භත්තුද්දෙසක සුත්තං
[භත්තුද්දෙසක සුත්තං]
[භත්තුද්දෙසක සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි:
1. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං න ජානාති.
ඡන්දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව නො දනී.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො න සම්මන්නිතබ්බො.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය.
පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි:
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං ජානාති.
ඡන්දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව දනියි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො සම්මන්නිතබ්බො’ති.
මහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ යයි.