යතා සණ‍්ඨාති. එසො තස‍්ස නිස‍්සන්‍දොති.

නාගිතයෙනි, පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදාවිය නුවණින් බලමින් වසනුවහට උපාදානයෙහි පිළිකුල්බව සිටුනේය. තෙල උදයව්‍යයානුදර්‍ශනයාගේ නිෂ්පත්ති යි.

පඤ‍්චඞ‍්ගිකවග‍්ගො තතියො.

පඤ්චාඞ්ගීක වර්‍ගය තුන්වැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙගාරවුපක‍්කිලෙසො දුස‍්සීලානුග‍්ගහෙන ච විමුත‍්තිසමාධිපඤ‍්චඞ‍්ගිකා චඞ‍්කමො නාගිතෙන චාති

අගාරව සූත දෙකෙක, උපක්කිලේස සූත්‍රය, දුස්සීල සූත්‍රය, අනුග්ගහ සූත්‍රය, විමුත්ති සූත්‍රය, සමාධි සූත්‍රය, පඤ්චඞ්ගික සූත්‍රය, චඞ්කම සූත්‍රය, නාගිත සූත්‍රය දැයි දශයෙක.