යෙදුමෙන් කියවන්න

සෙනාසන පඤ‍්ඤාපකාදි සුත‍්තානි

[සෙනාසන පඤ‍්ඤාපකාදි සුත‍්තානි]

[සේනාසනපඤ්ඤාපකාදි සූත්‍ර]

[සාවත්‍ථිනිදානානි]

[සැවැත්නිදාන යි]

6. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සෙනාසනපඤ‍්ඤාපකො න සම‍්මන‍්නිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි:

6. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සේනාසන පඤ්ඤාපක මහණ සම්මත නො කටයුතු. කවර පසෙකින යත්:

ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති, පඤ‍්ඤත‍්තාපඤ‍්ඤත‍්තං න ජානාති.

ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් නො දනියි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සෙනාසනපඤ‍්ඤාපකො න සම‍්මන‍්නිතබ‍්බො.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත නො කටයුතු.

පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සෙනාසනපඤ‍්ඤාපකො සම‍්මන‍්නිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි:

මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත කළ යුතු. කවර පසෙකින් යත්:

න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, පඤ‍්ඤත‍්තාපඤ‍්ඤත‍්තං ජානාති

ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් දනියි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සෙනාසනපඤ‍්ඤාපකො සම‍්මන‍්නිතබ‍්බො’ති.

මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත කටයුත්තේ යි.

7. පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සෙනාසනගාහාපකො න සම‍්මන‍්නිතබ‍්බො. -පෙ- [ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ-] ගහිගාගහිතං න ජානාති -පෙ-

7. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත සෙනසුන් ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් සෙනසුන් නො දනියි. ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සෙනාසනගාහාපකො සම‍්මන‍්නිතබ‍්බො. -පෙ- [ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ-] ගහිතාගහිතං ජානාති. -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සෙනසුන් ගන්වන මහණ සම්මතකටයුතු ... ගත් නො ගත් සෙනසුන් දනියි ...

8. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] භණ‍්ඩාගාරිකො න සම‍්මන‍්නිතබ‍්බො. -පෙ- (ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ-) ගුත‍්තාගුත‍්තං න ජානාති -පෙ-

8. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] භණ‍්ඩාගාරිකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- [ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ-] ගුත‍්තාගුත‍්තං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය දනී ...

9. [පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො] චීවරපටිග‍්ගාහකො න සම‍්මන‍්නිතබ‍්බො. -පෙ- [ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ-] ගහිතාගහිතං න ජානාති -පෙ-

9. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට යෙයි ...] ගත් නො ගත් සිවුරු නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] චීවරපටිග‍්ගාහකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- ගහිතාගහිතං ජානාති -පෙ-

[මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් සිවුරු දනියි.

10. [පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො] චීවරභාජකො න සම‍්මන‍්නිතබ‍්බො. -පෙ- ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ- භාජිතාභාජිතං න ජානාති -පෙ-

10. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු බෙදන මහණ සම්මත නො කටයුතු ... බෙදූ නො බෙදූ සිවුරු නො දනී ...

[පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො] චීවරභාජකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- භාජිතාභාජිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ සිවුරු දනියි ...

11. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යාගුභාජකො න සම‍්මන‍්නිතබ‍්බො. -පෙ-] භාජිතාභාජිතං න ජානාති. -පෙ-

11. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] යාගුභාජකො සම‍්මන‍්නිතබ‍්බො. -පෙ- භාජිතාභාජිතං ජානාති. -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් දනියි ...

12. [පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො] ඵලභාජකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- භාජිතාභාජිතං න ජානාති -පෙ-

12. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඵල බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඵල නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො] ඵලභාජකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- භාජිතාභාජිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඵල බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඵල දනී ...

13. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] ඛජ‍්ජකභාජකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- භාජිතාභාජිතං න ජානාති -පෙ-

13. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඛාද්‍ය බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්‍ය නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො] ඛජ‍්ජකභාජකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- භාජිතාභාජිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඛාද්‍ය බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්‍ය දනී ...

14. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- විස‍්සජ‍්ජිතාවිස‍්සජ‍්ජිතං න ජානාති -පෙ-

14. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජජකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- විස‍්සජ‍්ජිතාවිස‍්සජ‍්ජිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර දනියි ...

15. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සාටිකගාහාපකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- ගහිතාගහිතං න ජානාති -පෙ-

15. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් වැසිසළු නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සාටිකගාහාපකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- ගහිතාගහිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් වැසිසළු දනියි ...

16. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] පත‍්තගාහාපකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- ගහිතාගහිතං න ජානාති -පෙ-

16. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] පාත්‍රය ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් පාත්‍රය නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] පත‍්තගාහාපකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- ගහිතාගහිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] පාත්‍රය ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් පාත්‍රය දනියි ...

17. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] ආරාමිකපෙසකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- පෙසිතාපෙසිතං න ජානාති -පෙ-

17. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] ආරාමිකපෙසකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- පෙසිතාපෙසිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා දනී ...

18. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සාමණෙරපෙසකො න සම‍්මන‍්නිතබ‍්බො -පෙ- පෙසිතාපෙසිතං න ජානාති -පෙ-

18. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු නොදනි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සාමණෙරපෙසකො සම‍්මන‍්නිතබ‍්බො -පෙ- පෙසිතාපෙසිතං ජානාති -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනියි ...

19. [පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සාමණෙරපෙසකො න සම‍්මන‍්නිතබ‍්බො. සම‍්මතො’පි න පෙසෙතබ‍්බො -පෙ-

19. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සාමණරපෙසක මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ ද නො මෙහෙයන්නේය ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො] සාමණෙරපෙසකො සම‍්මන‍්නිතබ‍්බො, සම‍්මතො පෙසෙතබ‍්බො -පෙ-

[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සාමණේරපෙසක මහණ සම්මත කටයුතු. සම්මත වූයේ මෙහෙයන්නේය ...

20. පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො. සාමණෙර පෙසකො) බාලො වෙදිතබ‍්බො. [-පෙ- ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ-]

20. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසෙක බාල මහණ] දතයුතු … [ඡන්‍දාගතියට යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනී ...]

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සාමණෙරපෙසකො] පණ‍්ඩිතො වෙදිතබ‍්බො -පෙ- [න ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ- පෙසිතාපෙසිතං ජානාති] -පෙ-

[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක පණ්ඩිත මහණ] දතයුතු ... [ඡන්‍දාගතියට නො යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් දනී ...]

21. [පඤ‍්චෙහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සාමණෙර පෙසකො] ඛතං උපහතං අත‍්තානං පරිහරති -පෙ- ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ- පෙසිතාපෙසිතං න ජානාති [-පෙ-]

21. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] සාරා දැමූ ගුණ ඇති නැසූ ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි ... [ඡන්‍දාගතියට යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනී ...]

[පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සාමණෙර පෙසකො] අක‍්ඛතං අනුපහතං අත‍්තානං පරිහරති -පෙ- න ඡන්‍දාගතිං ගච‍්ඡති -පෙ- පෙසිතාපෙසිතං ජානාති -පෙ-

මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ නො සාරාලූ ගුණ ඇති නො නැසූ ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි ... [ඡන්‍දාගතියට නො යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් දනී ...]

22. [පඤ‍්චෙහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සාමණෙර පෙසකො] යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ -පෙ- පෙසිතාපෙසිතං න ජානාති -පෙ-

22. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනියි ...

[පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො සාමණෙර පෙසකො] යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි පඤ‍්චහි:

[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ ය ... කවර පසෙකින් යත්:

න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, පෙසිතාපෙසිතං ජානාති.

ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනී.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො සාමණෙරපෙසකො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ’ති.

මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත හෙරණුන් මෙහෙයන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යයි.