දුතියභත්තුද්දෙසකාදිසුත්තානි
[දුතියභත්තුද්දෙසකාදිසුත්තානි]
[දුතිය භත්තුද්දෙසකාදි සූත්ර]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2-5. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො න සම්මන්නිතබ්බො. සම්මතොපි න පෙසෙතබ්බො. [කතමෙහි පඤ්චහි: ඡන්දාගතිං ගච්ඡති] -පෙ-
2-5. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ නමුදු [බත් උදෙසනු සඳහා] නො යැවිය යුතු ... [ කවර පසෙකින් යත්: ඡන්දාගතියට යෙයි ...]
[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] භත්තුද්දෙසකො සම්මන්නිතබ්බො, සම්මතොපි පෙසෙතබ්බො. කතමෙහි පඤ්චහි: න ඡන්දාගතිං ගච්ඡති), -පෙ-
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ සම්මත කටයුතු, සම්මත වූයේ [බත් උදෙසනු සඳහා] යැවිය යුතු ... [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි ...]
[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] බාලොවෙදිතබ්බො. [කතමෙහි පඤ්චහි: ඡන්දාගතිං ගච්ඡති] -පෙ-
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ] බාලයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට යෙයි ...]
[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] පණ්ඩිතො වෙදිතබ්බො. [කතමෙහි පඤ්චහි: න ඡන්දාගතිං ගච්ඡති] -පෙ-
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත බත් උදෙසන මහණ] පණ්ඩිතයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි ...]
[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] ඛතං උපහතං අත්තානං පරිහරති. -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] සාරා දමන ලද ගුණ ඇති නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: … ඡන්දයෙන් අගතියට යෙයි ...]
[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. -පෙ- [න ඡන්දාගතිං ගච්ඡති -පෙ-]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] නො සාරා දැමූ ගුණ ඇති නො නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි ...]
[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... [ඡන්දයෙන් අගතියට යයි ...]
[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
[මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:]
න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං ජානාති.
ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, උදෙසන ලද නො උදෙසන ලද බව දනී.
ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත බත් උදෙසන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි උපදනේ යි.